හිතෝපදේශ
4 මගේ දරුවෙනි, මේ අහන්න. තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන හික්මවීම් පිළිගන්න.+
එයාට ඇහුම්කන් දීලා තේරුම්ගැනීමේ හැකියාව දියුණු කරගන්න.
2 මොකද මං ඔයාලට දෙන උපදෙස් යහපත්.
මගේ ආඥා පිළිපැදලා දිගටම ජීවත් වෙන්න.+
5 ප්රඥාව ලබාගෙන තේරුම්ගැනීමේ හැකියාව දියුණු කරගන්න.+
මං කියන දේවල් අමතක කරන්නවත් ඒවායින් පිට පනින්නවත් එපා.
6 ප්රඥාව අත්හරින්න එපා. ඒකෙන් ඔයාට ආරක්ෂාව ලැබෙයි.
ප්රඥාවට ආදරේ කරන්න. ඒකෙන් ඔයාගේ ජීවිතේ රැකෙයි.
7 වැදගත්ම දේ වෙන්නේ ප්රඥාවයි.+ ඒ නිසා ප්රඥාව ලබාගන්න.
ඔයා ලබාගන්න අනිත් හැම දේකටම අමතරව
තේරුම්ගැනීමේ හැකියාව ලබාගන්නත් අමතක කරන්න එපා.+
8 ප්රඥාව උසස් කරලා සලකන්න. එතකොට ඒක ඔයාව උසස් කරයි.+
ඔයා ඒක වැලඳගන්න නිසා ඒක ඔයාව ගෞරවයට පත් කරයි.+
9 ඒක ඔයාගේ හිසට ලස්සන කිරුළක් වගෙත්
අලංකාර ඔටුන්නක් වගෙත් වෙයි.”
12 එතකොට ඔයා ඇවිදිද්දී ගමනට බාධාවක් වෙන්නේ නැහැ.
ඔයා දුවද්දී ඔයාගේ පය පැටලිලා වැටෙන්නෙත් නැහැ.
13 ඔයාට ලැබෙන හික්මවීම් පිළිගන්න. ඒවා අමතක කරන්න එපා.+
ඒවා හැමදාටම හිතේ තියාගන්න. මොකද ඒකෙන් ඔයාට ජීවනය ලැබෙයි.+
16 මොකද නපුරක් කරන කල් දුෂ්ටයන්ට නින්ද යන්නේ නැහැ.
කාට හරි හිරිහැරයක් කරන කල් නින්ද එයාලාගේ අහලකටවත් එන්නේ නැහැ.
17 එයාලා කෑම කන්නේ දුෂ්ටකම් කරලා හම්බ කරපු සල්ලිවලින්.
වයින් බොන්නේ දරුණු අපරාධ කරලා උපයගත්ත මුදල්වලින්.
18 ඒත් ධර්මිෂ්ඨයන්ගේ මාවත, දීප්තිමත් අලුයම් ආලෝකය වගෙයි.
ඒ එළිය ටිකෙන් ටික වැඩි වෙලා මහ දවාලේ දීප්තියෙන් බැබළෙනවා.+
19 දුෂ්ටයන්ගේ මාවත ඝන අන්ධකාරයෙන් වැහිලා.
එයාලා පැටලිලා වැටෙන්නේ මොකක් නිසාද කියලා එයාලවත් දන්නේ නැහැ.
20 මගේ පුතේ, මං කියන දේවලට අවධානය දෙන්න.
ඒවාට හොඳින් ඇහුම්කන් දෙන්න.
21 කවදාවත් ඒවා අමතක කරන්න එපා.
ඒවා ඔයාගේ හිතේ නිධන් කරගන්න.+
22 මොකද මගේ වචන පිළිගන්න අයට ජීවනය ලැබෙනවා.+
ඒවාවලින් මුළු ගතටම සුවයක් ලැබෙනවා.
27 දකුණටවත් වමටවත් හැරෙන්න එපා.+
නපුරු මාර්ගයෙන් අයින් වෙන්න.