ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. ගිටිත්* සඳහා. කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+
2 යෙහෝවාගේ කූඩාරමේ මළුවට යන්න මට තියෙන ආශාව මොන තරම්ද!+
එහෙට යන්න ලැබෙන කල් මං බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්.
බලන් ඉඳලාම මම හෙම්බත් වෙලා!
මගේ මුළු හදවතින්ම, මුළු ශක්තියෙන්ම ජීවමාන දෙවියන්ට ප්‍රීති ඝෝෂා නඟනවා.
3 මගේ රජුත් මගේ දෙවියනුත් වන ස්වර්ගයේ සේනාවල අධිපති යෙහෝවා,
ඔබේ ශ්‍රේෂ්ඨ පූජාසනය ළඟ
කිරිල්ලියටත් නිවහනක් තියෙනවා.
වැහිළිහිණියාටත් ඇගේ පැටව් තියන්න කැදැල්ලක් තියෙනවා.
4 ඔබේ ගෘහයේ ඉන්න ලැබෙන අය ජීවත් වෙන්නේ හරිම සතුටින්.+
ඔවුන් නොනවත්වාම ඔබට ප්‍රශංසා කරනවා.+ (සීලාහ්)
6 ඔවුන් බේකා නිම්නය* හරහා ගියත්
ඔවුන් ඒක සලකන්නේ දිය දහරා ගලා බසින තැනක් විදිහටයි.
මුලින්ම ඇද හැලෙන වැස්සෙන් ඒ මුළු ප්‍රදේශයම අලංකාරවත් වෙනවා.*
7 කොයි තරම් දුරක් ඇවිදන් ගියත්
ඔවුන් විඩාවට පත් නොවී තව තවත් ශක්තිමත් වෙනවා.+
සියොන්වල ඉන්න දෙවියන් ඉස්සරහට ඔවුන් හැමෝටම යන්න ලැබෙනවා.
8 ස්වර්ගයේ සේනාවල දෙවි යෙහෝවා, මගේ යාච්ඤාව අහන්න.
යාකොබ්ගේ දෙවියනි, මට සවන් දෙන්න. (සීලාහ්)
දුෂ්ටයන්ගේ කූඩාරම්වල ඉන්නවා වෙනුවට
මගේ දෙවියන්ගේ ගෘහයේ දොරකඩ ළඟ ඉන්න මං තෝරගන්නවා.
11 මොකද යෙහෝවා දෙවියන් හිරු වගේ.+ ඔහු පලිහක් වගේ.+
ඔහුට විශ්වාසවන්තව ඉන්න අයට ඔහු හැම යහපත් දෙයක්ම ලබා දෙනවා.+
යෙහෝවා ඔවුන්ට අනුමැතිය දීලා ඔවුන්ව ගෞරවයට පත් කරනවා.