හිතෝපදේශ
6 මගේ පුතේ, ඔයාගේ අසල්වැසියා වෙනුවෙන් ඇපකරුවෙක් වෙන්න ඔයා ඉදිරිපත් වෙලා තියෙනවා නම්,+
අඳුරන්නේ නැති කෙනෙක්ට අතට අත දීලා පොරොන්දුවක් වෙලා තියෙනවා නම්,+
2 ඔයා දුන්න පොරොන්දුව නිසා ඔයා කරදරේක වැටිලා නම්,
ඔයා කියපු වචන දැන් ඔයාටම උගුලක් වෙලා නම්,+
3 මගේ පුතේ, ඔයාගේ අසල්වැසියාගේ අතට ඔයා අහු වෙලයි ඉන්නේ.
ඒ නිසා එයාගෙන් නිදහස් වෙන්න මෙහෙම කරන්න.
ඉක්මනින්ම එයා ළඟට ගිහින් ඒ පොරොන්දුවෙන් ඔයාව නිදහස් කරන්න කියලා බැගෑපත්ව ඉල්ලන්න.+
4 එයාගෙන් නිදහස් වෙන කල් නිදාගන්න එපා.
ඇස් පියවෙන්න දෙන්නත් එපා.
5 දඩයක්කරුවෙක්ගෙන් බේරිලා යන මුවෙක්* වගෙත්
කුරුලු දඩයක්කරුගෙන් බේරිලා යන කුරුල්ලෙක් වගෙත් එයාගෙන් ගැලවිලා යන්න.
7 ඌට අණ දෙන්නවත් උගේ වැඩ බලන්නවත්
ඌව පාලනය කරන්නවත් කවුරුත් නැහැ.
8 ඒත් ගිම්හාන කාලේදී ඌ කෑම සූදානම් කරගන්නවා.+
අස්වැන්න නෙළන කාලේදී ආහාර රැස් කරගන්නවා.
9 කම්මැළියා, තව කොච්චර වෙලාවක් ඔයා නිදාගෙන ඉන්නවාද?
ඔයා නින්දෙන් ඇහැරෙන්නේ කීයටද?
10 තව ටිකක් නිදාගන්න. තව ටිකක් හාන්සි වෙලා ඉන්න.
අත් දෙක බැඳගෙන හොඳට නිදාගන්න.+
11 එතකොට දුප්පත්කම මංකොල්ලකරුවෙක් වගෙත්
අගහිඟකම් අවි ගත්ත කෙනෙක් වගෙත් හදිස්සියේම ඔයා පිටට එයි.+
14 එයාගේ හිත අන්තිම පහත් අදහස්වලින් පිරිලා.
එයා නිතරම දුෂ්ට දේවල් කරන්න කුමන්ත්‍රණය කරනවා.+
එකිනෙකා අතරේ භේද පතුරුවනවා.+
15 ඒ නිසා හදිස්සියේම එයා පිටට විනාශය එයි.
එක මොහොතකින් එයා නැති වෙලා යයි.
එයාට කොහොමටවත් බේරෙන්න බැහැ.+
16 යෙහෝවා හෙළා දකින දේවල් හයක් තියෙනවා.
ඔහු පිළිකුල් කරන දේවල් හතක් තියෙනවා.
17 උඩඟු ඇස්,+ බොරු කියන දිව,+ අහිංසකයන්ගේ ලේ හලන අත්,+
18 දුෂ්ට කුමන්ත්‍රණ කරන හිත,+ නපුරු දේවල් කරන්න ඉක්මන් වෙන පාද,
19 කට ඇරියොත් බොරු සාක්ෂි දෙන අය+ සහ සහෝදරයන් අතරේ භේද පතුරුවන අය.+
21 නිතරම ඒවා ඔයාගේ හිතේ තියාගන්න.
ඒවා ඔයාගේ ගෙල වටේ බැඳගන්න.
22 එතකොට ඔයා ඇවිදිද්දී ඒවා ඔයාට මඟ පෙන්වයි.
ඔයා විවේකයෙන් ඉද්දී ඒවා ඔයාව ආරක්ෂා කරයි.
ඔයා අවදි වෙද්දී ඔයාට ඒවා මතක් වෙයි.*
24 ඒවා ඔයාව නරක ස්ත්‍රියගෙන් ආරක්ෂා කරයි.+
අනාචාරයේ යෙදෙන* ස්ත්‍රියගේ වශී කරවන කතාවලින් ඔයාව රැකගනියි.+
25 එයාගේ ලස්සන රූපෙට ඔයාගේ හිත ඇදිලා යන්න දෙන්න එපා.+
එයාගේ වශී කරවන බැල්මට අහු වෙන්නත් එපා.
26 මොකද ගණිකාවක් ඇසුරු කරන කෙනාට ඉතුරු වෙන්නේ රොටි කෑල්ලක් විතරයි.+
ඒත් සැමියාට ද්‍රෝහි වෙන බිරිඳක් වටිනා ජීවිතයක් බිලිගන්නවා.
27 මිනිසෙක් ගින්දර පපුව ළඟට ගත්තොත් එයාගේ ඇඳුම් පිච්චෙන්නේ නැද්ද?+
28 මිනිසෙක් ගිනි අඟුරු උඩ ඇවිද්දොත් එයාගේ කකුල් පිච්චෙන්නේ නැතුව තියෙයිද?
29 වෙන කෙනෙක්ගේ බිරිඳ එක්ක අනාචාරයේ යෙදෙන කෙනාට වෙන්නෙත් ඒකමයි.
එයා එක්ක සම්බන්ධකම් පවත්වන ඕනෙම කෙනෙක්ට දඬුවම් ලැබෙනවාමයි.+
30 හොරෙක් බඩගින්න නිවාගන්න හොරකම් කළාට
මිනිස්සු එයාව හෙළා දකින්නේ නැහැ.
31 ඒත් එයාව අහු වුණොත් එයාට හත් ගුණයක් වන්දි ගෙවන්න වෙනවා.
ගෙදර තියෙන හැම වටිනා දෙයක්ම වුණත් දෙන්න එයාට සිද්ධ වෙයි.+
32 ස්ත්‍රියක් එක්ක අනාචාරයේ* යෙදෙන කෙනා වැඩ කරන්නේ සිහිකල්පනාව නැතුවයි.*
ඒ කෙනා තමන්ගෙම ජීවිතය නාස්ති කරගන්නවා.+
34 මොකද සැමියෙක්ගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වුණොත් එයාට ලොකු කේන්තියක් ඇති වෙයි.
පළිගන්න දවසේදී එයා කිසිම අනුකම්පාවක් පෙන්වන්නේ නැහැ.+
35 වරදට වන්දියක් ගෙව්වත් එයා ඒක භාරගන්නේ නැහැ.
වටිනා තෑගිබෝග දුන්නත් එයාගේ කේන්තිය නිවන්න බැහැ.