හිතෝපදේශ
4 ප්රඥාවට “ඔයා මගේ සහෝදරිය” කියලත්
තේරුම්ගැනීමේ හැකියාවට “ඔයා මගේ නෑදෑයෙක්” කියලත් කියන්න.
5 එතකොට නරක* ස්ත්රියට ඔයා අහු වෙන්නේ නැහැ.+
අනාචාරයේ යෙදෙන* ස්ත්රියගේ චාටු බස්වලට* ඔයා රැවටෙන්නෙත් නැහැ.+
6 මං මගේ ගෙදර ජනේලේ ළඟ ඉඳන්,
7 අද්දැකීම් අඩු තරුණයන් දිහා බලාගෙන හිටියා.
සිහිකල්පනාව නැතුව වැඩ කරන*+ තරුණයෙක් එයාලා අතරේ ඉන්නවා මං දැක්කා.
8 එයා පාර දිගේ ගිහින් ඒ ස්ත්රිය ඉන්න පාරට හැරිලා
එයාගේ ගෙවල් පැත්තට ඇවිදගෙන ගියා.
9 එයා එහෙට ගියේ හවස් වරුවේ අඳුර වැටීගෙන එද්දියි.+
රෑ, ගන අඳුර පැතිරීගෙන එද්දියි.
11 එයා කටකාර, හිතුවක්කාර ස්ත්රියක්.+
කොයි වෙලාවකවත් ගෙදර ඉන්නේ නැති කෙනෙක්.
12 වෙලාවකට එයා ඉන්නේ එළියේ.
තව වෙලාවක එයා ප්රධාන හන්දිවල ඇවිදිනවා.
හැම පාරකම මුල්ලට වෙලා බලාගෙන ඉන්නවා.+
13 එයා දුවලා ගිහින් ඒ තරුණයාව බදාගෙන සිපගත්තා.
එයා කිසි ලැජ්ජා බයක් නැතුව මෙහෙම කිව්වා.
14 “මට අද හවුල් පූජා ඔප්පු කරන්න යන්න වුණා.+
මගේ භාර ඔක්කොම මං අද ඉටු කළා.
15 ඒකයි මං ඔයාව හම්බ වෙන්න ආවේ.
මම ඔයාව හොයාගෙන ආවා.
16 මගේ ඇඳ ලස්සන ඇතිරිලිවලින් සරසලයි තියෙන්නේ.
ඊජිප්තුවෙන් ගෙනාපු පාට පාට ලිනන් රෙදි+ ඒකට අතුරලයි තියෙන්නේ.
17 මං මගේ ඇඳ සුවඳ ලාටු, අගිල් සහ කුරුඳුවලින් සුවඳවත් කළා.+
18 එන්න, අපි උදේ වෙන කල් ආදරේ කරමු.
එළිය වැටෙන කල් ආදරෙන් මත් වෙලා ඉමු.
19 මගේ සැමියා ගෙදර නැහැ.
එයා දුර ගමනක් ගිහින්.
21 ඒ ස්ත්රිය එයාගේ මායම්වලින් තරුණයාව රවට්ටගත්තා.+
චාටු කතාවලින් එයාව වශී කරගත්තා.
22 එකපාරටම එයා ඒ ස්ත්රිය පස්සේ යන්න පටන්ගත්තා.
හරියට මරන්න ගෙනියන ගොනෙක් වගෙත්
දඬුකඳේ ගහලා* දඬුවම් කරන්න අරන් යන මෝඩයෙක් වගෙත් එයා ස්ත්රිය පස්සේ ගියා.+
23 එයා හදිස්සියේම උගුලකට අහු වෙන කුරුල්ලෙක් වගේ.
එයාගේ ජීවිතේ තියෙන්නේ අනතුරේ කියලා එයා දන්නේ නැහැ.+
අන්තිමේදී ඊතලයක් එයාගේ අක්මාව පසාරු කරගෙන ගියා.
24 ඉතින් මගේ පුතාලා, මට සවන් දෙන්න.
මං කියන දේ හොඳට හිතට ගන්න.
25 ඒ ස්ත්රිය කරන කියන දේවලට හිත ඇදිලා යන්න දෙන්න එපා.
එයා පස්සේ යන්නත් එපා.+
26 මොකද එයා නිසා හුඟදෙනෙක්ගේ ජීවිත නැති වෙලා තියෙනවා.+
ගණන් කරන්න බැරි තරම් දෙනෙක් එයාගේ අතින් මැරුම් කාලා තියෙනවා.+
27 එයාගේ ගෙදර බැහැගෙන යන්නේ මිනී වළටයි.
මිනී වළේ ගැඹුරුම තැන්වලටයි.