යෙසායා
25 යෙහෝවා දෙවියනි, ඔබයි මගේ දෙවියන්.
මං ඔබට ප්රශංසා කරනවා. ඔබේ නම ගෞරවයට පත් කරනවා.
මොකද ඔබ පුදුම දේවල් කළා.+
ඈත අතීතයේ ඉඳන් ඔබ කරන්න තීරණය කරපු ඒ දේවල්+
ඔබ ඒ විදිහටම ඉටු කළා. ඔබ විශ්වාසවන්තයි+ කියලා ඔප්පු කළා.
2 ඔබ නගරයක් නටබුන් ගොඩක් කළා.
පවුරුවලින් වට වුණ නගරයක් පොළොවටම සමතලා කළා.
විදේශිකයන්ගේ බලකොටුව නැත්තටම නැති කළා.
ඒක ආයේ කවදාවත් ගොඩනඟන්නේ නැහැ.
4 ඔබ අසරණයන්ටත්
දුක් කරදරවලට මුහුණ දෙන දුප්පතාටත් බලකොටුවක් වුණා.+
කුණාටුවේදී රැකවරණයකුත්
අව් රශ්මියේදී සෙවණකුත් වුණා.+
කුරිරු අයගේ කේන්තිය හරියට පවුරක් බිඳී යන තරමේ දරුණු වැස්සක් වගෙයි.
5 වියළි දේශයක තියෙන ගිනියම් රස්නය වගෙයි.
ඒත් ඔබ කේන්තියෙන් කෑගහන විදේශිකයන්ව නිහඬ කරනවා.
හරියට සෙවණක් ලබා දෙන වලාකුළකින් රස්නය නැති කරලා දානවා වගේ
කුරිරු අයගේ ප්රීති ඝෝෂාව නැති කරලා දානවා.
6 මේ කන්දේදී+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා සියලු ජනයාට
රසවත් ආහාර තියෙන විශාල උත්සවයක් සූදානම් කරනවා.+
ඉස්තරම් වයින්වලිනුත්
හොඳම මස්වලිනුත්*
පෙරපු හොඳම වයින්වලිනුත් පිරුණු විශාල උත්සවයක් සූදානම් කරනවා.
පොළොව පුරාම ඔහුගේ සෙනඟ නින්දාවට පත් වෙලා හිටියා. ඒත් ඔහු ඒක අයින් කරනවා.
ඒ දේ කියන්නේ යෙහෝවායි.
9 ඒ දවසේදී ඔවුන් මෙහෙම කියයි.
“මේ අපේ දෙවියන්.+
මේ යෙහෝවා දෙවියනුයි.
අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි.
ඔහු ලබා දෙන ගැලවීම ගැන ප්රීති වෙමු. ඒ ගැන අපි සතුටු වෙමු.”+
10 මොකද යෙහෝවා තමන්ගේ අතින් මේ කන්දට රැකවරණය ලබා දෙයි.*+
ඒත් මෝවබ්ව ඔහුගේ දේශයේදීම පාගලා දායි.+
ගොම ගොඩේ දාලා පිදුරු පාගනවා වගේ ඔහුව පාගලා දායි.