හිතෝපදේශ
26 ගිම්හානයේදී හිම වැටෙන එකත් අස්වැන්න නෙළන කාලයේදී වහින එකත් සුදුසු නැහැ.
මෝඩයෙක්ව ගෞරවයට පත් කරන එකත් ඒ වගේ.+
2 කුරුල්ලෙක් ඉගිල්ලිලා යන්නෙත් වැහිළිහිණියෙක් පියඹලා යන්නෙත් හේතුවක් ඇතුවයි.
ඒ වගේ, හේතුවක් නැතුව කෙනෙක් පිටට ශාපයක් එන්නෙත් නැහැ.*
4 මෝඩයෙක්ට උත්තර දෙද්දී එයා කතා කරන විදිහටම කතා කරන්න එපා.
එහෙම කළොත් ඔයාත් එයාගේ තත්වයටම වැටෙයි.
6 මෝඩයෙක්ට දෙයක් විශ්වාසයෙන් භාර දෙන කෙනා හරියට
ඇවිදගන්න බැරි වෙන තරමට කකුල් තුවාල කරගන්න කෙනෙක් වගේ.
9 මෝඩයෙක් කියන හිතෝපදේශයක්
බේබද්දෙක් අතේ තියෙන කටු අත්තක් වගේ.
10 මඟ යන එන කෙනෙක්ව නැත්නම් මෝඩයෙක්ව වැඩට ගන්න කෙනෙක්
ඔහේ හැම අතටම ඊතල විදලා තුවාල කරන දුනුවායෙක් වගේ.
12 තමන් ප්රඥාවන්තයෙක් කියලා හිතන කෙනෙක්ව ඔයා දන්නවාද?+
මෝඩයෙක් ගැන ඊට වඩා බලාපොරොත්තු තියාගන්න පුළුවන්.
16 කම්මැළියා හිතන්නේ නැණවත්ව උත්තර දෙන
හත්දෙනෙක්ට වඩා එයා ප්රඥාවන්තයි කියලා.
18 පිස්සෙක් ගිනිමය ඊතල විදලා, මාරාන්තික කිනිසි වීසි කරයි.
19 තමන්ගේ යාළුවාව රවට්ටලා “මං ඒක කළේ විහිළුවට” කියලා කියන කෙනාත් ඒ වගේ.+
20 දර නැති වුණාම ගින්න නිවිලා යනවා.
බොරු කියලා අනුන්ට අපහාස කරන කෙනෙක් නැති වුණාම වාදවිවාදත් නතර වෙනවා.+
22 බොරු කියලා අපහාස කරන කෙනාගේ වචන කෑදරකමින් ගිලලා දාන රස කෑමක් වගේ.
ඒක ගිල්ලාට පස්සේ ඇඟට හොඳින් උරාගනියි.+
24 අනිත් අයට වෛර කරන කෙනෙක් එයාගේ කතාවෙන් වෛරය හංගනවා.
එයාට ඇත්තටම හැඟෙන විදිහ එයා හෙළි කරන්නේ නැහැ.