ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.
64 දෙවියනි, මගේ දුක කියද්දී මට සවන් දෙන්න.+
සතුරන් එල්ල කරන දරුණු ප්රහාරවලින් මගේ ජීවිතය ආරක්ෂා කරන්න.
3 ඔවුන්ගේ දිව් මුවහත් කඩු වගේ.
ඔවුන්ගේ කුරිරු වදන් ඉලක්කයටම ගිහින් වදින ඊතල වගේ.
4 ඔවුන් හැංගිලා ඉඳලා නිර්දෝෂ අයට ඊතලවලින් පහර දෙනවා.
හිතන්නේ නැති වෙලාවක කිසිම බයක් නැතුව ඊතලවලින් විදිනවා.
5 ඔවුන් කවදාවත් දුෂ්ට අදහස් හිතින් අයින් කරගන්නේ නැහැ.*
උගුල් අටවන්නේ කොහොමද කියලා ඔවුන් කුමන්ත්රණය කරනවා.
“අපි කරන දේ කවුරු දකින්නද” කියලා ඔවුන් කතා වෙනවා.+
6 ඔවුන්ගේ දුෂ්ට අරමුණු ඉටු කරගන්න අලුත් අලුත් විදි හොයනවා.
ඔවුන් සූක්ෂ්ම විදිහට උගුල් අටවන්න හොර රහසේ සැලසුම් කරනවා.+
ඔවුන්ගේ හිතේ තියෙන දේ කාටවත් තේරුම්ගන්න බැහැ.
7 ඒත් හිතන්නේ නැති වෙලාවක දෙවියන් ඔවුන්ට පහර දෙනවා.+
හදිස්සියේ එල්ල වෙන ඊ පහරවලින් ඔවුන් තුවාල ලබනවා.