යෝබ්
9 එතකොට යෝබ් මෙහෙම කිව්වා.
2 “ඔයා කියපු දේ ඇත්ත කියලා මම දන්නවා.
4 දෙවියන් ප්‍රඥාවන්තයි. ඔහු තරම් බලවත් කෙනෙක් නැහැ.+
ඔහුට පිටු පාලා බේරෙන්න පුළුවන් කාටද?+
7 ‘එළිය විහිදුවන්න එපා’ කියලා ඔහු හිරුට අණ කරයි.
තාරකාවන් මුද්‍රාවකින් වසා දමයි.+
8 අහස්තලය තනියම දිගහරින්නේ ඔහුයි.+
මුහුදේ දැවැන්ත රළ පහර මත ඇවිදගෙන යන්නේ ඔහුයි.+
9 ඈෂ්, කේසිල් සහ කයිමා* කියන තාරකා මණ්ඩලත්+
දකුණු අහසේ තාරකා මණ්ඩලයත්* තැනුවේ ඔහුයි.
10 ඔහු කිසි කෙනෙක්ට තේරුම්ගන්න බැරි, මවිතකර දේවල් කරයි.+
ගණන් කරන්නවත් බැරි තරම් පුදුම ක්‍රියා කරයි.+
11 දෙවියන් මං ළඟින් ගියත් මට ඔහුව නොපෙනෙයි.
මාව පහු කරගෙන ගියත් මම ඔහුව හඳුනගන්නේ නැහැ.
12 ඔහු යම් දෙයක් උදුරගත්තොත් ඒක වළක්වන්න පුළුවන් කාටද?
‘ඔබ මොනවාද කරන්නේ’ කියලා ඔහුගෙන් අහන්න පුළුවන් කාටද?+
14 එහෙමනම්, මං දෙවියන්ට උත්තර දෙද්දී,
ඔහුත් එක්ක වාද කරද්දී කොච්චර පරෙස්සමින් මගේ වචන හසුරුවන්න ඕනෙද?
15 මම නිවැරදි වුණත් ඔහුට පිළිතුරු දෙන්න තරම් හයියක් මට නැහැ.+
මට පුළුවන් මගේ විනිශ්චයකරුගෙන්* කරුණාව අයැදින්න විතරයි.
16 මං ඔහුට අඬගැහුවොත් ඔහු මට පිළිතුරු දෙයිද?
ඔහු මගේ හඬට ඇහුම්කන් දෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද?
17 ඔහු සැඩ කුණාටුවකින් මට පහර දෙනවා.
නිකරුණේ එක පිට එක තුවාල ඇති කරනවා.+
18 ඔහු මට හුස්මක් කටක් ගන්නවත් ඉඩ දෙන්නේ නැහැ.
ඔහු මගේ ජීවිතේ කටුක අද්දැකීම්වලින් පුරවනවා.
19 බලය ගැන කතා කළොත් දෙවියන්ට වඩා බලවත් කෙනෙක් නැහැ.+
යුක්තිය ගැන කතා කරන්න ගියොත්
‘මගේ යුක්තිය ගැන ප්‍රශ්න කරන්න පුළුවන් කාටද’* කියලා ඔහු කියයි.
20 මං කිසි වරදක් නොකළත් මං වරදකරුවෙක් කියලා මගේම තොල් මට චෝදනා කරයි.
මං දෙවියන්ට විශ්වාසවන්තව හිටියත්* ඔහු මාව වරදකරුවෙක් විදිහට තීන්දු කරයි.
22 කෙනෙක් නිර්දෝෂ වුණත් දුෂ්ට වුණත් කිසි වෙනසක් නැහැ.
දෙවියන් ඒ දෙගොල්ලන්වම විනාශ කරනවා.
23 නොහිතන මොහොතක ජලගැල්මක් ඇවිත් මිනිස් ජීවිත උදුරගත්තොත්
අසරණ අය දිහා බලලා දෙවියන් හිනා වෙයි.
එහෙම කරන්නේ ඔහු මිසක් වෙන කවුද?
25 මගේ ජීවිතේ වේගයෙන් දුවන ධාවකයෙක්ටත් වඩා ඉක්මනින් ගෙවිලා යනවා.+
කිසිම සතුටක් අද්දකින්නේ නැතුව මගේ ජීවිතේ දවස් ගෙවිලා යනවා.
26 වේගයෙන් යාත්‍රා කරන පන් ඔරුවක් වගෙත්
ගොදුර මතට කඩාවදින රාජාලියෙක් වගෙත්
මගේ ජීවිතේ දවස් වේගයෙන් ගෙවිලා යනවා.
27 ‘මගේ දුක් කරදර අමතක කරලා
සතුටින් ඉන්නවා’ කියලා හිතුවත්
28 දෙවියනි, මේ වේදනාව දිගටම විඳින්න වෙයි කියලා මං ඉන්නේ බයෙන්.+
මොකද මං නිර්දෝෂයි කියලා ඔබ තීන්දු කරන්නේ නැහැ කියලා මං දන්නවා.
29 ඔබ මාව ගණන් ගන්නේ වරදකරුවෙක්* විදිහටයි.
එහෙමනම් මං මෙච්චර වෙහෙසෙන්නේ ඇයි?+
32 දෙවියන් එක්ක වාද කරන්න, ඔහු මං වගේ මිනිසෙක්ද?
උසාවියකට ගිහින් ඔහු එක්ක නඩු කියලා මං කොහොම දිනන්නද?+