පළවෙනි කොටස
(ගීතාවලිය 1-41)
1 දුෂ්ට අයගේ උපදෙස් පිළිගන්නේ නැති,
පව්කාරයන් යන මාර්ගයේ යන්නේ නැති,+
සමච්චල් කරන්නන් එක්ක ඇසුරු කරන්නේ නැති+ කෙනා ඉන්නේ සතුටින්.
2 යෙහෝවා දෙවියන්ගේ නීතිය කියවලා ඔහු ලොකු සතුටක් ලබයි.+
ඔහු දිවා රෑ ඒ නීතිය කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරයි.+
3 ඔහු දිය දහරා ළඟ හිටවපු,
නියම කාලෙට පල දරන,
කොළ මැලවෙන්නේ නැති ගහක් වගේ වෙයි.
ඔහු කරන හැම දෙයක්ම සාර්ථක වෙයි.+
4 ඒත් දුෂ්ටයෝ ඒ වගේ නෙවෙයි.
ඔවුන් සුළඟට ගහගෙන යන දහයියා වගේ.
5 විනිශ්චය කරන කාලයේදී දුෂ්ටයන්ට දඬුවමින් නිදහසක් ලැබෙන්නේ නැහැ.+
ධර්මිෂ්ඨයන් රැස් වෙලා ඉන්න තැන පව්කාරයන්ට ඉන්න ලැබෙන්නේ නැහැ.+
6 ධර්මිෂ්ඨයන් යන මාර්ගය දැකලා යෙහෝවා සතුටු වෙනවා.+
ඒත් දුෂ්ටයන් යන මාර්ගය විනාශ වෙලා යනවා.+