ගීතාවලිය
ස්තුති දීමේ ගීයක්.
100 පොළොවේ සියලු ජනයෙනි, යෙහෝවාට ජය නාද නඟන්න.+
2 යෙහෝවා දෙවියන්ට සතුටින් සේවය කරන්න.+
ප්රීති ඝෝෂා නඟමින් ඔහු ඉස්සරහට එන්න.
3 යෙහෝවා සැබෑ දෙවියන් කියලා තේරුම්ගන්න.*+
අපිව නිර්මාණය කළේ ඔහුයි. ඒ නිසා අපි අයිති ඔහුටයි.*+
අපි ඔහුගේ සෙනඟ, ඔහුගේ තණබිමේ ඉන්න බැටළුවෝ.+
ඔහුට ස්තුති දෙන්න. ඔහුගේ නමට ප්රශංසා කරන්න.+