දෙවෙනි සාමුවෙල්
22 යෙහෝවා දෙවියන් දාවිත්ව සතුරන්ගෙනුත්+ සාවුල්ගෙනුත්+ බේරගත්තාට පස්සේ දාවිත් යෙහෝවාට මේ ගීය ගායනා කළා.+
2 “මගේ පර්වතයත් මගේ බලකොටුවත් යෙහෝවායි.+ මට ගැලවීම දෙන්නෙත් ඔහුයි.+
මම ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්.
මගේ පලිහ,+ මගේ ශක්තිමත් ගැලවුම්කරු* ඔහුයි.
මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත්*+ ඔහුයි.
ඔහු මට පලා ගිහින් සැඟවී ඉන්න පුළුවන් තැනක්.+
මගේ ගැලවුම්කරු ඔහුයි.+
දෙවියනි, දාමරිකයන්ගෙන් මාව ගලවගන්නේ ඔබයි.
5 මාරාන්තික රළ පහර මාව වට කළා.+
කිසි කමකට නැති මිනිස්සු නොසිතූ මොහොතක සැඩ පහරක් වගේ ඇවිත් මාව බිය ගැන්නුවා.+
ඔහුගේ මාලිගාවේ ඉද්දී ඔහුට මගේ හඬ ඇසුණා.
මම උදව් ඉල්ලන හඬ ඔහුගේ දෙසවනට වැටුණා.+
8 එතකොට ඔහුට දැනුණ කෝපය නිසා පොළොව සෙලවී කම්පනය වුණා.+
අහසේ අත්තිවාරම් පවා සෙලවුණා.+
ඒවා දෙදරුම් කන්න පටන්ගත්තා.+
9 ඔහුගේ නාසයෙන් දුම් පිට වුණා.
හැම දේම දවලා දාන ගින්නක් ඔහුගේ මුවින් නික්මුණා.+
ඇවිළෙන ගිනි අඟුරු ඔහුගෙන් විහිදුණා.
11 ඔහු කෙරුබ්වරයෙක් පිට+ පියාසර කරමින් ආවා.
ඔහු හැමෝටම පේන්න දේවදූතයෙක්ගේ පියාපත් පිට* නැඟ ආවා.+
13 ඔහුගෙන් නික්මුණු දීප්තිය නිසා ගිනි අඟුරු ඇවිළුණා.
16 යෙහෝවා කේන්තියෙන් කතා කරපු නිසාත්
ඔහු කේන්තියෙන් හෙළූ හුස්ම නිසාත්+
මුහුදු පතුල මතු වුණා.+ පොළොවේ අත්තිවාරම් පවා පෙනුණා.
21 මම ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන නිසා යෙහෝවා මට ආශීර්වාද කරනවා.+
මම පවිත්ර ජීවිතයක් ගත කරන නිසා ඔහු මට හොඳින් සලකනවා.+
22 මම යෙහෝවා දෙවියන්ගේ මාර්ගයේ දිගටම ගමන් කරනවා.
මම කවදාවත් දුෂ්ට විදිහට මගේ දෙවියන්ව අත්හැරලා ගියේ නැහැ.
26 ඔබව අත්හරින්නේ නැති අයව ඔබ කවදාවත් අත්හරින්නේ නැහැ.+
නිර්දෝෂ, ශක්තිමත් අයට ඔබ හැමදාමත් කරුණාවෙන් සලකනවා.+
27 අවංක සිත් තියෙන අයට ඔබ ආශීර්වාද කරනවා.+
ඒත් වංක අයව ඔබ ලැජ්ජාවට පත් කරනවා.+
30 ඔබේ උදව්වෙන් මට සේනාවක් එක්ක වුණත් සටන් කරන්න පුළුවන්.
දෙවියන් දෙන ශක්තියෙන් මට පවුරකට වුණත් නඟින්න පුළුවන්.+
ඔහුගේ රැකවරණය සොයන හැමෝටම ඔහු පලිහක්.+
32 යෙහෝවා හැර වෙන දෙවි කෙනෙක් ඉන්නවාද?+
අපේ දෙවියන් පර්වතයක්. ඔහුට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?+
35 ඔහු මට සටන් කරන්න උගන්වනවා.
ඔහුගේ උදව්වෙන් තඹ දුන්නක් වුණත් නමන්න මට පුළුවන්.
38 මම මගේ සතුරන් පස්සේ ගිහින් ඔවුන්ව විනාශ කරනවා.
ඔවුන්ව නැත්තටම නැති කරන කල් මම ආපහු හැරිලා එන්නේ නැහැ.
39 මම ඔවුන්ව විනාශ කරලා සුනුවිසුනු කරලා දානවා.
ඔවුන් මගේ කකුල් දෙක ළඟ ඇදන් වැටෙනවා.
ආයෙත් නැඟිටින්න බැරි වෙන්නම+ මම ඔවුන්ව පාගලා දානවා.
42 ඔවුන් උදව් ඉල්ලලා කෑගැහුවත් ඔවුන්ව බේරගන්න කවුරුවත්ම එන්නේ නැහැ.
ඔවුන් අඬඅඬ යෙහෝවාගෙන් උදව් ඉල්ලුවත් ඔහු උත්තර දෙන්නේ නැහැ.+
43 මම ඔවුන්ව පොඩි කරලා පොළොවේ දූවිලි වගේ වෙන්න සලස්වනවා.
පාරේ තියෙන මඩ වගේ මම ඔවුන්ව පාගලා දානවා.
44 මගේම සෙනඟ මට විරුද්ධව කරන චෝදනාවලින් ඔබ මාව නිදහස් කරනවා.+
47 යෙහෝවා ජීවමානයි. මගේ පර්වතය වන ඔහුට ප්රශංසා වේවා!+
මගේ පර්වතය, ගැලවීම දෙන මගේ දෙවියනි, ඔබ හැම කෙනෙක්ගෙම පැසසුමට ලක් වේවා!+
48 සැබෑ දෙවියන් මගේ සතුරන්ට දඬුවම් කරනවා.+
ජාතීන්ව මට යටත් කරලා දෙනවා.+
49 මගේ සතුරන්ගෙන් මාව බේරගන්නේ ඔහුයි.