දෙවෙනි ලේකම්
24 යෙහෝයාෂ් රජකමට පත් වෙද්දී එයාගේ වයස අවුරුදු හතයි.+ එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 40ක් පාලනය කළා. යෙහෝයාෂ්ගේ අම්මාගේ නම ෂිබියාහ්. එයා බෙයර්ෂෙබාවල කෙනෙක්.+ 2 පූජක යෙහෝයාදා හිටපු කාලේ පුරාම යෙහෝයාෂ් යෙහෝවා දෙවියන් හරියි කියලා සලකන දේවල් කළා.+ 3 යෙහෝයාදා එයාට භාර්යාවන් දෙන්නෙක්ව විවාහ කරලා දුන්නා. පස්සේ එයාට පුතාලා සහ දුවලා ඉපදුණා.
4 යෙහෝවා දෙවියන්ගේ ගෘහය අලුත්වැඩියා කරන්න යෙහෝයාෂ්ගේ හිතේ ලොකු ආසාවක් ඇති වුණා.+ 5 ඉතින් එයා පූජකයන්වයි, ලෙවීවරුන්වයි රැස් කරලා එයාලට මෙහෙම කිව්වා. “දැන් ඔයාලා යූදාවල තියෙන නගරවලට යන්න ඕනේ. ගිහින් ඊශ්‍රායෙල්වරු හැමෝගෙන්ම ඔයාලාගේ දෙවියන්ගේ ගෘහය අවුරුද්දෙන් අවුරුද්දට අලුත්වැඩියා කරන්න ඕනෙ කරන සල්ලි එකතු කරන්න.+ ඔයාලා ඒක ඉක්මනින්ම කරන්න ඕනේ.” ඒත් ලෙවීවරු ඒක ඉක්මනින් කළේ නැහැ.+ 6 ඉතින් රජ නායක පූජක යෙහෝයාදාට එන්න කියලා එයාට මෙහෙම කිව්වා.+ “යෙහෝවා දෙවියන්ගේ සේවකයා වුණ මෝසෙස් නියම කරපු ශුද්ධ බද්ද+ යෙරුසලමෙනුයි, යූදා දේශයේ අනිත් නගරවලිනුයි එකතු කරන්න කියලා ඔයා ලෙවීවරුන්ට කිව්වේ නැත්තේ ඇයි? ඒක ඊශ්‍රායෙල්වරු ශුද්ධ කූඩාරමේ*+ වැඩ වෙනුවෙන් දෙන ශුද්ධ බද්දක්. 7 අර දුෂ්ට අතලියාගේ+ පුතාලා සැබෑ දෙවියන්ගේ ගෘහයට කඩා පැනලා+ ශුද්ධයි කියලා සලකපු හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙන් අරන් ගියා. එයාලා ඒවා බාල් දෙවිවරුන්ට නමස්කාර කරන්න පාවිච්චි කළා.” 8 ඊටපස්සේ රජ අණ කරපු විදිහට පෙට්ටියක්+ හදලා ඒක යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ දොරටුව ළඟ එළියෙන් තිබ්බා.+ 9 ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු පාළුකරයේ ඉද්දී සැබෑ දෙවියන්ගේ සේවකයා වුණ මෝසෙස් නියම කරපු ශුද්ධ බද්ද+ යෙහෝවාට දෙන්න කියලා යෙරුසලමේ සහ යූදා දේශය පුරාම දැන්නුවා. 10 අධිපතීන් හැමෝමයි, මුළු සෙනඟයි ඒ ගැන සතුටු වෙලා+ දිගටම සම්මාදම් ගේන්න පටන්ගත්තා. ඒ පෙට්ටිය පිරෙන කල් එයාලා සම්මාදම් දැම්මා.*
11 පෙට්ටියේ ගොඩක් සල්ලි එකතු වෙලා තියෙනවා කියලා තේරුණාම ලෙවීවරු කරන්නේ රජට පෙට්ටිය භාර දෙන්න පියවර ගන්න එක. එතකොට රජගේ ලේකම් සහ උත්තම පූජකයාගේ නියෝජිතයෙක් ඇවිල්ලා පෙට්ටිය හිස් කරලා+ ඒක ආපහු තියන්න ඕනෙ තැනින් තිබ්බා. හැම දවසකම එයාලා එහෙම කළා. ඒ විදිහට ගොඩක් සල්ලි එකතු වුණා. 12 ඊටපස්සේ රජයි, යෙහෝයාදායි ඒ සල්ලි යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ කරපු වැඩ බලාගන්න පත් කරලා හිටපු අයට දුන්නා. ඒ අය ඒ සල්ලිවලින් යෙහෝවා දෙවියන්ගේ ගෘහය අලුත්වැඩියා කරන වැඩවලට ගල් කපන්න සහ විවිධ කර්මාන්ත කරන්න කට්ටියව කුලියට ගත්තා.+ ඒ වගේම යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ කරන්න තිබුණ යකඩ සහ තඹ වැඩ වෙනුවෙන් අවශ්‍ය සේවකයන්වත් කුලියට ගත්තා. 13 අලුත්වැඩියා කරන වැඩ බලාගන්න පත් කරලා හිටපු අය ඒ වැඩ පටන්ගත්තා. එයාලා යටතේ ඒ වැඩකටයුතු හොඳට කෙරීගෙන ගියා. ඉතින් සැබෑ දෙවියන්ගේ ගෘහය කලින් තිබුණ තත්වයට ගේන්න එයාලට පුළුවන් වුණා. 14 අලුත්වැඩියා කරන වැඩ ඉවර වුණ ගමන්ම එයාලා ඉතුරු වුණ සල්ලි රජටයි, යෙහෝයාදාටයි ගෙනල්ලා දුන්නා. එයාලා ඒ සල්ලි ගෘහයේ සේවාවන්වලට අවශ්‍ය උපකරණ, පූජා ඔප්පු කරන්න අවශ්‍ය උපකරණ, රත්තරන් සහ රිදීවලින් හදපු කුසලානයි, උපකරණයි+ ඇතුළුව යෙහෝවා දෙවියන්ගේ ගෘහයට අවශ්‍ය කරන භාණ්ඩ හදන්න පාවිච්චි කළා. යෙහෝයාදා ජීවත් වුණ කාලේ පුරාම එයාලා හැමදාම යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ දවන පූජා+ ඔප්පු කළා.
15 යෙහෝයාදා සතුටින්, හොඳ ජීවිතයක් ගත කරලා මහලු වයසේදී මැරුණා. එයා මැරෙද්දී එයාට වයස අවුරුදු 130යි. 16 එයාලා එයාව දාවිත්ගේ නුවරේ රජවරුන් තැන්පත් කරන තැන තැන්පත් කළා.+ මොකද එයා ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙනුත් සැබෑ දෙවියන් සහ ඔහුගේ ගෘහය වෙනුවෙනුත් ගොඩක් හොඳ දේවල් කළා.+
17 යෙහෝයාදා මැරුණාට පස්සේ යූදාවල හිටපු අධිපතීන් රජ ළඟට ඇවිල්ලා එයා ඉස්සරහා දණින් වැටිලා එයාට ආචාර කළා. ඉතින් එයාලා කියපු දේවලට රජ ඇහුම්කන් දුන්නා. 18 සෙනඟ එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාගේ ගෘහය අත්හැරලා දැම්මා. ඒ වෙනුවට නමස්කාර කරන්න හදපු කණුයි,* රූපයි ඉස්සරහා එයාලා වැඳ වැටුණා. ඒ වැරදි නිසා යෙරුසලමෙයි, යූදා දේශයෙයි හිටපු සෙනඟ එක්ක දෙවියන්ට ගොඩක් කේන්ති ගියා. 19 යෙහෝවා අනාගතවක්තෘවරුන්ව ආයේ ආයේ සෙනඟ අතරට යැව්වා. මොකද ඔහුට ඕනෙ වුණේ සෙනඟ ආපහු ඔහුට නමස්කාර කරනවා දකින්නයි. ඒ අනාගතවක්තෘවරු කොච්චර අනතුරු ඇඟෙව්වත්* සෙනඟ එයාලා කියපු දේවල් ගණන් ගත්තේ නැහැ.+
20 පූජක යෙහෝයාදාගේ පුතා+ වුණ සෙකරියාට දෙවියන් ඔහුගේ බලය දුන්නා.* එතකොට සෙකරියා සෙනඟට පේන තැනක හිටගෙන මෙහෙම කිව්වා. “සැබෑ දෙවියන් කියන්නේ මේකයි. ‘යෙහෝවා වන මගේ ආඥා ඔයාලා කඩ කරන්නේ ඇයි? එහෙම කරන එකෙන් ඔයාලට හොඳක් වෙන්නේ නැහැ. ඔයාලා යෙහෝවා වන මාව අත්හැරපු නිසා මමත් ඔයාලව අත්හරිනවා.’”+ 21 ඉතින් සෙනඟ එයාට විරුද්ධව කුමන්ත්‍රණය කරලා+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ මළුවේදී එයාට ගල් ගහලා එයාව මරලා දැම්මා.+ එහෙම කරන්න කියලා අණ කළේ රජයි. 22 ඔය විදිහට යෙහෝයාෂ් රජ සෙකරියාගේ තාත්තා වුණ යෙහෝයාදා එයාට කොච්චර ආදරයක් පෙන්නුවාද කියන එක අමතක කළා. එයා යෙහෝයාදාගේ පුතා වුණ සෙකරියාව මරලා දැම්මා. සෙකරියා මැරෙන වෙලාවේ එයා මෙහෙම කිව්වා. “ඔබ කරපු දේට යෙහෝවා ඔබට දඬුවම් කරයි.”+
23 ඊළඟ අවුරුද්ද මුලදී සිරියානු හමුදාව යෙහෝයාෂ්ට විරුද්ධව ඇවිල්ලා යූදා දේශයයි, යෙරුසලමයි ආක්‍රමණය කළා.+ ඊටපස්සේ එයාලා සෙනඟ අතරේ හිටපු අධිපතීන්+ හැමෝවම මරලා වටින දේවල් කොල්ල කාලා ඒවා දමස්කයේ හිටපු රජට යැව්වා. 24 යූදා දේශය ආක්‍රමණය කරන්න ආපු සිරියානුවන් එච්චර ලොකු හමුදාවක් නෙමෙයි. ඒත් යූදාවල හිටපු ලොකු හමුදාව යටත් කරගන්න යෙහෝවා එයාලට උදව් කළා.+ මොකද යූදාවල හිටපු සෙනඟ එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාව අත්හැරලා තිබුණා. ඒ විදිහට එයාලා* යෙහෝයාෂ්ට විරුද්ධව දෙවියන් තීන්දු කරපු දේ ක්‍රියාත්මක කළා. 25 සිරියානුවන් එයාගේ දේශයෙන් අයින් වෙලා ගියාට පස්සේ එයාගෙම සේවකයන් එයාට විරුද්ධව කුමන්ත්‍රණය කළා. (සිරියානුවන් යද්දී රජ හිටියේ හොඳටම තුවාල* වෙලයි.) සේවකයන් එයාගේ ඇඳේදීම එයාව මරලා දැම්මා.+ එයාලා එහෙම කළේ එයා පූජක යෙහෝයාදාගේ පුතාලව*+ මරලා දාපු නිසයි. ඊටපස්සේ එයාව දාවිත්ගේ නුවරේ තැන්පත් කළා.+ ඒත් එයාව තැන්පත් කළේ රජවරු තැන්පත් කරන තැන නෙමෙයි.+
26 සාබාද් සහ යෙහොෂාබාද් තමයි රජට විරුද්ධව කුමන්ත්‍රණය කළේ.+ සාබාද්ගේ අම්මා අම්මොන් ජාතික ෂිමෙයාත්. යෙහොෂාබාද්ගේ අම්මා මෝවබ් ජාතික ෂිම්රිත්. 27 යෙහෝයාෂ් රජගේ පුතාලා ගැනත් එයාට විරුද්ධව දීපු අනතුරු ඇඟවීම් ගැනත්+ එයා සැබෑ දෙවියන්ගේ ගෘහය අලුත්වැඩියා කරපු විදිහ ගැනත්+ රජවරුන්ගේ විස්තර සඳහන් වෙන ලියවිල්ලේ වාර්තා කරලා තියෙනවා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ අමෂියා රජකමට පත් වුණා.