යෝබ්
39 “කඳු එළුදෙනුන් පැටව් බිහි කරන කාලය ඔයා දන්නවාද?+
මුවදෙන පැටව් බිහි කරන විදිහ ඔයා දැකලා තියෙනවාද?+
2 උන් කොච්චර කාලයක් ගැබ්බරව ඉන්නවාද කියලා ඔයා දන්නවාද?
උන් පැටව් බිහි කරන නිශ්චිත දවස ඔයාට කියන්න පුළුවන්ද?
3 උන් බිම වැතිරිලා පැටවුන් බිහි කරලා
ප්රසව වේදනාවෙන් නිදහස් වෙනවා.
4 උන්ගේ පැටව් වනළැහැබේ ශක්තිමත්ව වැඩෙනවා.
ඊටපස්සේ උන් තමන්ගේ දෙමාපියන්ව අත්හැරලා යනවා.
6 මම පාළුකරය උන්ගේ නිවහන විදිහටත්
ලුණු සහිත ප්රදේශය උන්ගේ වාසස්ථානය විදිහටත් දුන්නා.
7 උන් ඝෝෂාකාරී නගර අහලකටවත් යන්නේ නැහැ.
උන්ව මෙල්ල කරන්න හදන අයගේ හඬ උන් ගාණකටවත් ගන්නේ නැහැ.
8 උන් කෑම හොයාගන්නේ කඳුකරයෙන්.
පලා ජාති හොයහොය කඳුකරයේ ඒ මේ අත සැරිසරනවා.
ඌ ඔයාගේ සත්තු එක්ක රෑට ලැගගෙන ඉඳියිද?
10 කුළු හරකාව ගැටගහලා ඌ ලවා කෙත හාන්න ඔයාට පුළුවන්ද?
ඌ ඔයාගේ වගාබිම්වල පස් පෙරළලා දෙයිද?
11 ඔයා උගේ මහත් ශක්තිය ගැන විශ්වාසය තියලා,
ඌට කියලා ඔයාගේ බර වැඩ ටික කරගනියිද?
12 ඌ ඔයාගේ අස්වැන්න එකතු කරලා,
ඒක කමතට අරන් එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
14 පැස්බර අම්මා එළිමහනේ බිත්තර දාලා ඒවා අත්හැරලා යයි.
ඒවා උණුසුම් වෙන්න වැලි පොළොවේ දාලා යයි.
15 ඒවා මිනිසෙක්ගේ හරි වනසතෙක්ගේ හරි
පයට පෑගිලා කුඩු වෙලා යන්න පුළුවන් කියලා ඌට අමතක වෙයි.
17 එහෙම කරන්නේ දෙවියන් ඌට ප්රඥාව දීලා නැති නිසයි.
සිහිනුවණින් වැඩ කරන්න හැකියාව දීලා නැති නිසයි.
18 පැස්බරා පියාපත් විහිදගෙන දුවද්දී
ඌ අශ්වයා සහ අසරුවා දිහා බලලා හිනා වෙයි.
උගේ ගෙල කේශරවලින් සරසන්නෙත් ඔයාද?
20 ඌට පළඟැටියෙක් වගේ පනින්න ඉගැන්නුවේ ඔයාද?
ඌ හුස්ම හෙළන හඬ බිය උපදවයි.+
22 ඌ කිසිම දේකට බිය නොවෙයි.
භීතිය දැක සිනාසෙයි.+ කඩුව දැකලවත් ඌ පලා නොයයි.
23 අශ්වයා දිව යද්දී උගේ ඇඟේ වදින අසරුවාගේ ඊකොපුවේ හඬ නොනැවතී ඇසෙයි.
හෙල්ලයෙනුත් කුඩා හෙල්ලයෙනුත් දිස්නයක් පිට වෙයි.
24 හොරණෑවේ හඬ ඇහෙන කල් ඌ නොඉවසිල්ලෙන් බලා සිටියි.
ඒක ඇහුණ ගමන්ම ඌ වියරුවෙන් වගේ එක පිම්මට දිව යයි.
25 හොරණෑව ඇහෙද්දී ඌ සතුටින් හඬ නඟයි.
ඌට යුද පිටිය මැවිලා පෙනෙයි.
ඈත තියාම යුධ ඝෝෂාවත් සෙන්පතීන්ගේ හඬත් ඌට ඇහෙයි.+