යෝබ්
10 “මට මගේ ජීවිතේ තිත්ත වෙලා!+
වේදනාව දරාගන්න බැරුව මං කතා කරනවා.
හදවතේ දැවෙන දුක මං නොසඟවා කියනවා.
2 මං දෙවියන්ට මෙහෙම කියනවා.
‘අනේ, මාව වරදකරුවෙක් විදිහට ගණන් ගන්න එපා.
මට සතුරුකම් කරන්නේ ඇයි කියලා මට කියන්න.
3 මට පීඩා කරලා, ඔබේම අත් දෙකෙන් නිර්මාණය කරපු දේට පයින් ගහලා
ඔබට ලැබෙන ප්රයෝජනය මොකක්ද?+
ඇයි ඔබ දුෂ්ටයන්ගේ සැලසුම්වලට උදව් කරන්නේ?
4 ඒ, ඔබට මිනිසුන්ගේ ඇස් තියෙන නිසාද?
ඔබ මිනිසුන් දකින විදිහට දේවල් දකින නිසාද?
5 දූවිල්ලෙන් හදපු මිනිසුන් වගේ ඔබත් ජීවත් වෙන්නේ ටික දවසයිද?
ඔබ ජීවත් වෙන්නෙත් මිනිසුන් වගේ අවුරුදු කීපයක් විතරද?+
6 ඔබ නිතරම මගේ වැරදි හොයහොය,
මගේ වැරැද්දක් අල්ලන්න බලාගෙන ඉන්නේ ඒ නිසාද?+
10 ඔබ මව්කුසේදී මාව හැදුවේ කිරි* වක් කරලා මුදවනවා වගෙයි.
13 ඒත් මේ හැම කරදරයක්ම මා පිටට ගේන්න ඔබ රහසින් සැලසුම් කළා.
ඒ හැම දෙයක්ම වුණේ ඔබ නිසයි කියලා මං හොඳින්ම දන්නවා.
15 මගේ අතින් වරදක් වෙලා නම් මට නපුරක් වෙන්න ඕනේ.
16 මගේ හිස ඔසවන්න හැදුවත් ඔබ සිංහයෙක් වගේ මගේ පස්සෙන් පන්නගෙන එනවා.+
ඔබේ මහත් බලයෙන් ආයෙත් මට පහර දෙනවා.
17 මට විරුද්ධව සාක්ෂි දෙන්න ඔබ තව තවත් අයව කැඳවනවා.
මං ගැන ඔබට තියෙන කේන්තිය තව තවත් වැඩි කරගන්නවා.
එක පිට එක කරදර ගෙනත් මාව නැති කරනවා.
18 ඔබ මාව මව්කුසෙන් එළියට ගෙනාවේ ඇයි?+
ඔබ එහෙම නොකළා නම් කාගෙවත් දෑසට නොපෙනී මට මැරිලා යන්න තිබුණා!
19 මෙලොව එළිය දකින්නේ නැතුව මට මව්කුසෙන් මිනී වළට යන්න තිබුණා.’
20 මං ජීවත් වෙන්නේ තව ටික දවසයි.+
ඉතින් මං ඔහුගෙන් ඉල්ලන්නේ මට නිදහසේ ඉන්න දෙන්න කියලයි.
මං ඔහුගෙන් අයැදින්නේ ඔහුගේ දෙනෙත් මගෙන් ඉවතට ගන්න කියලයි.
එතකොට මට පොඩි හරි සහනයක් ලැබෙයි.+
21 තව ටික දවසකින් මං මේ ජීවිතයෙන් හැමදාටම සමුගන්නවා.+
ඝන අන්ධකාරය වෙළාගත්ත දේශයට ආයෙත් නොඑන්නම යනවා.+
22 කිසි පිළිවෙළක් නැති, ආලෝකයේ සේයාවක්වත් නැති කළුවර දේශයට මං යනවා.
ඊට කලින් මට පොඩි හරි සැනසීමක් දෙන්න කියලයි මං ඉල්ලන්නේ.”