යෝබ්
33 “අනේ යෝබ්, දැන් මං කියන දේ අහන්න.
මං කියන හැම දේටම හොඳින් අවධානය දෙන්න.
2 මට තවත් කතා නොකර ඉන්න බැහැ.
මගේ දිව අග තියෙන වචන මං කියන්නම ඕනේ.
5 පුළුවන් නම් මට උත්තර දෙන්න.
මාත් එක්ක තර්ක කරන්න සූදානම් වෙන්න.
7 ඉතින් මට බය වෙන්න ඔයාට කිසිම හේතුවක් නැහැ.
ඔයාගේ හිත බිඳෙන විදිහේ කිසිම දෙයක් මං කියන්නේ නැහැ.
8 ඔයා කියපු දේවල් මං අහගෙනයි හිටියේ.
ඔයා ආයේ ආයේ මෙහෙම කිව්වා.
9 ‘මං පවිත්රයි. මගේ අතින් කිසි වරදක් වෙලා නැහැ.+
මං නිර්දෝෂයි. මං කිසි නරක දෙයක් කරලා නැහැ.+
12 ඒත් ඔයා කියන ඒ කිසිම දෙයක් හරියි කියලා කියන්න බැහැ.
මං දැන් ඒකට උත්තර දෙන්නම්. දූවිල්ලට හැරිලා යන මිනිසුන්ට වඩා දෙවියන් හුඟක් උසස්.+
13 ඉතින් ඇයි ඔයා ඔහුට දොස් කියන්නේ?+
ඒ, ඔහු ඔයා අහපු හැම ප්රශ්නයකටම උත්තර දුන්නේ නැති නිසාද?+
14 ඇත්තෙන්ම, දෙවියන් මිනිසුන්ට ආයේ ආයේ කතා කරනවා.
ඒත් කවුරුත් ඔහු කියන දේට අවධානය දෙන්නේ නැහැ.
15 රාත්රියේ යහනේ තද නින්දක ඉද්දී
හීනයකින් නැත්නම් දර්ශනයකින්+ දෙවියන් මිනිසුන්ට කතා කරනවා.
16 ඒ වෙලාවලදී ඔහු එයාලාගේ කන් ඇරලා දේවල් හෙළි කරනවා.+
ඔහු දීපු අවවාද ස්ථිර කරනවා.*
17 එහෙම කරන්නේ කෙනෙක්ව වැරදි මඟෙන් ඉවතට ගන්නයි.+
උඩඟුකම එයාගේ හිතින් අයින් කරන්නයි.+
19 යහනේ වේදනාවෙන් වැතිරිලා ඉද්දීත්
ඇටකටු දිගින් දිගටම රිදුම් දෙද්දීත් මිනිසෙක්ට හික්මවීමක් ලැබෙනවා.
20 එයාගේ වේදනාව මොන තරම් දරුණුද කිව්වොත් කෑමත් එයාට අප්පිරියයි.
රසවත් කෑමත් එයා ප්රතික්ෂේප කරනවා.+
21 එයාගේ ඇඟ වැහැරිලා ගිහින්.
පිරිපුන්ව හිටිය එයා දැන් ඇටසැකිල්ලක් වෙලා.
22 එයා ඉන්නේ මිනී වළ අද්දරයි.
එයාව මරන්න හොයන අය අත ළඟටම ඇවිත්.
23 ඒත් හරි දේ මොකක්ද කියලා
ඒ කෙනාට කියලා දෙන්න පණිවිඩකරුවෙක්* ඉන්නවා නම්,
දහසක් අතරින් එයාගේ පැත්තට කතා කරන්න පුළුවන් එක් කෙනෙක් හරි ඉන්නවා නම්
24 දෙවියන් එයාට අනුකම්පා කරලා මෙහෙම කියයි.
‘මිනී වළෙන් එයාව බේරගන්න.+
එයාව මුදවගන්න ගෙවන වන්දිය මට හම්බ වුණා!+
26 ඒ කෙනා එයාව පිළිගන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලයි.+
දෙවියනුත් එයාට සවන් දෙයි. එයා දෙවියන්ගේ මූණ දැකලා සතුටින් ඉපිල යයි.
දෙවියන් එයාව ආයෙත් ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට පිළිගනියි.
27 එයා මිනිසුන්ට මෙහෙම කියයි.*
‘මං පව් කළා.+ නිවැරදි මඟෙන් ඉවතට ගියා.
ඒත් මට ලැබෙන්න ඕනෙ දඬුවම ලැබුණේ නැහැ.*
29 දෙවියන් මිනිසෙක් වෙනුවෙන්
මේ හැම දෙයක්ම නැවත නැවත කරනවා.
30 ඔහු එයාව මිනී වළෙන් බේරගන්නවා.
එහෙම කරන්නේ ජීවිතය සතුටින් ගත කරන්න එයාට අවස්ථාව දෙන්නයි.+
31 යෝබ්, මං කියන දේට හොඳ අවධානයක් දෙන්න.
ඔයාට කියන්න මට තවත් දේවල් තියෙනවා. නිහඬව ඒවාට ඇහුම්කන් දෙන්න.
32 ඔයාට කියන්න දෙයක් තියෙනවා නම් මට කියන්න.
දැන් කතා කරන්න. ඔයා නිර්දෝෂයි කියලා ඔප්පු කරන්න මං කැමතියි.
33 කියන්න දෙයක් නැත්නම් මං කියන දේ නිහඬව අහන් ඉන්න.
ප්රඥාව මොකක්ද කියලා මං ඔයාට කියලා දෙන්නම්.”