යෙරෙමියා
1 බෙන්ජමින් දේශයේ අනාතොත්වල+ පූජකයෙක් වුණ හිල්කියාගේ පුත් යෙරෙමියා* කියපු දේවල් තමයි මේ. 2 ආමොන්ගේ+ පුත්, යූදාවල රජ වුණ යොෂියා+ පාලනය කරපු 13වෙනි අවුරුද්දේදී යෙහෝවා දෙවියන් තමන්ගේ පණිවිඩය යෙරෙමියාට දැන්නුවා. 3 යොෂියාගේ පුත් යෙහෝයාකිම්+ යූදාවල රජකම් කරපු කාලේදීත් යොෂියාගේ පුත් ශෙදකියා+ යූදා දේශය පාලනය කරපු 11වෙනි අවුරුද්ද වෙන කල්මත් ඒ පණිවිඩ යෙරෙමියාට දැන්නුවා. ඒ කියන්නේ යෙරුසලමේ වැසියන්ව වහලුන් විදිහට අරගෙන ගිය පස්වෙනි මාසය+ වෙන කල්ම ඒ පණිවිඩ එයාට ලැබුණා.
4 යෙහෝවා මට මෙහෙම කිව්වා.
5 “ඔයා මව්කුසේ පිළිසිඳගන්නත් කලින් ඔයා කවුද කියලා මම දැනන් හිටියා.*+
ඔයා ඉපදෙන්නත් කලින් මම ඔයාව ශුද්ධ සේවයක් වෙනුවෙන් තෝරගත්තා.+
මම ඔයාව ජාතීන්ට අනාවැකි කියන කෙනෙක් විදිහට පත් කළා.”
6 ඒත් මම මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,
අනේ, මම තාම තරුණයෙක්.+ මං කතාවට දක්ෂ කෙනෙක් නෙමෙයි.”+
7 එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා.
“‘මම තාම තරුණයෙක්’ කියලා කියන්න එපා.
මම ඔයාව යවන හැම කෙනෙක් ළඟටම ඔයා යන්න ඕනේ.
මම ඔයාට කියන්න අණ කරන හැම දෙයක්ම ඔයා එයාලට දන්වන්න ඕනේ.+
9 ඊටපස්සේ යෙහෝවා ඔහුගේ අත දිගඇරලා මගේ කටට අත තිබ්බා.+ යෙහෝවා මට මෙහෙම කිව්වා. “මම මගේ වචන ඔයාගේ කටේ තිබ්බා.+ 10 අද මම ඔයාව ජාතීන්ට සහ රාජ්‍යයන්ට අනතුරු අඟවන්න පත් කරනවා. දේවල් කඩලා බිඳලා දාන්නත් උදුරලා දාන්නත් ඔයාට බලය දෙනවා. දේවල් විනාශ කරලා, බිමට ඇදලා දාන්නත් ගොඩනඟන්නත් හිටවන්නත් බලය දෙනවා.”+
11 යෙහෝවාගෙන් මට ආයෙත් පණිවිඩයක් ලැබුණා. “යෙරෙමියා, ඔයාට පේන්නේ මොකක්ද” කියලා ඔහු මගෙන් ඇහුවා. මම කිව්වා “ආමන්ඩ් ගහක අත්තක්* මට පේනවා” කියලා.
12 යෙහෝවා මට මෙහෙම කිව්වා. “ඔයා දැක්ක දේ හරි. මම හොඳ අවදියෙන් ඉඳලා මම කියන දේ ඉටු කරනවා.”
13 දෙවෙනි පාරටත් යෙහෝවාගෙන් මට පණිවිඩයක් ලැබුණා. “ඔයාට මොනවාද පේන්නේ” කියලා ඔහු මගෙන් ඇහුවා. ඉතින් මම මෙහෙම කිව්වා. “දුම් දදා උතුරන* ලොකු හැළියක් මට පේනවා. ඒකේ කට උතුරු දිශාවට නෙමෙයි අනිත් පැත්තට ඇල කරලයි තියෙන්නේ.” 14 එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා.
“උතුරු දිශාවෙන් වේගයෙන් විපතක් එනවා.
ඒක එන්නේ දේශයේ ඉන්න හැම කෙනෙක්ටම විරුද්ධවයි.+
15 මොකද ‘මම උතුරේ තියෙන රාජ්‍යයන්වලට අයිති හැම ගෝත්රයක්ම කැඳවනවා’ කියලා යෙහෝවා කියනවා.+
‘ඒ හැම ගෝත්රයක්ම එයි. ඔවුන්ගේ රජවරු ඇවිත් තමන්ගේ සිංහාසන පිහිටුවයි.
යෙරුසලමේ දොරටු ළඟ ඒවා පිහිටුවයි.+
ඇය වටා තියෙන හැම පවුරකටම විරුද්ධවත්
යූදා දේශයේ හැම නගරයකටම විරුද්ධවත් ඔවුන් අනිවාර්යයෙන්ම එයි.+
16 මගේ සෙනඟ කරපු හැම දුෂ්ට දේකටම විරුද්ධව මම මගේ විනිශ්චය ප්‍රකාශ කරනවා.
මොකද ඔවුන් මාව අතහැරලා+
වෙනත් දෙවිවරුන්ට පූජා* ඔප්පු කරනවා.+
ඔවුන්ම හදාගත්ත දේවල් ඉස්සරහා වැඳ වැටෙනවා.’+
එයාලට බය වෙන්න එපා.+
ඔයා එයාලට බය වුණොත් එයාලා ගැන ඔයාට තියෙන බය මම තව වැඩි කරනවා.