ගීතාවලිය
දාවිත් රචනා කරපු ගීතයක්.
138 මගේ මුළු හදවතින්ම මම ඔබට ප්‍රශංසා කරනවා.+
වෙනත් දෙවිවරුන් ඉස්සරහා මම ඔබට ප්‍රශංසා ගී ගයනවා.*
2 ඔබ පෙන්වන නොසැලෙන ආදරේ නිසාත් ඔබේ විශ්වාසවන්තකම නිසාත්
මම ඔබේ ශුද්ධ මාලිගාව* දිහාවට හැරිලා වැඳ වැටෙනවා.+
ඔබේ නමට ප්‍රශංසා කරනවා.+
මොකද ඔබේ නමත් ඔබේ පොරොන්දුත්
අනිත් හැම දේටම වඩා ශ්‍රේෂ්ඨයි කියලා ඔබ පෙන්වලා තියෙනවා.*
3 මම ඔබෙන් උදව් ඉල්ලපු දවසේම ඔබ මට උත්තර දුන්නා.+
මාව ශක්තිමත් කරලා, නිර්භීතව වැඩ කරන්න මට උදව් කළා.+
6 යෙහෝවා කොයි තරම් උසස් වුණත්
නිහතමානී අය ගැන ඔහු සැලකිලිමත් වෙනවා.+
ඒත් උඩඟු අයගෙන් ඔහු ඈත් වෙලා ඉන්නවා.+
7 අනතුරු මැදින් මට යන්න වුණත් ඔබ මගේ ජීවිතය රැක දෙනවා.+
කේන්තියෙන් ඉන්න මගේ සතුරන්ට විරුද්ධව ඔබ ඔබේ අත දිගු කරනවා.
ඔබේ දකුණතින් ඔබ මාව ගලවගන්නවා.
8 මං වෙනුවෙන් අරමුණු කරපු හැම දේම යෙහෝවා ඉටු කරනවා.