ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. ගීයක්.
66 පොළොවේ වැසියෙනි, සතුටින් දෙවියන්ට ජය නාද නඟන්න.+
2 ඔහුගේ ශ්‍රේෂ්ඨ නමට ප්‍රශංසා ගී ගයන්න.*
ඔහුට ගෞරවයත් ප්‍රශංසාවත් ලබා දෙන්න.+
3 දෙවියන්ට මෙහෙම කියන්න. “ඔබ කරන දේවල් මොන තරම් පුදුමාකාරද!+
ඔබේ මහත් බලය දැකලා ඔබේ සතුරෝ වෙවුලමින්+
ඔබ ඉස්සරහට ඇවිත් දණ නමයි.
4 පොළොවේ ඉන්න හැමෝම ඔබ ඉස්සරහා වැඳ වැටෙයි.+
ඔවුන් ඔබට ප්‍රශංසා ගී ගයයි.
ඔබේ නමට ප්‍රශංසා ගී ගයයි.”+ (සීලාහ්)
5 ජනයෙනි, ඇවිත් දෙවියන් කරන දේවල් දිහා බලන්න.
ඔහු මිනිසුන් වෙනුවෙන් කරන දේවල් දැක්කාම ඔහු ගැන ලොකු ගරුබියක් ඇති වෙනවා.+
එහෙදී දෙවියන් කරපු දේවල් නිසා අපි මොන තරම් සතුටු වුණාද!+
7 ඔහුගේ මහත් බලය නිසා ඔහු සදහටම පාලනය කරනවා.+
ඔහු ජාතීන් දිහා බලාගෙන ඉන්නවා.+
මුරණ්ඩු සිත් ඇති අය තමන්වම උසස් කර නොගනීවා!+ (සීලාහ්)
11 ඔබ අපිව දැලකට හසු කළා.
දරාගන්න බැරි බරක් අපි පිට පැටෙව්වා.
12 අපිව පාගලා දාන්න ඔබ මිනිසුන්ට* ඉඩහැරියා.
අපි ගිනි ජාලා මැදිනුත් ජල ධාරා මැදිනුත් ආවා.
ඊටපස්සේ සැනසීමේ ඉන්න පුළුවන් තැනකට ඔබ අපිව ගෙනාවා.
13 මම දවන පූජා අරගෙන ඔබේ ගෘහයට එන්නම්.+
ඔබට දුන්න පොරොන්දු ඉටු කරන්නම්.+
14 දුක් කරදරවලට මුහුණ දුන්න කාලයේදී
මං වුණ පොරොන්දු මම ඉටු කරන්නම්.+
ගොනුන්වත් එළුවන්වත් ඔප්පු කරන්නම්. (සීලාහ්)
16 දෙවියන් ගැන ගරුබියක් ඇති සියල්ලෙනි, ඇවිත් මට ඇහුම්කන් දෙන්න.
දෙවියන් මං වෙනුවෙන් කරපු හැම දෙයක්ම මම ඔබට කියන්නම්.+
17 මං උදව් ඉල්ලලා ඔහුට හඬගැසුවා.
මං ඔහුට ප්‍රශංසා කළා.
20 දෙවියන්ට ප්‍රශංසා වේවා!
ඔහු මගේ යාච්ඤාව අහක දැම්මේ නැහැ.
ඔහුගේ නොසැලෙන ආදරේ මට නොපෙන්වා හිටියේ නැහැ.