යෝබ්
27 යෝබ් දිගටම එයාගේ තර්කය ඉදිරිපත් කළා.*
මගේ ජීවිතය මේ තරම් දුක් ගැහැටවලින් පුරවපු,+
සියලු බලැති ජීවමාන දෙවියන් ඉස්සරහා මං දිවුරලා මේ දේ කියනවා.
3 මං හුස්ම ගන්න තාක් කල්,
දෙවියන්ගේ හුස්ම මං තුළ තියෙන තාක් කල්,+
4 මගේ කටින් කිසි දුෂ්ට වචනයක් පිට වෙන්නේ නැහැ.
මගේ මුවින් කිසි වංචනික දෙයක් පවසන්නෙත් නැහැ.
5 මං කොහොමද ඔයාලා වගේ අයට ධර්මිෂ්ඨයන් කියලා කියන්නේ?
අවසන් හුස්ම හෙළන කල්ම මං දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා.+
6 මං ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරනවා.
මං කවදාවත් ඒ මඟෙන් ඉවතට යන්නේ නැහැ.+
මගේ ජීවිතේ තියෙන තාක් කල්* මගේ හිත මට දොස් කියන්නේ නැහැ.
7 දුෂ්ටයාට ලැබෙන දඬුවම මගේ සතුරාටත් ලැබේවා!
වරදකරුවන්ට වෙන දේම මගේ විරුද්ධකාරයාටත් සිදු වේවා!
8 දෙවියන් ගැන කිසි ගරුබියක් නැති* කෙනෙක් විනාශ වෙද්දී,+
දෙවියන් ඒ කෙනාගේ ජීවිතය නැති කරද්දී,
ඒ කෙනාට කිසිම බලාපොරොත්තුවක් තියෙනවාද?
10 සියලු බලැති දෙවියන්ට ළං වෙලා එයා සතුටක් අද්දකියිද?
එයා හැම වෙලාවකම දෙවියන්ට අයැදියිද?
11 දෙවියන්ගේ බලය මොන තරම්ද කියලා මං ඔයාලට කියලා දෙන්නම්.*
සියලු බලැති දෙවියන් ගැන මං දන්න හැම දෙයක්ම නොසඟවා කියන්නම්.
12 ඔයාලා හැමෝම දර්ශන දැක්කා කියන දේ ඇත්තක් නම්,
ඔයාලා කිසිම පලක් නැති හිස් වචන කියන්නේ ඇයි?
13 දුෂ්ටයාට දෙවියන්ගෙන් ලැබෙන දායාදය මොකක්ද?+
අනිත් අයට කුරිරුකම් කරන කෙනාට
සියලු බලැති දෙවියන්ගෙන් ලැබෙන උරුමය මොකක්ද?
14 එයාට දරුවන් හුඟදෙනෙක් ලැබුණත් ඒ හැමෝම කඩුවෙන් මැරුම් කයි.+
එයාගේ දරු මුනුපුරන්ට කුසගින්න නිවාගන්න ඇති තරම් කෑම නොලැබෙයි.
15 දුෂ්ටයාගේ පෙළපතේ ඉතුරු වෙලා ඉන්න අය වසංගතයකින් මිය යයි.
ඒ අයගේ වැන්දඹුවන්වත් එයාලා වෙනුවෙන් කඳුළු සලන්නේ නැහැ.
16 එයා වැලි ගොඩගහනවා වගේ රිදී ගොඩගැහුවත්
මැටි එකතු කරනවා වගේ වටිනා ඇඳුම් එකතු කරගත්තත්
17 එයා ගොඩගහපු රිදී උරුම වෙන්නේ නිර්දෝෂ අයටයි.
එයා එකතු කරගත්ත ඇඳුම් අයිති වෙන්නේ ධර්මිෂ්ඨ අයටයි.+
19 දුෂ්ටයා නින්දට යද්දී ධනවතෙක් වෙලා හිටියත්
එයාගේ අස්වැන්නෙන් එයාට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.
එයා අවදි වෙද්දී එයාට තියෙන හැම දේම නැති වෙලා තියෙයි.