ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීතයක්.
2 යාච්ඤා අසන තැනැත්තාණෙනි, හැම පසුබිමකටම අයිති මිනිසුන් ඔබ ඉස්සරහට එයි.+
4 ඔබ ළඟට එන්න ඔබෙන් ආරාධනාවක් ලබපු කෙනා සන්තෝෂවත්.
ඔබේ මාලිගාවේ මළුවේ දිගටම ඉන්න අවස්ථාව ලැබුණ ඒ කෙනා සන්තෝෂවත්.+
ඔබේ ගෘහය වන ශුද්ධ මාලිගාවෙන්+ ලැබෙන යහපත් දේවල් නිසා අපි තෘප්තියට පත් වෙනවා.+
5 ඔබ ගරුබිය උපදවන දේවල් කරලා අපේ ඉල්ලීම් ඉටු කරනවා.+
ඔබ කරන ඒ හැම දෙයක්ම ධර්මිෂ්ඨයි.
අපිට ගැලවීම ලබා දෙන දෙවියනි, පොළොවෙත්
මහ සයුරේ ඈත කෙළවරෙත් ඉන්න හැමෝම විශ්වාසය තියන්නේ ඔබ මතයි.+
8 ඔබ පෙන්වන ලකුණු දැකලා ඈත එපිට ගම්මානවල ඉන්න අයත් පුදුමයට පත් වෙයි.+
හිරු නැඟ එන පැත්තේ ඉන්න අයත් හිරු බැස යන පැත්තේ ඉන්න අයත් ඔබ නිසා ප්රීති ඝෝෂා නඟයි.
10 ඔබ කෙත්වල ලියැදි වැස්සෙන් තෙමලා කෙතේ පස සකස් කරනවා.
ඔබ වැසි වස්සලා පස බුරුල් කරනවා. භෝග සරුවට වැඩෙන්න සලස්වනවා.+
ඒවා ජය නාද නඟනවා. සතුටින් ගී ගයනවා.+