යෙසායා
20 ඇසිරියාවේ රජ වුණ සර්ගොන් එයාගේ හමුදාපතිව* අෂ්දොද්වලට+ යවපු අවුරුද්දේ ඒ හමුදාපති අෂ්දොද්වලට විරුද්ධව සටන් කරලා ඒක අල්ලගත්තා.+ 2 ඒ කාලේදී යෙහෝවා දෙවියන් ආමොෂ්ගේ පුතා වුණ යෙසායා මාර්ගයෙන්+ මෙහෙම කිව්වා. “ගිහින් ඔයාගේ ඉණ වටේ දාගෙන ඉන්න ගෝණි රෙදියි, ඔයාගේ පාවහනුයි ගලවලා දාන්න.” ඉතින් යෙසායා එහෙම කළා. එයා ඇඳුම්* සහ පාවහන් නැතුව එහේ මෙහේ ඇවිද්දා.
3 ඊටපස්සේ යෙහෝවා මෙහෙම කිව්වා. “මගේ සේවකයා වන යෙසායා අවුරුදු තුනක් තිස්සේ ඇඳුමුයි, පාවහනුයි නැතුව ඇවිද්දා. ඔහු කරපු ඒ දේ ඊජිප්තුවටයි,+ ඉතියෝපියාවටයි+ වෙන්න යන දේට ලකුණක් සහ අනතුරු ඇඟවීමක් වෙයි.+ 4 ඇසිරියාවේ රජ ඇවිත් ඊජිප්තුවෙනුයි, ඉතියෝපියාවෙනුයි වහලුන් විදිහට බාල මහලු හැම කෙනෙක්වම අරගෙන යයි.+ ඔහු ඔවුන්ගේ ඇඳුම් සහ පාවහන් ගලවලා දායි. තට්ටම් පේන තරමට ඇඳුම් ඉරලා දායි. ඒ විදිහට ඊජිප්තුව නින්දාවට පත් වෙයි. 5 එතකොට ඉතියෝපියාව ගැන බලාපොරොත්තු තිබ්බ අයයි, ඊජිප්තුව ගැන ආඩම්බර වුණ* අයයි හොඳටම බය වෙයි. ඔවුන් ලැජ්ජාවට පත් වෙයි. 6 ඒ කාලේදී ඒ වෙරළබඩ ප්රදේශයේ ඉන්න මිනිස්සු මෙහෙම කියයි. ‘අපි බලාපොරොත්තු තියාගෙන හිටපු අයට වුණ දේ බලන්න! ඇසිරියාවේ රජගෙන් බේරෙන්න අපි දුවලා ගියේ ඔවුන් ළඟටයි. දැන් ඉතින් කවුද අපිව බේරගන්නේ?’”