ගීතාවලිය
සලමොන් ගැන.
72 දෙවියනි, ඔබේ තීන්දුවලට අනුව විනිශ්චය කරන්න රජුට උගන්වන්න.
ඔබ වගේ ධර්මිෂ්ඨව වැඩ කරන්න රජුගේ පුතාට උදව් කරන්න.+
2 ඔහු ධර්මිෂ්ඨකමින් ඔබේ සෙනඟ වෙනුවෙන් පියවර ගනු ලැබේවා!
අසරණ වෙලා ඉන්න අයට යුක්තිය ඉටු කරලා දෙනු ලැබේවා!+
3 කඳුවලින් සමාදානයත්
හෙල් අතරින් ධර්මිෂ්ඨකමත් සෙනඟ වෙතට ගලා ඒවා!
4 සෙනඟ අතරේ ඉන්න අසරණයන් වෙනුවෙන් ඔහු කතා කරනු* ලැබේවා!
දුගී දුප්පත් අයව බේරගනු ලැබේවා!
වංචා කරන අයව පාගලා පොඩි කරනු ලැබේවා!+
10 තර්ෂිෂ්වලත් දූපත්වලත් රජවරු ඔහුට බදු ගෙවයි.+
ෂෙබාවලත් සෙබාවලත් රජවරු ඔහුට තෑගිබෝග ගෙනත් දෙයි.+
11 රජවරු හැමෝම ඔහු ඉස්සරහා වැඳ වැටෙයි.
හැම ජාතියකටම අයත් අය ඔහුට සේවය කරයි.
12 මොකද උදව් ඉල්ලලා හඬ නඟන දුප්පතාව ඔහු ගලවගනියි.
පීඩාවට පත් වුණ අයවත් අන්ත අසරණ වෙලා ඉන්න අයවත් ඔහු බේරගනියි.
13 අසරණ අයටත් දුප්පත් අයටත් ඔහු අනුකම්පා කරයි.
දුප්පත් අයගේ ජීවිත ඔහු බේරගනියි.
14 පීඩා කරන, කුරිරු දේවල් කරන අයගෙන් ඔහු ඔවුන්ව මුදවගනියි.
ඔහු ඔවුන්ගේ ජීවිත* හුඟක් වටින දෙයක් විදිහට සලකයි.
15 රජ දිගු කල් ජීවත් වේවා! ෂෙබාවල රන් ඔහුට දෙනු ලැබේවා!+
සෙනඟ ඔහු වෙනුවෙන් දිගටම යාච්ඤා කරනු ලැබේවා!
දවස තිස්සේම ඔහුට ආශීර්වාද කරනු ලැබේවා!
සෙනඟ ඔහු මාර්ගයෙන් ආශීර්වාද ලබාගනීවා!+
ඔහු සන්තෝෂවත් කෙනෙක් කියලා සියලු ජාතීන් පවසයි.
ආමෙන්! ආමෙන්!*