හිතෝපදේශ
28 තමන්ගේ පස්සෙන් කවුරුත් පන්නගෙන ආවේ නැතත් දුෂ්ටයා බයෙන් දුවයි.
2 රටක නීති විරෝධී දේවල් වෙද්දී* පාලකයන්ව නිතර නිතර වෙනස් කරන්න වෙයි.+
ඒත් හොඳ අවබෝධයක් තියෙන බුද්ධිමත් කෙනෙක්ගේ උදව්වෙන් පාලකයෙක් හුඟක් කල් පාලනය කරයි.+
5 යුක්තිය කියන්නේ මොකක්ද කියලා නපුරු මිනිස්සුන්ට තේරුම්ගන්න බැහැ.
ඒත් යෙහෝවාව හොයන අයට හැම දේම වටහාගන්න පුළුවන්.+
7 අවබෝධයෙන් වැඩ කරන පුතෙක් නීතිය පිළිපදියි.
ඒත් කෑදර අය එක්ක ඇසුරු කරන පුතෙක් එයාගේ තාත්තාට ලැජ්ජාවක්.+
8 පොලී අය කරන,+ අසාධාරණ විදිහට ලාභ ලබන කෙනෙක් පොහොසතෙක් වෙනවා.
ඒත් එයා රැස් කරගත්ත දේ අයිති වෙන්නේ දුප්පතුන්ට කරුණාව පෙන්වන අයටයි.+
9 නීතියට ඇහුම්කන් දෙන්නේ නැති කෙනාගේ යාච්ඤාවත් දෙවියන්ට පිළිකුලක්.+
11 පොහොසත් කෙනා හිතන්නේ එයා ප්රඥාවන්තයෙක් කියලයි.+
ඒත් එයාගේ සැබෑ තත්වය තේරුම්ගන්න වටහාගැනීමේ හැකියාව තියෙන දුප්පතෙක්ට පුළුවන්.+
13 තමන්ගේ වැරදි හංගන කෙනා සාර්ථක වෙන්නේ නැහැ.+
ඒත් තමන්ගේ වැරදි හෙළි කරලා ඒවාවලින් ඈත් වෙන කෙනාට දයාව පෙන්වයි.+
14 තමන් කරන කියන දේවල් ගැන නිතරම හොඳ අවධානයෙන් ඉන්න කෙනා* සන්තෝෂවත්.
ඒත් හිත දැඩි කරගන්න කෙනා ලොකු අනතුරකට වැටෙයි.+
16 වටහාගැනීමේ හැකියාව නැති නායකයෙක් බලය අයුතු විදිහට පාවිච්චි කරනවා.+
ඒත් වංචාවෙන් ලාභ උපයන එක පිළිකුල් කරන කෙනා හුඟක් කල් ජීවත් වෙනවා.+
17 මිනිසෙක්ගේ මරණයට වග කියන්න ඕනෙ කෙනාට* මිනී වළට යන කල්ම පලා යන්න වෙයි.+
ඒ වගේ කෙනෙක්ට උදව් කරන්න එපා.
19 තමන්ගේ කෙත්වතුවල වගා කරන කෙනාට කෑමෙන් කිසිම හිඟයක් නැහැ.
ඒත් නිෂ්ඵල දේවල් පස්සේ යන කෙනා දුප්පතෙක් වෙයි.+
20 විශ්වාසවන්ත කෙනාට හුඟක් ආශීර්වාද ලැබෙයි.+
ඒත් ඉක්මනින් පොහොසත් වෙන්න හදන කෙනාට වැඩි කල් නිර්දෝෂව ඉන්න බැරි වෙයි.+
22 ඊර්ෂ්යා කරන* කෙනා වස්තුව ලබාගන්න වෙහෙසෙනවා.
ඒත් එයා දන්නේ නැහැ අන්තිමේදී එයා දුප්පතෙක් වෙනවා කියලා.
දේවල් නැති නාස්ති කරන කෙනාගේ හවුල්කරුවෙක්.+