ගීතාවලිය
දාවිත්ගේ යාච්ඤාවක්.
2 මම ඔබට විශ්වාසවන්තව ඉන්න නිසා මගේ ජීවිතේ ආරක්ෂා කරන්න.+
මගේ දෙවියන් ඔබයි. ඔබ ගැන විශ්වාසය තියන ඔබේ සේවකයාව බේරගන්න.+
5 යෙහෝවා දෙවියනි, ඔබ සමාව දෙන්න කැමති,+ යහපත් දෙවි කෙනෙක්.+
ඔබේ නම කියලා අයැදින හැමෝටම ඔබ පෙන්වන නොසැලෙන ආදරේට නිමක් නැහැ!+
8 යෙහෝවා දෙවියනි, ඔබට සමාන වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ.+
ඔබ කරලා තියෙන දේවල් වෙන කිසිම කෙනෙක් කරලත් නැහැ.+
9 යෙහෝවා දෙවියනි, ඔබ ජීවිතය දුන්න සියලුම ජාතීන්
ඔබ ඉස්සරහට ඇවිත් වැඳ වැටෙයි.+
ඔවුන් ඔබේ නම ගෞරවයට පත් කරයි.+
11 යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ග ගැන මට උගන්වන්න.+
ඔබ උගන්වන සත්‍ය මාර්ගයේ මම ගමන් කරන්නම්.+
ඔබේ නමට මුළු හදවතින්ම* ගෞරව කරන්න මට උදව් කරන්න.+
12 යෙහෝවා මගේ දෙවියනි, මගේ මුළු හිතින්ම මම ඔබට ප්‍රශංසා කරනවා.+
හැමදාම ඔබේ නම ගෞරවයට පත් කරනවා.
13 ඔබ මට පෙන්වන නොසැලෙන ආදරය මොන තරම්ද!
ඔබ මාව මිනී වළෙන් ගලවගත්තා.+
15 ඒත් යෙහෝවා, ඔබ අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.
ඔබ ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.
ඔබ හැම වෙලේම විශ්වාසවන්තව වැඩ කරන,*
නොසැලෙන ආදරයකින් පිරුණු දෙවි කෙනෙක්.+
16 දෙවියනි, මං දිහා බලලා මට කරුණාව පෙන්වන්න.+
ඔබේ සේවකයාට ශක්තිය ලබා දෙන්න.
ඔබේ දාසියගේ පුතාව බේරගන්න.+
17 ඔබ මට කොච්චර ආදරෙයිද කියලා මට වෛර කරන අයට පෙන්වලා
ඔවුන්ව ලැජ්ජාවට පත් කරන්න.
යෙහෝවා දෙවියනි, මගේ උදව්වට ඉන්නෙත් මාව සනසන්නෙත් ඔබයි.