දෙවෙනි සාමුවෙල්
9 දවසක් දාවිත් එයාගේ සේවකයන්ගෙන් මෙහෙම ඇහුවා. “සාවුල්ගේ පවුලේ කවුරු හරි තාමත් ජීවත් වෙනවාද? ඉන්නවා නම් මට කියන්න. යොනාතාන්ට පොරොන්දු වුණ විදිහට මට ඕනෙ ඒ කෙනාට ආදරෙන් සලකන්න.”+ 2 සාවුල්ගේ ගෙදර සේවය කරපු ෂීබා+ කියලා කෙනෙක් හිටියා. දාවිත්ගේ සේවකයන් එයාව දාවිත් ළඟට ගෙන්නගත්තා. දාවිත් රජ එයාගෙන් මෙහෙම ඇහුවා. “ෂීබා කියන්නේ ඔයාටද?” එතකොට ෂීබා “ඔව් ස්වාමීනි, මං ඔබේ සේවකයා වන ෂීබා” කියලා රජට කිව්වා. 3 ඊටපස්සේ රජ එයාගෙන් මෙහෙම ඇහුවා. “සාවුල්ගේ පවුලේ එක් කෙනෙක් හරි තාම ජීවතුන් අතරේ ඉන්නවාද? එහෙම කෙනෙක් ඉන්නවා නම් මට ඕනෙ දෙවියන් පෙන්නනවා වගේ නොසැලෙන ආදරයක් එයාට පෙන්නන්න.” එතකොට ෂීබා කිව්වා “යොනාතාන්ගේ පුතෙක් තාම ජීවතුන් අතරේ ඉන්නවා. එයාගේ කකුල් දෙකම කොරයි”+ කියලා. 4 රජ එයාගෙන් ඇහුවා “එයා කොහෙද ඉන්නේ” කියලා. ෂීබා මෙහෙම කිව්වා. “එයා ඉන්නේ ලොදේබාර්වල තියෙන අමියෙල්ගේ පුතා වන මාකීර්ගේ+ ගෙදර.”
5 දාවිත් ඒ වෙලාවෙම ලොදේබාර්වල තිබුණ අමියෙල්ගේ පුතා වන මාකීර්ගේ ගෙදරට සේවකයන්ව යවලා යොනාතාන්ගේ පුතාව ගෙන්නගත්තා. 6 සාවුල්ගේ මුනුපුරා ඒ කියන්නේ යොනාතාන්ගේ පුතා වන මෙෆිබොෂෙත් දාවිත් ඉස්සරහට ඇවිත් බිම දණගහගෙන බිමටම ඔළුව පහත් කළා. දාවිත් “මෙෆිබොෂෙත්” කියලා එයාට කතා කරද්දී මෙෆිබොෂෙත් “කියන්න මගේ ස්වාමීනි” කියලා දාවිත්ට කිව්වා. 7 දාවිත් එයාට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. ඔයාගේ තාත්තා යොනාතාන්ට මං පොරොන්දුවක් වුණා. ඒ නිසා මම ඔයාට ආදරෙන්*+ සලකලා ඔයාව හොඳින් බලාගන්නවා. ඔයාගේ සීයා සාවුල්ට අයිති ඉඩම් ඔක්කොම මං ආයෙත් ඔයාට පවරනවා. ඔයාට පුළුවන් හැමදාම මාත් එක්ක එකට වාඩි වෙලා කෑම කන්න.”+
8 ඒක ඇහුවාම මෙෆිබොෂෙත් එයාගේ ඔළුව බිමටම පහත් කරලා දාවිත්ට මෙහෙම කිව්වා. “මං හරියට මැරුණු බල්ලෙක්+ වගේ. මං වගේ කෙනෙක්ට ඇයි ඔබ මෙච්චර ආදරෙන් සලකන්නේ?” 9 ඊටපස්සේ රජ සාවුල්ගේ සේවකයෙක් වුණ ෂීබාට එන්න කියලා මෙහෙම කිව්වා. “සාවුල්ටයි, එයාගේ පවුලේ අයටයි අයිති වෙලා තිබුණ හැම දෙයක්ම මං ඔයාගේ ස්වාමියාගේ මුනුපුරාට භාර දෙනවා.+ 10 ඔයායි, ඔයාගේ පුතාලයි, ඔයාගේ සේවකයනුයි එයා වෙනුවෙන් ගොවිතැන් කරන්න. ඒ අස්වැන්නෙන් ඔයාගේ ස්වාමියාගේ මුනුපුරාගේ පවුලේ අයට කන්න දෙන්න. ඒත් ඔයාගේ ස්වාමියාගේ මුනුපුරා වන මෙෆිබොෂෙත් හැමදාම කෑම කන්නේ මං එක්කයි.”+
ෂීබාට පුතාලා 15දෙනෙකුත් සේවකයෝ 20දෙනෙකුත් හිටියා.+ 11 ෂීබා, රජට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබේ සේවකයා වන මම ඔබ අණ කරපු විදිහටම කරන්නම්.” ඉතින් මෙෆිබොෂෙත් රජගේ පුතෙක් වගේ දාවිත් එක්ක* එකට වාඩි වෙලා කෑම කෑවා. 12 මෙෆිබොෂෙත්ට මිකා+ කියලා පොඩි පුතෙක් හිටියා. ෂීබාගේ ගෙදර හිටපු හැමෝම මෙෆිබොෂෙත්ට සේවය කළා. 13 මෙෆිබොෂෙත් ජීවත් වුණේ යෙරුසලමේ. එයා හැම දවසකම රජත් එක්ක එකට වාඩි වෙලා කෑම කෑවා.+ එයාගේ කකුල් දෙකම කොර වෙලයි තිබුණේ.+