ගීතාවලිය
සබත් දවසේදී ගායනා කරන ගීතිකාවක්.
92 යෙහෝවාට ස්තුති කරන එක මොන තරම් යහපත් දෙයක්ද!+
උසස්ම දෙවියනි, ඔබේ නමට ප්‍රශංසා ගී ගයන එක* කොයි තරම් වටිනවාද!
2 උදෑසනින්ම ඔබේ නොසැලෙන ආදරය ගැනත්+
හැම රාත්‍රියකම ඔබේ විශ්වාසවන්තකම ගැනත් කතා කරන එක මොන තරම් අගනා දෙයක්ද!
3 කුඩා වීණාවත් විශාල වීණාවත්* වයමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.
වීණාවේ මිහිරි නාදය මුසු කරමින් ඔහුට ස්තුති දෙන්න.+
4 යෙහෝවා දෙවියනි, ඔබ පුදුම දේවල් කරලා මාව සතුටට පත් කළා.
ඔබේ මහත් බලයෙන් ඔබ කරපු දේවල් නිසා මම ප්‍රීති ඝෝෂා නඟනවා.
5 යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා මොන තරම් ශ්‍රේෂ්ඨද!+
ඔබේ සිතුවිලි කොයි තරම් ගැඹුරුද!+
7 දුෂ්ටයෝ තණකොළ* වගේ වර්ධනය වෙනවා.
වැරදි දේවල් කරන අය සශ්‍රීකව වැඩෙනවා.
ඒත් අන්තිමේදී ඔවුන් සදහටම විනාශ වෙලා යනවා.+
8 යෙහෝවා දෙවියනි, අනිත් හැමෝටම වඩා උසස් ඔබයි.
හැමදාමත් ශ්‍රේෂ්ඨතම කෙනා ඔබයි.
9 යෙහෝවා, ඔබේ සතුරන් දිහා බලන්න.
ඔවුන් අනිවාර්යයෙන්ම විනාශ වෙලා යනවා.
වැරදි දේවල් කරන හැමෝවම සීසීකඩ යවනවා.+
11 මගේ සතුරන් වැටිලා යද්දී මම ඒ දිහා සතුටින් බලාගෙන ඉන්නවා.+
මට පහර දෙන දුෂ්ටයන්ගේ පරාජය ගැන මට දැනගන්න ලැබෙනවා.
14 මහලු වයසේදීත් ඔවුන් සරුවට වැඩෙනවා.+
ඔවුන් හැමදාමත් ප්‍රාණවත්ව, ශක්තිමත්ව ඉන්නවා.+
15 යෙහෝවා ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් කියලා ඔවුන් හැමෝටම දැනුම් දෙනවා.
දෙවියන් මගේ පර්වතයයි.+ ඔහු කවදාවත් කිසිම වැරදි දෙයක්* කරන්නේ නැහැ.