ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. “ලිලී මල්” කියන තාලයට ගායනා කරන්න. දාවිත් රචනා කරපු ගීයක්.
මම ඉන්නේ ගැඹුරු දියේ.
සැඩ පහරකින් මාව ගහගෙන යනවා.+
මගේ දෙවියන් මට උදව් කරන කල් බලන් ඉඳලාම
මගේ දෙනෙත් විඩාබර වෙලා.+
මාව මරලා දාන්න හදන අය,
මට ද්‍රෝහිකම් කරන අය* ගණන් කරන්න බැරි තරම්.
මම කිසිම දෙයක් හොරකම් කළේ නැහැ.
ඒත් මට අයිති දේවල් ඔවුන් බලෙන් ගත්තා.
5 දෙවියනි, මං කරපු මෝඩකම් ගැන ඔබ දන්නවා.
මං කරපු වැරදිත් ඔබෙන් හැංගිලා නැහැ.
6 ශ්‍රේෂ්ඨතම පාලකයාණෙනි,
ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි,
ඔබ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න අයට මං නිසා ලැජ්ජා වෙන්න දෙන්න එපා.
ඊශ්‍රායෙලයේ දෙවියනි, ඔබේ මඟ පෙන්වීම් පතන අයට මං නිසා නින්දා විඳින්න දෙන්න එපා.
9 ඔබේ ගෘහය ගැන මට තියෙන ළැදියාව මොන තරම්ද!+
ඒක මගේ හිතේ ඇවිළෙන ගින්නක් වගේ.
ඔබට නින්දා කරන අයගේ නින්දා අපහාස වැටුණේ මං පිටටයි.+
11 මං ගෝණි රෙදි ඇඳගත්තාම ඔවුන් මාව විහිළුවකට ගත්තා.
12 නුවර දොරටුව ළඟ ඉඳගෙන ඉන්න හැමෝම මං ගැන කතා වෙනවා.
බේබද්දන් මට සරදම් කරකර ගී ගැයුවා.
13 ඒත් යෙහෝවා දෙවියනි, මම දිගටම ඔබට යාච්ඤා කරනවා.
ඔබේ අනුමැතිය දිනාගන්න අවස්ථාව තියෙන කාලයේදී මම ඔබට යාච්ඤා කරනවා.+
නිමක් නැති ඔබේ නොසැලෙන ආදරය පෙන්වලා මට උත්තර දෙන්න.
නොවරදවාම මගේ උදව්වට එන ගැලවුම්කරු ඔබයි කියලා පෙන්වන්න.+
14 අනේ දෙවියනි, මඩ වගුරේ ගැඹුරට එරෙන්න නොදී මාව බේරගන්න.
මට වෛර කරන අයගෙන් මාව ගලවගන්න.
ගැඹුරු දියෙන් මාව ඇදලා ගන්න.+
16 යෙහෝවා දෙවියනි, ඔබේ නොසැලෙන ආදරය මොන තරම් යහපත්ද!+
ඔබ කොයි තරම් දයාන්විත දෙවි කෙනෙක්ද!
ඒ නිසා මං දිහා බලලා මට උත්තර දෙන්න.+
මට උත්තර දෙන්න ප්‍රමාද වෙන්න එපා.
මොකද මං පීඩාවලින් හෙම්බත් වෙලා.+
18 මං ළඟට ඇවිත් මාව ගලවගන්න.
මගේ සතුරන්ගෙන් මාව බේරගන්න.
මගේ හැම සතුරෙක්වම ඔබට පේනවා.
කවුරු හරි මට අනුකම්පා කරයි කියලා මං බලාගෙන හිටියා.
ඒත් කවුරුත්ම මට අනුකම්පා කළේ නැහැ.+
මාව සනසන කෙනෙක් එන කල් මං බලන් හිටියා.
ඒත් මාව සනසන්න කිසි කෙනෙක් ආවේ නැහැ.+
22 ඔවුන් පිළියෙල කරගත්ත මේසය ඔවුන්ටම උගුලක් වේවා!
ඔවුන් රැස් කරගත්ත දේවල් ඔවුන්වම අහු කරගන්න දැලක් වගේ වේවා!+
26 මොකද ඔබෙන් පහර ලබපු කෙනා පස්සේ ඔවුන් පන්නගෙන යනවා.
ඔබ තුවාල කරපු අය විඳින වේදනා ගැන ඔවුන් සතුටින් කතා කරනවා.
27 ඔවුන් කරපු වැරදි එක පිට එක ගොඩගහලා ඔවුන්ට දඬුවම් කරන්න.
ඔවුන්ව ධර්මිෂ්ඨයන් විදිහට ගණන් ගන්න එපා.
28 ජීවනය ලබන අයගේ නම් තියෙන ලියවිල්ලෙන්* ඔවුන්ගේ නම් මකලා දාන්න.+
ධර්මිෂ්ඨ අයගේ නම් එක්ක ඔවුන්ගේ නම් සඳහන් කරන්න එපා.+
29 මං ඉන්නේ දුකෙන්, වේදනාවෙන්.+
දෙවියනි, ඔබේ බලයෙන් මාව බේරගෙන මාව ආරක්ෂා කරන්න.
30 එතකොට මම දෙවියන්ගේ නමට ප්‍රශංසා ගී ගයනවා.
ඔහුට ස්තුති දෙමින් ඔහුව ගෞරවයට පත් කරනවා.
31 පූජාවක් විදිහට ගවයෙක්ව ඔප්පු කරනවාට වඩා යෙහෝවාට ඒක වටිනවා.
අං සහ කුර තියෙන වස්සෙක්ව ඔප්පු කරනවාට වඩා දෙවියන් ඒකෙන් සතුටු වෙනවා.+
32 නිහතමානී අය දෙවියන්ගේ යහපත දැකලා සතුටු වෙයි.
දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන සියල්ලෙනි, ඔබේ සිත් සවිමත් වේවා!
33 මොකද යෙහෝවා අසරණයන්ගේ කන්නලව්වලට ඇහුම්කන් දෙනවා.+
වහලුන් වෙලා ඉන්න ඔහුගේ සෙනඟව ඔහු හෙළා දකින්නේ නැහැ.+