ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවලින් යේසුස් තමයි ගැලවුම්කරු කියලා ඔප්පු වෙනවාද?
බයිබලයේ ඒ ගැන කියන දේ
ඔව්. ඔප්පු වෙනවා. “මෙලොවට ගැලවුම්කරු” විදිහට එන “නායකයා වන මෙසියස්” ගැන තිබ්බ අනාවැකි විශාල ප්‍රමාණයක් යේසුස් මේ පොළොවේ ඉද්දීම ඉටු වුණා. (දානියෙල් 9:25; 1 යොහන් 4:14) යේසුස් මිය ගියාට පස්සෙත් මෙසියස්, ඒ කියන්නේ ගැලවුම්කරු ගැන තිබ්බ අනාවැකි යේසුස් තුළින් ඉටු වුණා.—ගීතාවලිය 110:1; ක්‍රියා 2: 34-36.
“මෙසියස්” කියන වචනයේ තේරුම මොකක්ද?
“මෂියා” (මෙසියස්) කියන හෙබ්‍රෙව් වචනයටත් ඒකට ග්‍රීක භාෂාවෙන් කියන “ක්රිස්ටොස්” (ක්‍රිස්තුස්) කියන වචනයටත් තියෙන්නේ එකම අදහස. ඒ “විශේෂ පැවරුමක් ඉටු කිරීමට පත් කළ තැනැත්තා” කියන එකයි. ඒ නිසා “යේසුස් ක්‍රිස්තුස්” කියලා කිව්වාම ඒකෙන් අදහස් කරන්නේ “විශේෂ පැවරුමක් ඉටු කිරීමට පත් කළ තැනැත්තා වන යේසුස්,” එහෙමත් නැත්නම් “ගැලවුම්කරු වන යේසුස්” කියන එකයි.
අතීතයේදී කෙනෙක්ව යම් විශේෂ පැවරුමක් ඉටු කරන්න පත් කරද්දී එයාගේ හිසට තෙල් වත් කරලා එයාව අභිෂේක කළා. (ලෙවී කතාව 8:12; 1 සාමුවෙල් 16:13) ඒත් දෙවියන් යේසුස්ව අභිෂේක කළේ හිසට තෙල් වත් කරලා නෙමෙයි. දෙවියන් ඒක කළේ තමන්ගේ බලය මාර්ගයෙන්. (මතෙව් 3:16) දෙවියන් යේසුස්ව මෙසියස්, ඒ කියන්නේ ගැලවුම්කරු හැටියට අභිෂේක කරලා ඔහුට විශාල බලයක්, අධිකාරියක් දුන්නා.—ක්‍රියා 2:36.
ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි කිහිපදෙනෙක් තුළින් ඉටු වෙන්න පුළුවන්ද?
බැහැ. උදාහරණෙකට මෙහෙම හිතන්න. කිහිපදෙනෙක්ට එකම ඇඟිලි සලකුණ තියෙන්න විදිහක් නැහැ. ඒ හා සමානව බයිබලයේ ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවල ඉටුවීම සිද්ධ වෙන්නේ එක් කෙනෙක් තුළින් විතරයි. කිහිපදෙනෙක් තුළින් ඒවා ඉටු වෙන්නේ නැහැ. ඒ අනාවැකි ඉටු වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් තුළින් විතරයි. ඒත් බයිබලයේ මෙහෙම අනතුරු අඟවලා තියෙනවා. “බොරු ක්‍රිස්තුස්වරුන්ද බොරු අනාගතවක්තෘවරුන්ද මතු වී හැකි නම් තෝරාගත් අයව පවා නොමඟ යැවීම සඳහා මහත් ලකුණු හා පුදුම දේ පෙන්වයි.”—මතෙව් 24:24.
ගැලවුම්කරු අනාගතයේදී එන කෙනෙක් වෙන්න බැරිද?
බැහැ. මොකද ගැලවුම්කරු විදිහට දෙවියන් තෝරාගත්ත තැනැත්තා, ඒ කියන්නේ මෙසියස් ඊශ්‍රායෙලයේ හිටිය දාවිත් රජුගේ පෙළපතින් පැවතෙන කෙනෙක් කියලා අනාවැකිවල සඳහන් වෙනවා. (ගීතාවලිය 89:3, 4) අතීත යුදෙව් පෙළපත් වාර්තා යේසුස් මේ පොළොවේ ජීවත් වුණ කාලයේදීත් තිබුණා. තමන් දාවිත්ගේ පෙළපතට අයිතියි කියලා යේසුස් බය නැතුව කිව්වා. ඒක බොරුවක් නම් යේසුස්ගේ සතුරන් අනිවාර්යයෙන්ම ඒ පෙළපත් වාර්තාවල තියෙන තොරතුරු පෙන්වලා යේසුස් කියපු දේ බොරුවක් කියලා ඔප්පු කරනවා. ඒත් එයාලට ඒක කරන්න බැරි වුණා. (මතෙව් 22:41-46) යුදෙව් පෙළපත් වාර්තා දැන් නැති නිසා තමන් දාවිත්ගේ පෙළපතට අයිතියි කියලා කිසිම කෙනෙකුට ඔප්පු කරන්න බැහැ. සමහරවිට ක්‍රිස්තු වර්ෂ 70දී රෝමවරුන් යෙරුසලම යටත් කරගද්දී ඒ පෙළපත් වාර්තා විනාශ වෙන්න ඇති. a
බයිබලයේ ගැලවුම්කරු ගැන අනාවැකි කීයක් තියෙනවාද?
මෙසියස්, ඒ කියන්නේ ගැලවුම්කරු ගැන අනාවැකි මෙච්චරක් තියෙනවා කියලා නිශ්චිතවම කියන්න අමාරුයි. මොකද ගැලවුම්කරු ගැන බයිබලයේ පැහැදිලිවම සඳහන් අනාවැකි වුණත් එක් එක් කෙනා ගණන් කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. උදාහරණෙකට යෙසායා 53:2-7 දක්වා තියෙන කොටසේ පැමිණීමට නියමිත ගැලවුම්කරු ගැන තොරතුරු ගොඩක් සඳහන් වෙනවා. සමහර අය ඒ මුළු කොටසම එක අනාවැකියක් විදිහට සලකන්න පුළුවන්. තවත් අය ඒ හැම අදහසක්ම වෙන වෙනම අනාවැකි විදිහට සලකන්නත් පුළුවන්.
යේසුස් තුළින් ඉටු වුණ ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි සමහරක්
අනාවැකිය |
අනාවැකිය බයිබලයේ සඳහන් වෙන තැන |
අනාවැකියේ ඉටු වීම ගැන සඳහන් වෙන තැන |
---|---|---|
ආබ්‍රහම්ගෙන් පැවතෙයි |
||
ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ගෙන් පැවතෙයි |
||
ඊශ්‍රායෙලයේ යූදා ගෝත්‍රයේ උපත ලබයි |
||
දාවිත් රජුගෙන් පැවතෙයි |
||
අවිවාහක තරුණියකගේ කුසේ පිළිසිඳගනියි |
||
බෙත්ලහෙමේ උපත ලබයි |
||
එම්මානුවෙල් යන නමින් හඳුන්වනු ලබයිb |
||
සාමාන්‍ය පවුලක උපත ලබයි |
||
ඔහුගේ උපතින් පසුව දරුවන්ව මරා දමයි |
||
ඊජිප්තුවෙන් කැඳවාගනියි. |
||
නාසරෙත්හි වැසියෙක් කියා හඳුන්වනු ලබයිc |
||
මෙසියස්ට ඉදිරියෙන් පණිවිඩකරුවෙකුව යවයි. |
||
ක්‍රි.ව. 29දී මෙසියස් විදිහට අභිෂේක කරනු ලබයිd |
||
දෙවියන් ගැලවුම්කරුව තම පුත්‍රයා ලෙස පිළිගනියි |
||
දෙවියන්ගේ ගෘහය ගැන ළැදියාවක් දක්වයි |
||
ශුභාරංචිය ප්‍රකාශ කරයි |
||
ගලීලයේ සේවය කරලා හුඟදෙනෙක්ට දෙවියන්ට ළං වෙන්න උදව් කරයි |
||
මෝසෙස් වගේ පුදුම ක්‍රියා කරයි |
||
මෝසෙස් වගේ දෙවියන් පැවසූ දේවල් ප්‍රකාශ කරයි |
||
රෝගීන් බොහෝදෙනෙකුව සුව කරයි |
||
තමන් වෙතට අවධානය ඇද නොගනියි |
||
පීඩාවට පත් වෙලා ඉන්න අයට අනුකම්පා කරයි |
||
දෙවියන්ගේ යුක්තිය මොකක්ද කියා පැහැදිලි කරයි |
||
උතුම් උපදේශකයෙක් |
||
යෙහෝවා දෙවිගේ නාමය ප්‍රකාශ කරයි |
||
උපමා යොදාගෙන කතා කරයි |
||
නායකයෙක් |
||
බොහෝදෙනෙක් ඔහුව විශ්වාස නොකරයි |
||
පය පැටලී වැටීමට හේතු වන පර්වතයක් වෙයි |
||
මිනිසුන් ඔහුව ප්‍රතික්ෂේප කරයි |
||
කිසිම හේතුවක් නැතුව ඔහුට වෛර කරයි |
||
බූරුවෙකුගේ පිට නැගී රජෙකු ලෙස යෙරුසලමට පැමිණෙයි |
||
දරුවන් ඔහුට ප්‍රශංසා කරයි |
||
යෙහෝවා දෙවිගේ නාමයෙන් පැමිණෙයි |
||
විශ්වාස කළ මිත්‍රයෙකු විසින් පාවා දෙනු ලබයි |
||
රිදී කාසි තිහකට පාවා දෙයිe |
||
මිතුරන් ඔහුව අත්හැර යයි |
||
බොරු සාක්ෂිකරුවන් ඔහුට විරුද්ධව කතා කරයි |
||
චෝදනා කරන අය ඉදිරියේ නිහඬව සිටියි |
||
ඔහුට කෙළ ගසයි |
||
ඔහුගේ හිසට පහර දෙයි |
||
ඔහුට පහර දෙයි |
||
තමන්ට පහර දෙන්න ඉඩ හරියි |
||
පාලකයන් ඔහුට විරුද්ධව නැඟී සිටියි |
||
කණුවක තියලා අත් පාවලට ඇණ ගසයි |
||
ඔහුගේ වස්ත්‍රය බෙදාගැනීමට දාදු දමයි |
||
පව්කාරයෙකු මෙන් ගණන් ගනු ලබයි |
||
අපහාසයට ලක් වෙයි |
||
පව්කාරයන් වෙනුවෙන් දුක් පීඩා විඳියි |
||
දෙවියන් ඔහුව අත්හැරියා මෙන් පෙනෙන්න තිබෙයි |
||
ඇඹුල් වයින් සහ තිත්ත යමක් ඔහුට බොන්න දෙයි |
||
මිය යෑමට පෙර තිබහක් ඇති වෙයි |
||
තම ජීවිතය දෙවියන්ට භාර දෙයි |
||
අවසන් හුස්ම හෙළයි |
||
පාපය ඉවත් කිරීමට ජීවිතය පූජා කරයි |
||
කිසිම අස්ථියක් බිඳිනු නොලබයි |
||
ඔහුට හෙල්ලයකින් අනියි |
||
ධනවතුන් සමඟ තැන්පත් කරයි |
||
මරණයෙන් නැවත නැඟිටුවයි |
||
ඔහුව පාවා දුන් ගෝලයා වෙනුවට තවත් කෙනෙක් තෝරාගනු ලබයි |
||
දෙවියන්ගේ දකුණු පැත්තේ හිඳගනියි |
a “යුදෙව්වන්ගේ ගෝත්‍රවල සහ පවුල්වල නාම ලේඛන විනාශ වුණේ යෙරුසලමේ විනාශය අතරතුරේදී මිසක් ඊට කලින් නෙමෙයි කියලා ස්ථිරයි.”—McClintock and Strong’s Cyclopedia.
b එම්මානුවෙල් කියන්නේ හෙබ්‍රෙව් නමක්. ඒකේ තේරුම “දෙවි අප සමඟය” කියන එකයි. ඒ නමේ තේරුම ගැලවුම්කරු හැටියට යේසුස්ට පැවරිලා තියෙන වැඩ කොටසට හොඳට ගැළපෙනවා. යේසුස් මේ පොළොවට පැමිණීම සහ පොළොවට ඇවිත් ඔහු කරපු දේවල් දෙවි තමන්ගේ සෙනඟ එක්ක ඉන්නවා කියන්න සහතිකයක්.—ලූක් 2:27-32; 7:12-16.
c පෙනෙන විදිහට “නාසරෙත්හි වැසියෙක්” කියන යෙදුම “නේට්සර්” කියන හෙබ්‍රෙව් වචනයෙන් ආපු එකක්. ඒ හෙබ්‍රෙව් වචනයේ තේරුම,“පැළෑටියක්” කියන එකයි.
d මෙසියස්, ඒ කියන්නේ ගැලවුම්කරුගේ පැමිණීම සිද්ධ වෙන්න නියමිතව තිබුණේ ක්‍රි.ව. 29දී කියලා බයිබලයේ සඳහන් කාල වකවානු ගැන අධ්‍යයනය කළාම පැහැදිලි වෙනවා. “ගැලවුම්කරු ගැන දානියෙල් පැවසූ දේ” කියන ලිපිය බලන්න.
e මේ අනාවැකිය සඳහන් වෙන්නේ සෙකරියා පොතේ. ඒත් බයිබල් ලේඛක මතෙව් ඒ අනාවැකිය ගෙන හැර දක්වන්නේ, “අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් කියන ලද මේ දේ” කියලයි (මතෙව් 27:9) “අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි” කියලා හැඳින්වූ බයිබල් පොත් එකතුවේ සමහරවිට මුලින්ම තිබුණේ යෙරෙමියා පොත වෙන්න පුළුවන්. (ලූක් 24:44) ඒ මුළු පොත් එකතුවට සෙකරියා පොතත් ඇතුළත් වුණා. ඒ පොත් එකතුව ගැන කතා කරද්දී “යෙරෙමියා” කියන නම මතෙව් පාවිච්චි කරන්න ඇති.