යූරෝ—පරණ මහද්වීපයක නව ව්‍යවහාර මුදලක්
ප්‍රීති ප්රමෝදයට පත් ප්‍රංශයේ මුදල් ඇමති නව කාසිය කොයිතරම් අව්‍යාජ එකක්ද කියා බැලීමට එය හපා මෙසේ ප්‍රකාශ කළා: “මේක තමයි ඇත්ත එක, ව්‍යාජ එකක් නම් නෙවෙයි. ප්‍රංශයේ වගේම යුරෝපයේ නිෂ්පාදනය කරපු පළමුවෙනි එක මේකයි.” ප්‍රංශයේ නිල වශයෙන් කාසි නිෂ්පාදනය කරන ස්ථානයේ මුද්‍රාව තැබූ පළමු යූරෝ කාසිය එය විය. මෙය 1998 මැයි 11වන සඳුදා සිදු විය.
යූරෝ කියන්නේ මොකක්ද? යුරෝපය පුරා සිටින ගෘහණියන්, වැඩකරන්නන්, සංචාරකයන් හා ව්‍යාපාරයන් මෙයින් බලපෑම් ලබනු ඇත්තේ කොහොමද? ජගත් ආර්ථිකයටම මෙයින් යම් බලපෑමක් සිදු වනු ඇද්ද? ඔබේ ඩොයිෂ් මාක්, ලීරා හෝ ෆ්රෑන්ක් ඉවතලීමට පෙර, මෙවන් ප්‍රශ්නවලට උත්තර සොයාගැනීම වටියි.
අදහස වර්ධනය වූයේ කොහොමද?
වර්ෂ 1993 නොවැම්බර් 1වනදා, මාස්ට්‍රික්ට් ගිවිසුම මගින් යුරෝපා හවුල යුරෝපා සංගමය බවට පරිවර්තනය කළ විට, මූලික ඉලක්කයක් වූයේ සාමාජික රටවල් සඳහා තනි ව්‍යවහාර මුදලක් හඳුන්වා දීමයි.a රෝම කාලයේ සිට, යුරෝපය තනි ව්‍යවහාර මුදලක් යොදාගෙන තිබුණේ නැහැ. නව ව්‍යවහාර මුදලේ නම යූරෝ යනුවෙන් හැඳින්වීමට තීරණය කළා. යුරෝපා සංගමයේ සෑම රටක්ම මෙම මූල්‍යමය හවුලේ සහභාගි වන්නේ නැහැ. යුරෝපා සංගමයේ රටවල් 15න් 11ක් පමණයි යූරෝ පාවිච්චි කිරීමට තරම් සුදුසු තත්වයක සිටින්නේ. ඒ අයර්ලන්තය, ඉතාලිය, ඔස්ට්‍රියාව, ජර්මනිය, නෙදර්ලන්තය, පෘතුගාලය, ප්‍රංශය, බෙල්ජියම, ලක්සම්බර්ග්, ස්පාඤ්ඤය හා ෆින්ලන්තයයි. ග්‍රීසිය, හවුල් වීම සඳහා අවශ්‍ය ආර්ථික ප්රමිතීන් සැපිරුවේ නැහැ. අනික් රටවල් තුන එනම් බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය හා ස්වීඩනය යන රටවල් දැනට මෙයට සහභාගි නොවීමට තීරණය කොට තිබෙනවා.
යූරෝ හඳුන්වා දෙනු ලබන්නේ ක්රමානුකූල පදනමක් අනුවයි. මේ වසරේ ජනවාරි 4වනදා සිට, ජාත්‍යන්තර ව්‍යවහාර මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානවල මුදල් යොදා නොගන්නා ගනු දෙනුවලදී යූරෝ හුවමාරු කිරීමට පටන්ගත්තා. යූරෝ කාසි හා බැංකු නෝට්ටු 2002 ජනවාරි 1වනදා සිට මාස හයක කාලපරිච්ඡේදයක් පුරා හඳුන්වා දීමට යනවා. එවිට සහභාගිවන්නන් විසින් කලින් යොදාගත් ව්‍යවහාර මුදල් කෞතුකාගාර හා පෙට්ටගම්වල තැන්පත් වීමට ඉඩ තිබෙනවා. යූරෝ, බැංකු නෝට්ටු බිලියන 12ක හා කාසි බිලියන 70ක තැන ගනීවිය කියා තක්සේරු කර තිබෙනවා. එහි මුළු බර ටොන් 3,00,000ක් වෙයි. කාලයාගේ ඇවෑමෙන් යුරෝපා සංගමයේ ඉතිරි සාමාජිකයන් තනි ව්‍යවහාර මුදලේ සමාජයට බැඳීමට හැකි තත්වයක සිටීවිය කියා අපේක්ෂා කරනවා.
ඔස්ට්‍රියාවේ මුදල් ඇමති යූරෝ වෙතට වූ මාරුවීම ගැන මෙසේ සඳහන් කළා: “යුරෝපය එකතු වීමේ යුගයකටයි අප දැන් පා නඟන්නේ.” කොහොම වුණත්, යූරෝ සම්බන්ධයෙන් සැවොම එකම මතයක් දරන්නේ නැහැ. සියයට 47කට මෙම තනි ව්‍යවහාර මුදලින් යුරෝපය ආර්ථික සුපිරි බලවතෙක් බවට පෙරළීමට යන බව හැඟෙන අතර සියයට 40ක්, යූරෝ මගින් යුරෝපීය ආර්ථිකය බෙලහීන කරන්න යන බව විශ්වාස කරයි. තනි ව්‍යවහාර මුදල යුද්ධයකට මඟ පෑදිය හැකි බවත් සමහරුන් යෝජනා කරයි! අතරමැද සිටින්නේ තීරණයට එළඹ නැති “යූරෝ අනුමාන කරන්නන්.” යුරෝපයේ තනි ව්‍යවහාර මුදලේ ඇති යහපත් ප්‍රතිඵල ඔවුන් දැක්කත් එහි අවසන් සාර්ථකත්වය ගැන ඔවුන් ප්‍රශ්න කරයි.
සමහරුන් එය ආශීර්වාදයක් සේ සලකයි . . .
යුරෝපා සංගමයෙහි ඉහළම විධායක මණ්ඩලය වන යුරෝපීය කොමිසම මෙසේ ප්‍රකාශ කොට තිබෙනවා: “තනි ව්‍යවහාර මුදලක් ඇති කිරීමෙන්, යුරෝපයේ පුරවැසියන්ට, එහි දරුවන්ට මෙන්ම එහි හවුල්කරුවන්ට . . . යුරෝපය තෝරාගෙන ඇති පොදු ගමන් මාවතේ වඩා ශක්තිමත් වූ සංකේතයක් ලබා දෙන්න යනවා. එය, සාමය සෞභාග්‍යය මත පදනම් වූ සමාජයක් ගොඩනැඟීමේ මාවතයි.”
යූරෝ සම්බන්ධයෙන් කැමැත්ත පළකරන්නන්, තනි ව්‍යවහාර මුදලක ඇති බොහෝ යහපත් ප්‍රතිඵල ගැන සඳහන් කරයි. කෙළින්ම බලපෑමක් කරන්න යන්නේ විදේශ විනිමය සඳහා යන පිරිවැය ඉවත් කිරීමයි. සමහරක් අවස්ථාවල සඳහන් කරනු ලබන උදාහරණය වන්නේ තම රට හැරෙන්න යුරෝපා සංගමයේ ඉතිරි රටවල් 14 බැහැදැකීමට යන යුරෝපීය සංචාරකයායි. යම් හෙයකින් ඔහු ඩොයිෂ් මාක් 1,000කින් පටන්ගෙන සෑම රටකදීම මුදල් මාරු කළොත්, හුවමාරු වියදම් නිසා පමණක්, අන්තිමේදී ඔහුට ඉතිරි වන්නේ මාක් 500ක් පමණි!
එයාකාරයෙන්ම, විදේශ විනිමය හුවමාරු කිරීමේ පිරිවැය ආනයන අපනයනවලට බලපෑම් කරන්න යන්නේත් නැහැ. ඒ හා සමානව, තනි ව්‍යවහාර මුදලක් මගින් ව්‍යවහාර මුදලක සිදු වන අඩු වැඩිවීම්වල වක්රාකාර වියදමද තුරන් කරන්න යනවා. රටක මුදලේ අගය පහත වැටෙන විට, ආනයනය කරන භාණ්ඩවල මිල වැඩි වෙයි. මෙය බොහෝදුරට උද්ධමනයකට ඉවහල් වෙයි. එහෙයින් විනිමය අනුපාතයක් නොමැති තනි ව්‍යවහාර මුදලක් හේතුවෙන්, යුරෝපය විදේශ ආයෝජකයන්ට වඩාත් ආකර්ෂණීය තැනක් බවට පත් විය යුතුයි.
යූරෝ අනුග්රාහකයන් දකිනු ලබන තවත් දෙයක් වන්නේ, යුරෝපය පුරාම සිදුවීමට නියමිත මිල මට්ටම්වල පහත වැටීමයි. පාරිභෝගිකයන් හා ව්‍යාපාරයන් යන දෙකොට්ඨාසයටම දැන් පහසුවෙන් මිල මට්ටම් සැසඳීමට හැකි අතර, වර්ෂ 2002දී යූරෝ කාසි හා නෝට්ටු හඳුන්වා දෙනු ලබන විට එය තවදුරටත් පහසු වෙනවා. පාරිභෝගිකයාට සෙත සලසමින්, යුරෝපය පුරා විවිධ පැතිවල එකම නිෂ්පාදනයේ මිල මට්ටම්වල වෙනස් වීම් තුරන් වෙන්න යනවා.
. . . වෙනත් අය එය ශාපයක් හැටියට සලකයි
විවේචකයන්ගේ හඬට සවන් දෙන්න. යූරෝ මගින් යුරෝපීය ආර්ථිකය බැඳ තැබීමට යන බවත් එහි නම්‍යසුලු බව විනාශ කර වර්ධනය අඩාල කිරීමට යන බවත් ඔවුන්ට හැඟෙයි. තනි ව්‍යවහාර මුදල් විරැකියාව වැඩි කර, මුදල් වෙළඳපොළට විශාල වශයෙන් සමපේක්ෂණවලට ඇරයුම් කිරීමට යන බවත් මෙය දේශපාලනමය පීඩනයකට තුඩු දිය හැකි බවත් පෙන්නුම් කරනවා. එවන් දේශපාලනමය පීඩනයක් දැනටමත් දැකගැනීමට තිබෙනවා. උදාහරණයක් හැටියට, යුරෝපීය මධ්‍යම බැංකුවේ ප්‍රධානියා, එනම් යූරෝ අධීක්ෂණය කරන රැකවලා විය යුත්තේ කවුද යන්න සම්බන්ධයෙන් ජර්මනිය හා ප්‍රංශය අතර පවතින ගැටුම මීට කදිම නිදසුනකි. යුරෝපා සංගමයේ සෑම සාමාජිකයෙක්ම තමාට රිසි පරිදි කටයුතු කරත්ම තවත් ගැටුම් අපේක්ෂා කළ හැකියි.
යුරෝපා සංගමයට අයත් සමහර රටවල, විරැකියාව වාර්තාගත මට්ටම් කරා ළඟා වී තිබෙනවා. තනි ව්‍යවහාර මුදලක් දියත් කිරීමේ අවශ්‍යතාවලට අනුකූල වීම සඳහා වියදම් කපාහැරීම් හා බදු වැඩි කිරීම මෙයට හේතුව හැටියට බොහෝදෙනෙක් පෙන්වා දෙයි. ත්‍යාගශීලී ශුභසාධනය, විශ්‍රාම වැටුප් හා සෞඛ්‍ය වැඩසටහන් කපාහැරීම ඇතුළත් වන සීමාකාරි මූල්‍යමය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් යුරෝපය පුරා විරෝධතා ඇති වී තිබෙනවා. එවන් දැඩි මූල්‍යමය හික්මවීමක් කවදා වන තෙක් ගෙන යා හැකිද? යූරෝ යථාර්ථයක් බවට පත් වෙද්දී තම අත දිගහැර මුදල් වියදම් කිරීමට සමහර රටවල් පෙලඹෙයිද? එවිට එවන් ලිහිල් ප්‍රමිතියක් තනි යුරෝපීය ව්‍යවහාර මුදල් පද්ධතිය විනාශ කර දමයිද?
තම රටේ ඇති ව්‍යවහාර මුදලට මිනිසුන්ගේ ඇති කිට්ටු බැඳීම වෙතට තවත් අය අවධානය යොමු කරයි. ව්‍යවහාර මුදල් කියන්නේ හුදෙක් කෙනෙකුගේ සාක්කුවේ ඇති දෙයම නෙවෙයි. බොහෝදෙනෙකුට ඔවුන්ගේ රටේ ඉතිහාසය මෙන්ම කොඩියක් තරම්ම බලගතු සංකේතයක් ඉන් අදහස් කරයි. ජාතික ව්‍යවහාර මුදල මිනිසුන් ඉපයීමේ, ගණන් බැලීමේ, ඇගයීමේ, වෙළඳාම් කිරීමේ හා ඉතුරු කිරීමේ සංකේතයයි. උදාහරණයක් වශයෙන්, යූරෝ වෙතට කරන මාරුවේදී තම බැංකු ගිණුම්වල ඇති ගණන ඉන් භාගයක් බවට පත් වන බව ජර්මානුවන් දකින්න යනවා. ඒ අතරවාරයේම, ලීරා වෙනුවට යූරෝ තැන ගත් විට, ඉතාලියානු ගණන් 2,000 ගුණයකින් විශාල වශයෙන් අඩු වන බව ඔවුන්ට පෙනේවි. එක් අධ්‍යයනයකට අනුව, යූරෝ වෙතට කරන මාරුව යුරෝපීයයන් බොහෝදෙනෙකුට “කලඹන” අද්දැකීමක් වේවි.
එකම හැඩය හැමෝටම ගැළපෙයිද?
තනි ව්‍යවහාර මුදලක් සඳහා මහත් කැමැත්තක් තිබුණත්, යුරෝපීය ආර්ථිකයන් එක්සත්ව නැති බවත්, එහි මිනිසුන් තමන් ජීවත් වන රටවල මුල් ඇද ඇති බවත්, එහි සංස්කෘතීන් විශාල වශයෙන් වෙනස් බවත් යුරෝපා සංගමයේ හා එක්සත් ජනපදයේ සිටින ආර්ථික විද්‍යාඥයන් තදින් කාවද්දයි. එහෙයින්, අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියන්ට වෙනස්ව, යුරෝපයේ රැකියාවල් අහිමි වන අය රැකියාවන් සොයා විශාල දුරක් ගෙවා තවත් තැනකට මාරු වෙයිද කියා විශ්වාස කළ නොහැකියි. වෙනස් අර්ථ ක්රමයන් පවතින බැවින්, ආර්ථිකයක් මෙන්ම ව්‍යවහාර මුදලක් හවුලේ පාවිච්චි කිරීමට අවශ්‍ය ස්ථාවරය යූරෝ ජාතීන් අතර නොපවතින බව ඇතැම් ප්රවීණයන්ගේ මතයයි.
තනි ව්‍යවහාර මුදල් පද්ධතිය යටතේ, ආර්ථික ගැටලු සමඟ කටයුතු කිරීමේ නම්‍යසුලු බව ආණ්ඩුවලට අහිමි වන බව විවේචකයන් පවසයි. යූරෝ මගින් බලය තනි රටවල සිට ජර්මනියේ ෆ්රෑන්ක්ෆ’ට්හි යුරෝපීය මධ්‍යම බැංකුවට මාරු කරන්න යන බව ඔවුන් පවසයි. එහි ප්‍රතිඵලයක් හැටියට, මුළු මහද්වීපයේ බදු රෙගුලාසි හා වෙනත් ආර්ථික ප්රමිතීන් එකඟතාවකින් යුතුව ක්‍රියාත්මක කිරීමට ඇති පීඩනය වැඩි කරයි. බ්‍රසල්ස් හා ස්ට්රාස්බූග්හි සිටින අධ්‍යක්ෂක මණ්ඩලයන්ට බලය අත් වන බවට විවේචකයන් වාද කරයි. ඇත්තෙන්ම, අන්තිමේදී, විදේශීය හා ආරක්ෂක ප්‍රතිපත්ති මෙන්ම ආර්ථික හා සමාජීය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන්ද වගකීමක් දැරීමට සිදු වන දේශපාලනමය වශයෙන් එක්සත් වීමක් මාස්ට්‍රික්ට් ගිවිසුමෙන් අපේක්ෂා වෙනවා. මෙම මාරුව කරදරයක් නොමැතිව අපහසුවකින් තොරව කෙරෙයිද? කාලයට පමණයි පිළිතුරක් දිය හැක්කේ.
“සෑහෙන අවදානමක්”
ඒ අතර කාලයේදී, යූරෝ ගිණුම් ඇති කරමින්, දේශීය මිල මට්ටම් ළඟින් යූරෝ මිල මට්ටම් ප්‍රදර්ශන කරමින්, බැංකු හා වෙළඳ සංකීර්ණ දැනටමත් යූරෝ දක්වා කෙරෙන මාරුව පටන්ගෙන තිබෙනවා. ඉලක්කය වී ඇත්තේ වසර 2002දී කරන මාරුව වඩා පහසු කිරීමයි. ප්‍රංශ ෆ්රෑන්ක් යූරෝවලට පෙරළීමට සාදා ඇති කැල්ක්යූලේටර 2,00,000ක් දැනටමත් ප්‍රසිද්ධ ප්‍රංශ සඟරාවක් මගින් බෙදා තිබෙනවා.
යූරෝ එක් දවසකදී එ.ජ. ඩොලරය අබිබවා යයිද? යූරෝවලට වැඩි පිළිගැනීමක් ලැබීමත් සමඟ, ලෝක ආර්ථිකය කෙරෙහි බලපැවැත්වීමට එක්සත් ජනපදයට එතරම් පහසු නොවන බව සමහරුන්ගේ හැඟීමයි. ඩොලරය මෙන් යූරෝද ලෝක සංචිත ව්‍යවහාර මුදලක් බවට පත් වේවිය කියා ඔවුන් අනාවැකි පළ කරයි. නියූ යෝක් නිෂ්කාශනාගාර සංගමයේ ජිල් කොන්සඩින් මෙසේ පවසයි: “තරඟකාරි වාතාවරණයක් ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුළුවන්.”
යූරෝහි අනාගතය කෙබඳු එකක් වෙයිද? ජර්මානු ලේඛක යෝසෙෆ් යොෆ්ෆා තනි ව්‍යවහාර මුදල හඳුන්වන්නේ “යුරෝපයේ මහා ලොතරැයිය” ලෙස හා “සෑහෙන අවදානමක්” ලෙසයි. ඔහු තවත් මෙසේ එකතු කරයි: “එය අසමත් වූවොතින්, යුරෝපය පසුගිය අවුරුදු 50 තුළ අත් කරගෙන ඇති වැඩි හරියක් නාස්ති කිරීමට ඉඩ තිබෙනවා.” යුරෝපීයයන් වැඩිදෙනෙකුට ඇති පොදු හැඟීම, ප්‍රංශ මුදල් ඇමතිගේ ප්‍රකාශයෙන් මනාව කියැවුණා: “ලොකු විශ්වාසයක් වගේම ලොකු භයකුත් තියෙනවා.”
[පාදසටහන]
a යුරෝපා හවුල පිළිබඳ තවත් කරුණු දැනගැනීම සඳහා පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) 1979 පෙබරවාරි 22 කලාපයේ 4-8 පිටුද, 1991 දෙසැම්බර් 22 කලාපයේ 20-4 පිටුද බලන්න.
[30වන පිටුවේ කොටුව]
යූරෝ පත්‍රය
● යූරෝ එකක් එ.ජ. ඩොලරයකට වඩා ටිකක් වැඩි වටිනාකමක් ගන්න යනවා
● යූරෝ නෝට්ටු වර්ග හතකින් තිබෙන්න යනවා: 5, 10, 20, 50, 100, 200 හා 500 හැටියටයි
● යූරෝ නෝට්ටුවල එක් පැත්තක පොදු පාලම් ඇතුළත් යුරෝපයේ සිතියමත් අනික් පැත්තේ විවිධාකාර කවුළුවල හෝ දොරටුවල රූපසටහන් දක්වා තිබෙනවා
● රෝම හා ග්‍රීක අක්ෂරය නියෝජනය කිරීම සඳහා “EURO” හා “ΕΥΡΩ” යන දෙකම බැංකු නෝට්ටුවල දැකගැනීමට හැකි වෙයි
● යූරෝ කාසි වර්ග අටකින් යුක්ත වෙයි: 1, 2, 5, 10, 20 හා 50 යන ශතවලින්ද, 1 හා 2ක වටිනාකම ඇති යූරෝවලින්
● කාසිවල එක් පැත්තක පොදු යුරෝපීය රූපයකුත් අනික් පැත්තේ ජාතික රූපයකුත් තිබෙන්න යනවා
[29වන පිටුවේ සිතියම]
(For fully formatted text, see publication)
යුරෝපා සංගමය
බ්‍රිතාන්‍යය
ඩෙන්මාර්කය
ස්වීඩනය
ග්‍රීසිය
මූල්‍යමය සංගමයේ වර්තමාන සාමාජිකයෝ
අයර්ලන්තය
පෘතුගාලය
ස්පාඤ්ඤය
බෙල්ජියම
ප්‍රංශය
නෙදර්ලන්තය
ජර්මනිය
ලක්සම්බර්ග්
ෆින්ලන්තය
ඔස්ට්‍රියාව
ඉතාලිය
[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පිටු 12-14හි තිබෙන සියලුම මුදල්: © යුරෝපා මූල්‍යමය ආයතනය විසින් ඉදිරිපත් කර ඇත.