පාඨකයන්ගෙන් ප්‍රශ්න
ක්‍රිස්තියානින් මුදල් ඔට්ටු ඇල්ලීම නොකරන බැවින්, ඔවුන්ට ටිකට් පිළිගැනීමට හෝ තමන්ට තෑගි දිනා ගත හැකි දිනුම් ඇදීම්වල සහභාගි වීමට හෝ පුළුවන් ද?
මෙය කලින් කලට මතු වී ඇති ප්‍රශ්නයක් නිසා, එය කලින් ද අපගේ ප්රකාශනවල සාකච්ඡා කර තිබුණි. වොච් ටවර් පබ්ලිකේෂන් ඉන්ඩෙක්ස් 1930-1985 (හා 1986-1990 වර්ෂ පියවන සමාන සූචියක්) වැනි, අපගේ ප්රකාශනවල සූචි, ඇතැම් භාෂාවන්ගෙන් අපි ඉදිරිපත් කර ඇත්තෙමු. ක්‍රිස්තියානියෙකුට තමාගේ භාෂාවෙන් එවන් සූචි තිබේ නම්, ඉක්මනින් සතුටුදායක පිළිතුරු සොයා ගැනීමට මේවා මහෝපකාරී වන්නට පුළුවන.
ඉහත අසා ඇති ප්රශ්නය උදාහරණයකි. වර්ෂ 1930-1985 සඳහා වූ ඉන්ඩෙක්ස් පොතේ “ක්වෙස්චන්ස් ෆ්‍රොම් රීඩර්ස් (පාඨකයන්ගෙන් ප්‍රශ්න)” යන ශීර්ෂය යටතේ බලන්නෙකුට “ ‘දිනුම් ඇදීම්,’ සඳහා ක්‍රිස්තියානියෙකුට ටිකට් පිළිගත හැකි ද?” යන උපශීර්ෂය දැකිය හැක. එම පාඨකයා ව 1973 පෙබරවාරි 15වන දිනැති ද වොච්ටවර් හි, 127වන පිටුවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති කොටසට යොමු කෙරේ.a බොහෝ සාක්ෂිකරුවන් ළඟ 1973 සඳහා වූ ද වොච්ටවර් සඟරාවේ බැඳි වෙළුම (හෝ පුද්ගලික කලාපය) ඇත, එසේත් නැතහොත් එය බොහෝ රාජ්‍යය ශාලාවන්හි පුස්තකාලයේ තිබෙන්නට පුළුවන.
වර්ෂ 1973 ප්‍රකාශිත සාකච්ඡාව පවසන පරිදි, (ලොතරැයි ටිකට් පත් වැනි) වාසනා ටිකට් පත් මිල දී ගැනීම හෝ, අහඹු වාසනාවක් අත්කර ගනු සඳහා මුදලක් බැඳීම වැනි ක්‍රියාවලින් ක්‍රිස්තියානිහු යුතු ලෙස වැළකී සිටිති. සරල ව කියතොත්, නියත වශයෙන් ම ගිජුකමේ ප්‍රකාශයක් වන සූදුවෙන් අපි වැළකී සිටින්නෙමු.—1 කොරින්ති 5:11; 6:10; එපීස 4:19; 5:3, 5.
කෙසේ වෙතත්, වෙළෙඳ සලක් හෝ වෙළෙඳ ව්‍යාපාරයක් ප්රචාරක මාධ්‍යයක් හැටියට දිනුම් ඇදීම් යොදා ගන්නට පුළුවන. යමෙක් කළ යුත්තේ ඔහුගේ නම ඉදිරිපත් කිරීම හෝ යමක් මිල දී නොගෙන ආකෘති පතක් හෝ ටිකට්ටුවක් එවීම වන්නට පුළුවන. දිනුම් ඇදීම ප්රචාරක උපාය මාර්ගයේ කොටසකි; එය සැලසුම් කර ඇත්තේ තෑග්ග හෝ තෑගි කවරෙකුට ලබා දෙනවා දැයි තීරණය කිරීමේ අපක්ෂපාතී ක්‍රමයක් වනු පිණිස ය. වෙළෙඳ සලක් තම ප්රචාරක වැඩසටහනේ යොදා ගත හැකි ගෙවීමකින් තොර සාම්පල හෝ වෙනත් තෑගි තමන්ට පිළිගත හැකි ආකාරයට, සූදුවක් හා සම්බන්ධ නොවූ දිනුම් ඇදීමක තෑග්ගක් තමන්ට පිළිගත හැකි යයි ඇතැම් ක්‍රිස්තියානින්ට හැඟෙන්නට පුළුවන.
කෙසේ වෙතත්, අන්‍යයන් ව පැකිලීමට හෝ ආකුලත්වයට පත් කිරීමට නොකැමති ව හා වාසනාවේ මාතාව යයි හඳුන්වනු ලබන්නිය කෙරෙහි විශ්වාසය තැබීම මෙහෙයවන ඕනෑ ම පෙලඹීමක් ඉවත් කිරීමට සොයමින්, ඇතැම් ක්‍රිස්තියානිහු මෙයාකාර ඕනෑ ම දෙයකින් වැළකී සිටිති. යෙසායා 56:11 පෙන්වන ආකාරයට, දේව සේවකයෝ “ශ්‍රීකාන්තාවට (වාසනාවේ දේවතාවීට)” හෝ “ඉරණම නම් දේවතාවීට” තමන් ව සම්බන්ධ කර නොගනිති. ජයග්‍රාහකයන්ට හවුල්වීමට කියා ඉල්ලා සිටින ඕනෑ ම ප්රචාරක වැඩසටහනක තමන්ට කොටසක් වන්නට ඕනෑ නැතැයි ද ඔවුන්ට හැඟෙන්නට පුළුවන. මෙයාකාරයෙන් හැඟෙන අය, එවන් දිනුම් ඇදීම්වල නිරත වීමට තමන්ගේ හෘදය සාක්ෂිය අවසර දෙන ක්‍රිස්තියානියෙක් හෝ ක්‍රිස්තියානින් ගැන නියත වශයෙන් ම විවේචනාත්මක නොවිය යුතු ය.—රෝම 14:1-4 සසඳන්න.
[පාදසටහන්වල]
a ඉංග්‍රීසි සූචියෙන් කාරණා පහසුවෙන් සොයා ගත හැකි තත්ත්වයකින් කෙනෙකුට තොරතුරු සොයා ගැනීමට උපකාරවත් වන ආකාරයට, එම විෂය ම “ඇඩ්වටයිසිං,” “බිස්නස්,” හා “ගැම්බ්ලිං” යන ශීර්ෂයන් යටතේ ද සූචි ගත කර ඇත.