රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
රුසියාවේ “පිපාස” ඇත්තන්ට උපකාර
“ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශීර්වාදලද්දෝය [සන්තෝෂවත්ය, NW]; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය” යයි යේසුස්වහන්සේ පැවසූසේක. (මතෙව් 5:6) වසර 70කට වඩා වැඩි කාලයකට නිදහස සීමා කරනු ලැබූ රුසියාවේ ජීවත් වන බොහෝදෙනෙකුගේ ආත්මික පිපාසය සංසිඳුවීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් උපකාර කරන්නේ කෙසේද කියා මතු සඳහන් අද්දැකීම් තුළින් නිදර්ශනය කෙරේ.
▪ වැලන්ටීනා නම් ස්ත්‍රියකට බොහෝ වසර ගණනාවක් පුරා උත්තර නොලැබූ වැදගත් බයිබල් ප්‍රශ්න බොහොමයක් තිබිණ. නිදසුනක් වශයෙන්, ඈ මෙසේ කල්පනා කළාය: ‘යේසුස්වහන්සේ යාච්ඤා කළේ කාටද?’ යේසුස්වහන්සේ තමන්ට වඩා උසස් තැනැත්තෙකුට යාච්ඤා කරන්ට ඇති කියා ඇය සිතන්ට වූ අතර, මේ තැනැත්තාගේ නාමය ගැන ඇය කල්පනා කළාය.
ඈ රුසියානු ඔර්තඩොක්ස් පල්ලියට ගියාය. කෙසේවෙතත්, එම ආගමෙන් ඇයට ඇගේ ප්‍රශ්නවලට උත්තර ලැබුණේ නැත. සෑහීමට පත් නොවූ ඇය, රෙපරමාදු පල්ලියට ගිය නමුත්, එයිනුත් ඇයට පැහැදිලි උත්තර ලැබුණේ නැත. යා යුත්තේ වෙන කොතැනටදැයි නොදැන, වැලන්ටීනා තනිවම උත්තර සොයාගැනීමට උත්සාහ කරමින් බයිබලය කියවීමට පටන්ගත්තාය—ඉන් කිසි ඵලක් නොවීය. ඇය උපකාරය ඉල්ලා යාච්ඤා කළාය.
ටික කලකට පසුව, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ඇගේ දොරට තට්ටු කළහ. දෙවියන්වහන්සේගේ නාමය යෙහෝවා බව බයිබලයෙන් ඔවුහු ඇයට පෙන්නුවෝය. අන්තිමේදී, යේසුස්වහන්සේ යාච්ඤා කළේ කාටද කියා ඇය ඉගෙනගත්තාය! සාක්ෂිකරුවන් සමඟ ඇය නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තාය. වොච් ටවර් සමිතිය මගින් ප්‍රකාශයට පත් කළ පොත් පත් කියවීමට සහ එහි සඳහන් බයිබල් පද පෙරළා බැලීමට, බොහෝවිට ඈ මුළු රාත්‍රියේම අවදිව සිටියාය. වැඩි කල් යන්ට මත්තෙන්, තමා සත්‍යය සොයාගෙන ඇති බව වැලන්ටීනා නිගමනය කළාය. මාස තුනක් ගත වෙන්ට පෙර, ඇය දේශනා සේවයේ සහභාගි වීමට පටන්ගත්තාය. ඉන් මාස දෙකකට පසු ඇය බව්තීස්ම වූවාය. සත්‍යය සඳහා ඇය කළ යාච්ඤාපූර්වක සොයා බැලීමට විපාක ලැබිණ.
▪ සාක්ෂිකරුවෙක් බොහෝ ඈත ප්‍රදේශයකට සාක්ෂිදැරීම සඳහා බසයකින් ගමන් කළේය. ගමන් කරන අතරතුරේදී ඔහු යෞවන ස්ත්‍රියකට බයිබල් පොරොන්දු ගැන කතා කළ මුත්, ඇය උනන්දුවක් නොදැක්වූවාය. මාස දෙකකට පසුව, එම සාක්ෂිකරුවා ප්‍රසිද්ධ කථාවක් දීමට එම ප්‍රදේශයටම දෙවන වරටත් ගියේය. කතාවෙන් පසු, ඔහු පැමිණ සිටි අමුත්තෙකු වෙතට ගොස් මෙසේ ඇසීය: “බයිබලයේ තියෙන ශුභාරංචිය ගැන කවුරුහරි ඔබ සමඟ දැනටමත් කතා කර තිබෙනවාද?” “ඔව්, ඔබ කතා කළා” කියා එම මිනිසා පිළිතුරු දුන්නේය. ඔහු විහිළු කරනවායයි සාක්ෂිකරුවා සිතුවේය. එහෙත් මාස දෙකකට පෙර බසයේ ගමන් කරන අතරතුරේදී, සාක්ෂිකරුවා හා යෞවන ස්ත්‍රිය අතර ඇති වූ සංවාදයට තමා සවන් දෙමින් සිටි බව එම මිනිසා පැහැදිලි කළේය. “වැඩි විස්තර දැනගන්න මට ඕන වුණා, නමුත් ඔබ බසයෙන් බැස්සා, මට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව ආයෙත් කවදාකවත් දකින්ට නොලැබේවි කියලා මම හිතුවා. ඊට පස්සේ මගේ වැඩපොළේදී, සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන පුද්ගලයෙකුව මට හම්බ වුණා. ඒ නිසයි මම අද මෙතැන ඉන්නේ!”
එම මිනිසා සහ ඔහුගේ බිරිඳ බයිබලය අධ්‍යයනය කරන්ට පටන්ගත්හ. ඔහුගේ රැකියාව බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි බව, ඉතා කෙටි කාලයකට පසු ඔහුට අවබෝධ විය. දෙවියන්වහන්සේ ඉදිරියේ යහපත් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට කැමති වූ ඔහු තම රැකියාව වෙනස් කළේය. දැන් ඔහු ලැබෙන සෑම ප්රස්තාවකදීම අන් අයට දේවරාජ්‍යය ගැන ප්‍රකාශ කරයි. ඔහුගේ භාර්යාවද ඇගේ බයිබල් පාඩමෙන් ප්‍රගතියක් ලබමින් සිටින්නීය.
විශාල ක්ෂේත්රයක් සහිත රුසියාවේ වෙසෙන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, සියලුම අවංක මිනිසුන්හට මතු සඳහන පැවසීමෙහි හවුල්වීමෙන් සතුටක් ලබති: “වරෙන්න . . . පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන— වතුර නොමිලයේ ගනීවා.”—එළිදරව් 22:17.