පාඨකයන්ගෙන් ප්‍රශ්න
ක්‍රිස්තියානියෙකු, මානසික සෞඛ්‍යය පිළිබඳ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර පැතීම ඥානවන්ත දෙයක් වනු ඇද්ද?
මෙම “අන්තිම දවස්වලදී” චිත්තවේගීය හා මානසික ලෙඩ රෝගවල වැඩිවීමක් ඇති වී තිබෙන බව ඇතැම් දේශවල වාර්තා අඟවයි. (2 තිමෝති 3:1) සෙසු ඇදහිලිවන්තයන් මෙසේ බලපෑම් ලබන විට, ක්‍රිස්තියානීන්ට ගැඹුරු අනුකම්පාවක් හැඟෙන මුත්, තමාගේ අසනීපයට ප්‍රතිකාර ලබාගත යුතුද, එමෙන්ම ගත යුත්තේ කුමන ආකාරයේ ප්රතිකාරද යන්න තම තමාම තීරණය කළ යුතු බව ඔවුන්ට වැටහී තිබේ.a “එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.” (ගලාති 6:5) භින්නෝන්මාදය, සුළු කනස්සලු ස්වභාවයක සිට විටින් විට උන්මාද ස්වභාවයකට පත්වීමේ අක්රමිකතාව, රෝග ලක්ෂණවලට පැහැදිලි හේතුවක් දැක්විය නොහැකි ගැඹුරට කාවැදුණු විෂාදය, ග්රස්තීය බලකුරු අක්රමිකතාව, තමන්වම තුවාල කරගැනීම සහ වෙනත් පීඩාකාරි අක්‍රමිකතාවලින් ඉතා දරුණු ලෙස පීඩා විඳින ඇතැම් අයට, නිසි වෛද්‍ය උපකාර ලබාගැනීමෙන් පසු, බොහෝදුරට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වී තිබේ.
ඇතැම් ප්‍රදේශවල ප්‍රතිකාර පැතීම බෙහෙවින් ප්‍රසිද්ධ දෙයක් වී තිබේ. බොහෝ අවස්ථාවලදී, රෝගියාට බරපතළ මානසික අක්‍රමිකතාවක් නොමැති නමුත්, ජීවිතයේ යම් තත්වයක් සමඟ සාර්ථකව කටයුතු කිරීමේ දුෂ්කරතාවක් තිබේ. කෙසේවෙතත්, ජීවිතයේ වඩාත් දුෂ්කර ගැටලු සමඟ සාර්ථකව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් වඩාත් ඵලදායී උපකාර සපයන්නේ බයිබලයයි. (ගීතාවලිය 119:28, 143) අපව මානසිකව හා චිත්තවේගීය ලෙස ශක්තිමත් කරන දේවල් වන, ප්‍රඥාව, සිතීමේ හැකියාව සහ සැබෑ දැනුම යෙහෝවඃවහන්සේ බයිබලය මගින් සපයනසේක. (හිතෝපදේශ 2:1-11; හෙබ්‍රෙව් 13:6) දැඩි ඇතුළාන්ත වියවුල නිසා, දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත සේවකයන් ඇතැම් අවස්ථාවලදී, මෝඩ විදිහට තමන්ගේ අදහස් ප්‍රකාශ කළ හැකිය. (යෝබ් 6:2, 3) උපකාර සහ උපදෙස් ලබාගැනීම සඳහා වැඩිමහල්ලන්ට අඬගසන ලෙස එවන් අයට යාකොබ් 5:13-16හි දිරිගන්වා තිබේ. ක්‍රිස්තියානියෙකු ආත්මික වශයෙන් රෝගාතුරව හෝ වෙනස් කළ නොහැකි තත්වයක් නැතහොත් දැඩි සිත්තැවුල් මගින් මානසිකව පීඩනයට ලක් වී සිටිය හැක, එසේ නැතහොත් තමා අසාධාරණයට ගොදුරු වූවෙකු බව ඔහුට හැඟිය හැක. (දේශනාකාරයා 7:7; යෙසායා 32:2; 2 කොරින්ති 12:7-10) එවන් පුද්ගලයෙකුට වැඩිමහල්ලන්ගේ උපකාරය පැතිය හැකි අතර, ඔවුන් “ඔහුට තෙල් ආලේප” කරනු ඇත—එනම් දක්ෂ අන්දමින් සැනසිලිදායක බයිබල් උපදෙස් ඉදිරිපත් කර, “ඔහු උදෙසා යාච්ඤා[ද]” කරනු ඇත. එහි ප්‍රතිඵලය? “ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ, ස්වාමීන්වහන්සේ ඔහු[ගේ අධෛර්යයට පත් තත්වයෙන් හෝ දෙවියන්වහන්සේ විසින් අත්හරිනු ලැබ තිබෙන බවට වූ ඔහුගේ හැඟීමෙන් ඔහුව] නැගුටුවනවා ඇත.”
එහෙත් ආත්මික එඬේරුන්ගේ දක්ෂ උපකාරයෙන් පසුවත්, කෙනෙකුගේ මානසික පීඩනය හා වියවුල්සහගත තත්වය දිගටම පවතී නම් කුමක්ද? එවන් තත්වයක සිටින සමහරු, සම්පූර්ණ ශාරීරික පරීක්ෂණයකට භාජන වීමට තෝරාගෙන ඇත්තාහ. (සසඳන්න, හිතෝපදේශ 14:30; 16:24; 1 කොරින්ති 12:26.) චිත්තවේගීය හෝ මානසික පීඩනය පිටුපස, ශාරීරික ගැටලුවක් තිබිය හැකිය. එවන් ගැටලුවකට ප්‍රතිකාර කිරීම, ඇතැම් අවස්ථාවලදී චිත්තවේගීය ලෙස රෝගාතුර පුද්ගලයාට සහනයක් ලබා දී ඇත.b කිසිදු ශාරීරික ගැටලුවක් සොයාගත නොහැකි නම්, වෛද්‍යවරයාට රෝගියාගේ ඉල්ලීම මත මානසික-සෞඛ්‍යය පිළිබඳව වෘත්තීය පුහුණුව ලත් වෛද්‍යවරයෙකුව නිර්දේශ කළ හැකිය. එවිට කුමක් කළ යුතුද? පවසා ඇති ආකාරයට, මෙය වනාහි සෑම කෙනෙකු විසින්ම පෞද්ගලිකව ගත යුතු තීරණයකි. අනික් අය එය විවේචනයට හෝ විනිශ්චයට ලක් නොකළ යුතුය.—රෝම 14:4.
කෙසේවෙතත්, ප්‍රායෝගික ප්‍රඥාව ඇතුව සිටිය යුතු අතර, බයිබල් ප්‍රතිපත්ති අමතක කර නොදැමීමට සැලකිලිමත් විය යුතුය. (හිතෝපදේශ 3:21; දේශනාකාරයා 12:13) ශාරීරික අසනීපය සම්බන්ධයෙන් ගත් කල, රෝගීන්ට විවිධාකාර ප්‍රතිකාර ගණනාවකින්, එනම් සම්මත ඖෂධ දීමේ සිට, ස්වභාවිකව සුවවීමේ ක්‍රියාවලිය නඟාසිටුවීම, කටු චිකිත්සාව සහ හෝමියෝපති ප්‍රතිකාර වැනි චිකිත්සාවන් අතුරින් තෝරාගැනීමක් කිරීමට සිදු වේ. විවිධ ආකාරයේ මානසික-සෞඛ්‍ය වෛද්‍යවරුද සිටිති. අසාමාන්‍ය හැසිරීමට හෝ වේදනාකාරි චිත්තවේගයන්වලට හේතු සෙවීම සඳහා රෝගියාගේ පෞද්ගලික ඉතිහාසයේ සිදු වූ දේවල් ගැඹුරට සොයා බැලීමට උත්සාහ කරන විශ්ලේෂී මනෝ චිකිත්සක වෛද්‍යවරුන් හා වෙනත් අයද ඔවුහු අතර සිටිති. චර්යා මනෝ චිකිත්සක වෛද්‍යවරුන්, රෝගියාට නව හැසිරීම් රටාවන් ඉගෙනීම සඳහා උපකාර කිරීමට උත්සාහ කළ හැකිය. මානසික රෝගවලින් වැඩි හරියකට ප්‍රතිකාර කළ යුත්තේ ඖෂධවලින් බව ඇතැම් මානසික-සෞඛ්‍ය වෛද්‍යවරු විශ්වාස කරති.c වාර්තා කර ඇති ආකාරයට, වෙනත් අය ආහාර රටා සහ විටමින් වර්ග නිර්දේශ කරති.
මෙම තෝරාගැනීම් සලකා බලන අවස්ථාවලදී, රෝගීන් සහ ඔවුන්ගේ පවුලේ අය ඉතා පරෙස්සම් විය යුතුය. (හිතෝපදේශ 14:15) මානසික-සෞඛ්‍යයට ප්‍රතිකාර කිරීමේ වෘත්තිය, “නොදියුණු තත්වයක පවතින ක්ෂේත්රයකි. මිනිස් ජීවිතයේ මනස සහ හැසිරීමට අදාළ වඩාත් සංකීර්ණ අංග සමඟ කටයුතු කරද්දි, යෝජිත ප්‍රතිකාර සාර්ථක වන බවට පැහැදිලි සාක්ෂි නැති” බව ජෝන්ස් හොප්කින්ස් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ, මනෝ වෛද්‍ය හා චර්යා විද්‍යා පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මහාචාර්ය පෝල් මක්හයූ ප්‍රකාශ කළේය. මෙම තත්වය නිසා, අන්තවාදී හා ප්‍රෝඩාකාරි දේවල් මෙන්ම යහපතට වඩා හානියක් සිදු කළ හැකි හොඳ චේතනාවෙන් පිරිනමන ප්‍රතිකාරවලට මාර්ග විවෘත කළ හැක.
මනෝ චිකිත්සකයන්ට සහ මනෝ වෛද්‍යවරුන්ට, වෘත්තීය පුහුණුව ලත් පශ්චාත් උපාධි තිබුණත්, වෘත්තීය සුදුසුකම් නැති වෙනත් බොහෝ අයද උපදේශකවරුන් හෝ චිකිත්සකයන් ලෙස අධීක්ෂණයකින් තොරව ක්‍රියා කරන බව සඳහන් කළ යුතුය. එවන් සුදුසුකම් නොමැති පුද්ගලයන්ගෙන් උපදෙස් ලබාගැනීම සඳහා, ඇතැම් අය මුදල් රැසක්ද වැය කර ඇත්තාහ.
වෘත්තීය පුහුණුව ලත්, සුදුසුකම් ඇති මානසික-සෞඛ්‍ය වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් පවා, සලකා බැලිය යුතු කාරණා තිබේ. වෛද්‍යවරයෙකු හෝ ශල්‍ය වෛද්‍යවරයෙකුව තෝරාගන්නා විට, බයිබලය මත පදනම් අපගේ ආකල්පවලට ඔහු ගෞරව කරනු ඇති බවට අප සහතික විය යුතුය. එලෙසම, අපගේ ආගමික සහ සදාචාර ආකල්පවලට ගෞරව නොකරන වෘත්තීය පුහුණුව ලත් මානසික-සෞඛ්‍ය වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීමද අන්තරාදායක වනු ඇත. මානසික සහ චිත්තවේගීය ගැටලු තිබියදීත්, “ක්‍රිස්තුස් යේසුස්වහන්සේට තිබූ මානසික ආකල්පයට සමාන” එකක් ඇතුව සිටීමට බොහෝ ක්‍රිස්තියානීහු දැඩි උත්සාහයක් දරමින් සිටිති. (රෝම 15:5, 6, NW) තමන්ගේ සිතිවිලිවලට හෝ හැසිරීමට බලපෑමක් විය හැකි ඕනෑම කෙනෙකුගේ ආකල්ප සම්බන්ධයෙන් එවන් අය සැලකිලිමත් වන්නේ හොඳ හේතු ඇතුවය. ශුද්ධ ලියවිලිමය විශ්වාසයන් මගින් පනවා ඇති ඕනෑම තහනමක්, අනවශ්‍ය සහ මානසික සෞඛ්‍යයට හානියක් විය හැකි යමක් ලෙස ඇතැම් වෛද්‍යවරු සලකති. සමලිංගික සේවනය නැතහොත් විවාහ බන්ධනයට ද්‍රෝහිවීම වැනි බයිබලයේ හෙළා දැක තිබෙන ක්‍රියාවල නියැලීම, ඔවුන් අනුමත කිරීමට හෝ නිර්දේශ කිරීමට පවා පුළුවන.
මෙම අදහස් ප්‍රේරිත පාවුල් හැඳින්වූ “දැනගැන්මයයි බොරුවෙන් කියන දැනගැන්[මට]” ඇතුළත් වේ. (1 තිමෝති 6:20) ඒවා ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සත්‍යයට පටහැනි මෙන්ම, මෙම ලෝකයේ ‘පණ්ඩිතකමේ හා හිස් වූ රැවටිලිකාරකමේද’ කොටසක් වේ. (කොලොස්සි 2:8) බයිබලය නමැති උරගල මෙසේ පැහැදිලිව පවසයි: “ස්වාමීන්වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත.” (හිතෝපදේශ 21:30) “නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද” පවසන්නාවූ මානසික-සෞඛ්‍ය වෛද්‍යවරුන් “නපුරු සමාග[ම]” වේ. අස්ථිර මනස් සුව කිරීමට උපකාර කරනවා වෙනුවට, ඔවුන් “හොඳ චරිත නරක්” කරනු ඇත.—යෙසායා 5:20; 1 කොරින්ති 15:33.
එනිසා වෘත්තීය පුහුණුව ලත් මානසික-සෞඛ්‍ය වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර පැතීමට අවශ්‍යයයි හැඟෙන ක්‍රිස්තියානියෙකු, එම වෛද්‍යවරයාගේ සුදුසුකම්, ආකල්පය සහ හොඳ නාමය මෙන්ම නිර්දේශ කර ඇති ඕනෑම ප්‍රතිකාරයකින් ඇති විය හැකි බලපෑම පරීක්ෂා කර බැලිය යුතුය. මානසික පීඩනයට ලක්ව සිටින ක්‍රිස්තියානියෙකුට මෙය කළ නොහැකි නම්, ඔහුට උපකාර කිරීමට සමහරවිට මේරු, කිට්ටු මිතුරෙකුට හෝ ඥාතියෙකුට හැක. යම් විශේෂ ප්‍රතිකාරයක් සම්බන්ධයෙන් අවිනිශ්චිත හැඟීම් ඇති කරගෙන සිටින ක්‍රිස්තියානියෙකු, සභාවේ වැඩිමහල්ලන් සමඟ කතා කිරීම උපකාරවත් බව සොයාගත හැකි නමුත්, ඔහු (හෝ ඔහුගේ දෙමාපියන් හෝ ස්වාමිපුරුෂයාගේ හා භාර්යාවගේ ඒකාබද්ධ තීරණය) අවසාන තීරණය ලෙස ගත යුතුය.d
පීඩා විඳීම අඩු කිරීම සඳහා, පසුගිය කාලවලට වඩා බොහෝ දේ අදදින විද්‍යාවට කළ හැකිය. එහෙත්, දැනට සුව කළ නොහැකි, එමෙන්ම මෙම දේවල පිළිවෙළෙහි විඳදරාගත යුතු, ශාරීරික මෙන්ම මානසික රෝග බොහොමයක් තිබේ. (යාකොබ් 5:11) මේ කාලය අතරතුර, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මෙන්ම වැඩිමහල්ලෝ සහ සභාවේ සිටින අනික් සියලුදෙනාම, අසනීප වූවන්ට අනුකම්පාවෙන් පිරි සහයෝගයේ අතක් දිගු කරන්නෝය. තවද අසනීප නොමැති තේජාන්විත කාලය එන තෙක් විඳදරාගැනීම සඳහා, යෙහෝවඃවහන්සේම ඔවුන්ව ශක්තිමත් කරනසේක.—මතෙව් 24:45; ගීතාවලිය 41:1-3; යෙසායා 33:24.
[පාදසටහන්වල]
a ඇතැම්විට උසස් මට්ටමේ රැකියාවක් සඳහා සලකා බලන විට, පුද්ගලයෙකුට සමහර අවස්ථාවලදී මනෝචිකිත්සක තත්ව පරීක්ෂණයකට භාජන වන මෙන් ඉල්ලා සිටිය හැකිය. එවැන්නෙකු එවන් තත්ව පරීක්ෂණයකට භාජන වනවාද, නැද්ද යන්න පෞද්ගලික තීරණයක් වන නමුත්, මනෝචිකිත්සක තත්ව පරීක්ෂණයක් වනාහි මනෝචිකිත්සක ප්‍රතිකාරයක් නොවන බව සැලකිල්ලට ගත යුතුය.
b “විනිං ද බැට්ල් එගේන්ස්ට් ඩිප්රෙෂන්” යන මාතෘකාවෙන් යුත්, 1990 මාර්තු 1, ද වොච්ටවර් කලාපය බලන්න.
c ඇතැම් මානසික රෝග, නිවැරදි ප්‍රතිකාරවලට හරියාකාරව ප්‍රතිචාර දක්වන බව පෙනෙන්ට තිබේ. එහෙත් මෙම ප්‍රතිකාර ක්‍රම, දක්ෂ මෙන්ම අද්දැකීම් ලත් වෛද්‍යාචාරීන් හෝ මනෝ චිකිත්සකවරුන්ගේ මඟ පෙන්වීම යටතේ ඉතා පරෙස්සමින් භාවිත කළ යුතුය, මන්දයත් බෙහෙත් මාත්‍රාවන් නිවැරදිව සකස් නොකළහොත්, බරපතළ අතුරු ආබාධ ඇති විය හැකි බැවිනි.
d වර්ෂ 1990 මාර්තු 1 මුරටැඹ කලාපයේ, “අධි මානසික පීඩනය—ක්‍රිස්තියානිවරයෙක් ඉන් පෙළෙන විට” යන මාතෘකාවෙන් යුත් ලිපිය බලන්න.