මේ කාලවල් මෙතරම් නරක ඇයි?
පුවත්පතක් කියවන්න හෝ රූපවාහිනියේ ප්රවෘත්ති බලන්න හෝ ගුවන් විදුලි ප්රවෘත්ති ප්රචාරයට සවන් දෙන්න ඉඳගන්න කොට, යම් නරක ආරංචියක් අහන්න ලැබෙයි කියලා ඔබ හිතනවා නේද? දිග්ගැස්සීගෙන යන යුද්ධයක් තවමත් පවතින බවත්, දරුණු අපරාධ තවමත් හාත්පස පැතිර පවතින බවත්, එහෙම නැත්නං යම් සංවර්ධනය වෙමින් පවතින රටක ශක්තිය, සාගතයක් මගින් අඩපණ කෙරෙන බවත් අහන්න ලැබෙන එක ගැන ඔබ එතරම් පුදුම වෙන්නේ නැතුව ඇති.
මෙම සිදුවීම්වලින් සෑහෙන ඈතක ඔබ ජීවත් වෙනවා නම්, එවැනි වාර්තා ඇසීමෙන් ඔබට නිරන්තරයෙන්ම බලවත් කනස්සල්ලක් දැනෙන්නේ නැතුව ඇති. ඇත්තෙන්ම, දුක් විඳින ඒ විශාල සමූහයන් වෙනුවෙන් අනුකම්පාවක් දැනෙන්න කාටද ඉඩ ප්‍රස්තාව තියෙන්නේ? කොහොම වුණත්, දුක් විඳින එක කොහොමද පුද්ගලයන්ට බලපාන්නේ කියලා අපේ ඇස් පනාපිටම දකිද්දී, කිසිම හැඟීමක් නැතුව ඉන්න එක සෑහෙන අමාරුයි. වෙනත් වචනවලින් කියනවා නම්, යුද්ධයක් ගැන කියවා මැරුණු අය ගැන ඉදිරිපත් කරලා තියෙන සංඛ්‍යා ලේඛන සලකා බැලීම එක දෙයක්; ඒත් අවුරුදු නවයක් වයසැති බොස්නියානු පිරිමි ළමයෙක් වන කුඩා ආඩ්නන් ගැන කියවන එක ඊට හාත්පසින්ම වෙනස්. ඔහුගේ අම්මා ඔවුන්ගේ ගෙය විනාශ කළ බෝම්බයකින් මියගියා. මාස කිහිපයකට පස්සේ, ආඩ්නන් ඔහුගේ තාත්තා එක්ක වීථියක් දිගේ ගමන් කරන කොට, ස්නයිප’ වෙඩි තබන්නෙකුගේ වෙඩි උණ්ඩයට ගොදුරු වූ ඔහුගේ තාත්තා මරුමුවට පත් වුණා. තවත් සති කිහිපයකට පස්සේ, පාසැල් මිදුලට කඩා වැටුණු ෂෙල් වෙඩි ප්‍රහාරයකට ගොදුරු වුණු ඔහුගේ සහෝදරිය ලේ ගලමින් ඔහුගේ ඇස් පනාපිටම මැරුණා. බලවත් කම්පනය සඳහා ආඩ්නන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට, ඒ ළමයාට හිරිවැටුණු ස්වභාවයක් තිබුණු බවත්, කිසිම හැඟීමක්—කුතුහලයක්වත් නැති බවත් පෙනීගියා. අවදිව ඉන්න කොට ඔහු භයෙන් හා සිදු වූ දේ මතක් වීමෙන් පීඩා ලැබුවා; භයංකර සිහින දුටු නිසා, ඔහුට සුවසේ නිදාගන්න බැරි වුණා. ආඩ්නන් කියන්නේ නිකම්ම සංඛ්‍යා ලේඛනයක් නෙමෙයි. ඔහු වේදනාවෙන් පෙළෙන දරුවෙක්; ඔහු වෙනුවෙන් නිකම්ම වගේ අපිට අනුකම්පාවක් දැනෙනවා.
ලෝකයේ තියෙන වෙනත් අහිතකර තත්වයන් සම්බන්ධයෙනුත් මෙය සැබෑවක්. සාගත ගැන කියවන එක එක දෙයක්; ඉදිමුණ බඩක් සහ ගිනිකූරු වගේ හීනි අත් පා ඇති හාමතෙන් පෙළෙන යාන්තං පණගැටගහගන්නා අවුරුදු පහක ගැහැනු ළමයෙක්ගේ පින්තූරයක් දකින එක හාත්පසින්ම වෙන දෙයක්. අපරාධ පිළිබඳ සංඛ්‍යා ලේඛන ගැන කියවන එක එක දෙයක්; මහලු වැන්දඹුවකට කෲර ලෙස පහර දී, ඇගෙන් හොරකම් කර, ඇයව දූෂණය කළා කියන එක අහන්න ලැබීම හාත්පසින්ම වෙනම දෙයක්. පවුලේ පිරිහීම ගැන කියවීම එක දෙයක්; තමාගේ දරුවාට හිතා මතා කන්න නොදී කෲර ලෙස පීඩා කළ අම්මා කෙනෙක් ගැන කියවන්න ලැබීම හාත්පසින්ම වෙනම දෙයක්.
එවැනි දේවල් ගැන කියවන්න ලැබීම වේදනාසහගත දෙයක්. ඒත් ලොව පුරා පැතිරෙන මේ වගේ වසංගතයක් අපිට කෙළින්ම පහර දෙන විට එය ඊටත් වඩා මොනතරම් දරුණු දෙයක්ද! ඔබ පෞද්ගලිකව නපුරු දෙයකින් පීඩා විඳින කොට, ලෝක ප්‍රවෘත්තිවලින් ඉදිරිපත් වෙන වඩාත් විශාල පින්තූරය දරාගන්න බැරි එකක් වෙන්න පුළුවන්. අපරාධ, යුද්ධ, සාගත සහ රෝග හේතුවෙන් සිදු වන දුක් වේදනා මනුෂ්‍ය ඉතිහාසයේ පෙර නොවූවිරූ පරිමාණයකින් වැඩි වෙනවා යන කාරණයට මුහුණ දෙන්න සිදුවීම බිහිසුණු දෙයක්. මේ විසිවන සියවසේ යථාර්ථයන් සමඟ කටයුතු කිරීමේ බලපෑම සැබවින්ම ඉතා ගැඹුරු වෙන්න පුළුවන්; ව්‍යාකූලභාවය, භය සහ කලකිරීම පොදුවේ දක්නට ලැබෙනවා.
දේවල් මෙතරම් නරක අතට හැරිලා තියෙන්නේ ඇයි? මනුෂ්‍යවර්ගයා යොමු වී සිටින්නේ කොයි දෙසටද? යන දුක ගෙන දෙන ප්‍රශ්නවලට උත්තර බොහෝ ආගම්වල ඉන්න මනුෂ්‍යයන් සොයමින් සිටිනවා.
අදදින ආගම්වලින් සෑහීම ගෙන දෙන උත්තර කලාතුරකින් ලැබෙන එක කනගාටුවට හේතුවක්. මේ සඟරාවේ කවරයේ තියෙන ප්රශ්නය ඔබ මුලින් දුටු විට, ඔබ අවිශ්වාසයෙන් ප්‍රතික්‍රියා කරන්න ඇති—ඇත්තෙන්ම එහෙම ප්‍රතික්‍රියා කරන එක තේරුම්ගන්න පුළුවන්. මූලධර්මවාදී ආගම් බලෙන්ම වගේ බයිබලයේ නැති අදහසක් ඒකෙන් ගන්න හදනවා: මේ ලෝකයේ අභාවයට තියෙන දවස සහ පැය. (මතෙව් 24:36 බලන්න.) මෙම ජ’නලයේ ප්‍රකාශකයන් වැඩි කැමැත්තක් දක්වනවා බයිබලයේම සාක්ෂි ඉදිරිපත් කරන්න. අන්තිම දවස් පිළිබඳ බයිබලය ඉදිරිපත් කරන තොරතුරු සත්‍යවාදී මෙන්ම සාධාරණයි කියලා දැනගැනීමෙන් ඔබ පුදුම වෙනවා ඇති. ඇරත් දේවල් මෙතරම් නරක ඇයි කියලා පැහැදිලි කරනවාට වඩා වැඩි දෙයක් බයිබලය කරනවා. එය අනාගතය සඳහා ඇත්තෙන්ම සැනසිලිදායක බලාපොරොත්තුවකුත් සපයනවා. මේ බව දැකගන්න ඊළඟ ලිපි සලකා බලන්න කියලා අපි ඔබට ඇරයුම් කරනවා.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Jobard/Sipa Press