වෛද්‍යවරුන්, විනිසුරුවන් හා යෙහෝවාගේ සාක්ෂිකරුවන්
පසුගිය 1995 මාර්තුවලදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් බ්‍රසීලයෙහි සම්මන්ත්රණ දෙකක් ඉදිරිපත් කළා. අරමුණ? යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු රෝහල්ගතව, රුධිර ප්‍රවේශනයක් පිළිගත නොහැකිව සිටින විට වෛද්‍ය හා නීතික කාර්ය මණ්ඩලයේ සහයෝගය සෙවීම සඳහායි.—ක්‍රියා 15:29.
කනගාටුදායක ලෙස, සමහර අවස්ථාවලදී වෛද්‍යවරුන් සාක්ෂිකාර රෝගීන්ගේ කැමැත්ත නොසලකා, රුධිර ප්‍රවේශන ගැනීමට බල කිරීමේ අටියෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කොට තිබෙනවා. එවැනි අවස්ථාවලදී සාක්ෂිකරුවන් තමන්ව ආරක්ෂා කරගැනීමට ගත හැකි වූ මොනයම් හෝ නීතික මාධ්‍යයක් යොදාගත්තා. කෙසේනමුත්, ඔවුන් ගැටුමට වඩා සහයෝගයට වැඩි කැමැත්තක් දැක්වුවා. මෙලෙස, සමජාත රුධිර ප්‍රවේශන චිකිත්සාව වෙනුවට බොහෝ විකල්පයන් තිබෙන බවත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සන්තෝෂයෙන් මේවා පිළිගන්නා බවත් සම්මන්ත්රණ මගින් අවධාරණය කළා.a
සාඌ පාවුලොහි වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රාදේශීය සභා රැස්වීමක් මේ වන විටත් සාක්ෂිකරුවන්ගේ ස්ථාවරයට සහාය දක්වා තිබෙනවා. වර්ෂ 1995 ජනවාරියේදී, වෛද්‍යවරයා නිර්දේශ කළ ප්‍රතිකාරයට විරුද්ධත්වයක් තිබෙනවා නම්, එය ප්‍රතික්ෂේප කිරීමටත්, වෙනත් වෛද්‍යවරයෙකු තෝරාගැනීමටත් රෝගියාට අයිතියක් තිබෙන බවට තීරණය කරනු ලැබුවා.
ප්‍රශංසනීය ලෙස, බ්‍රසීලයේ වෛද්‍ය ප්‍රජාව තුළ තමන්ගෙන් ඉල්ලා සිටින රෝගීන්ට රුධිරය රහිත ප්‍රතිකාර දීමට කැමැත්තක් දක්වන සියගණනක් දැන් සිටිනවා. වර්ෂ 1995 මාර්තුවල පැවති සම්මන්ත්රණවලින් පසු, බ්‍රසීලයේ වෛද්‍යවරුන්, විනිසුරුවන් හා යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර පවතින සහයෝගය සැලකිය යුතු අන්දමින් වැඩිදියුණු වී තිබෙනවා. වර්ෂ 1997දී බ්‍රසීලියානු වෛද්‍ය සඟරාවක් වන අම්බීටූ ඕස්පිටාලාර්, රුධිරය පිළිබඳ ප්රශ්නයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය සඳහා අයිතිවාසිකමක් තිබෙන බවට තරයේ ප්‍රකාශ කළ ලිපියක් පළ කළා. රියෝ ද ජනේරෝ හා සාඌ පාවුලො ප්‍රාන්ත සඳහා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රාදේශීය සභා ප්‍රකාශ කළ පරිදි, “රෝගියාගේ ජීවිතය ආරක්ෂා කිරීමට වෛද්‍යවරයාට ඇති රාජකාරිය, රෝගියාගේ තේරීමේ අයිතිවාසිකමට පක්ෂ වීමට ඔහුට තිබෙන රාජකාරිය අභිභවා නොයා යුතු බව” දැන් පුළුල් ලෙස පිළිගෙන තිබෙනවා.
[පාදසටහන]
a වැඩි විස්තර සඳහා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද? විවරණිකාව බලන්න.