නම්මාගැනීමේ කලාවෙන් හෘද වෙත ළඟාවීම
බොහෝ අය “නම්මාගැනීම” යන වචනය දෙස බලන්නේ සැක සහිතවයි. එය කෙනෙකුගේ මනසට, ආක්රමණික වෙළඳ සේවකයෙක් නැතහොත් පාරිභෝගිකයාව මුළා කිරීමට හෝ තම වාසියට හරවාගැනීමට නිර්මාණය කර තිබෙන ප්‍රචාරණයක් ඉදිරිපත් කළ හැකියි. බයිබලයෙහි පවා, නම්මාගැනීමේ අදහසට ඇතැම්විට දූෂණය වීමක් හෝ වෙනත් මඟකට යොමුවීමක් අඟවන නිෂේධාත්මක අර්ථයන් තිබෙනවා. උදාහරණයක් වශයෙන්, ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් ගලාතිවරුන්ට මෙසේ ලිව්වා: “නුඹලා හොඳාකාර දුවමින් උන්නහුය; සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධාකළේ කවුද? ඔය පෙලඹීම [නම්මාගැනීම, NW] නුඹලා කැඳවන [තැනැත්තාගෙන්] නොවේය.” (ගලාති 5:7, 8) ‘සිත් ප්‍රසන්න කරන [නම්මාගන්නා, NW] කතාවෙන් ඔවුන්ව මුළා කිරීමට’ කිසිවෙකුට ඉඩ නොදෙන්න කියා පාවුල් කොලොස්සිවරුන්ටත් අවවාද කළා. (කොලොස්සි 2:4) එවැනි නම්මාගැනීමක් රඳාපවතින්නේ අසත්‍ය අත්තිවාරම් මත තැනූ දක්ෂ කරුණු පැහැදිලි කිරීම මතයි.
කෙසේවුවත්, තමා තිමෝතිට ලියූ දෙවන ලිපියේදී, ප්‍රේරිත පාවුල් නම්මාගැනීමේ අදහස වෙනස් අර්ථයකින් භාවිත කළා. ඔහු මෙසේ ලිව්වා: “නුඹ ඉගෙනගත්තාවූ, නුඹට සහතිකවූ [ඔබව විශ්වාස කිරීමට නම්මාගත්, NW] කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙනගත්තෙහිද කියා . . . දැන, ඒවායෙහි පිහිටා සිටින්න.” (2 තිමෝති 3:14) “විශ්වාස කිරීමට නම්මාගත්” තිමෝතිව, ඔහු ශුද්ධ ලියවිලිවල සත්‍යයන් ඉගෙනගත් තැනැත්තියන් වන ඔහුගේ මව හා ආච්චි විසින් තම වාසියට හරවාගත්තේ නැහැ.—2 තිමෝති 1:5.a
රෝමයේ නිවාස අඩස්සියේ සිටියදී, පාවුල් බොහෝදෙනෙකුට, “උදය පටන් සවස දක්වා . . . [යේසු] ගැන ඔවුන් පහදන [යේසු සම්බන්ධයෙන් ඔවුන්ව නම්මාගන්නා, NW] පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් හා අනාගතවක්තෘවරුන්ගේ පොත්වලින්” බලවත් සාක්ෂියක් දැරුවා. (ක්‍රියා 28:23) පාවුල් සිය ශ්රාවකයන්ව මුළා කරමින් සිටියාද? කොහෙත්ම වෙන්න බැහැ! එසේනම්, පැහැදිලිවම, නම්මාගැනීම සැමවිටම නරක දෙයක් නොවෙයි.
ඒකාන්ත අර්ථයකින් යොදා ඇති, “නම්මාගැනීම” ලෙස පරිවර්තනය කර තිබෙන මුල් ග්‍රීක් වචනයෙන් ඒත්තුගැන්වීම, යෝග්‍ය, තර්කානුකූල හේතු දැක්වීම් මගින් මනසේ වෙනසක් ඇති කිරීම අදහස් වෙනවා. මෙලෙස බයිබල් සත්‍යයන් ඒත්තුගැනීමක් අන්‍යයන්ට කාවැද්දීම සඳහා නම්මාගැනීම පාවිච්චි කිරීමෙන් ශුද්ධ ලියවිලිමය අත්තිවාරමක් මත එය ගොඩනඟන්න ගුරුවරයෙකුට හැකියි. (2 තිමෝති 2:15) ඇත්තෙන්ම, මෙය පාවුල්ගේ දේවසේවයේ ලක්ෂණයකි. ක්‍රිස්තියානි ඉගැන්වීම් වැරදි බවට සැලකූ රිදී රූප සාදන්නෙකු වූ දෙමේත්‍රියස් පවා, “මේ පාවුල් වනාහි අත්වලින් කරනලද දෙවිවරු දෙවිවරු නොවෙතියි කියමින් එපීසයෙහි පමණක් නොව මුළු ආසියාවේ සෑම තැනම වාගේ බොහෝ සෙනඟ උගන්වා හරවාගත් [නම්මාගත්, NW] බව” සඳහන් කළා.—ක්‍රියා 19:26.
දේවසේවයෙහි නම්මාගැනීම පාවිච්චි කිරීම
යේසු ක්‍රිස්තු සිය අනුගාමිකයන්ට මෙසේ උපදෙස් දුන්නා: ‘එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි.’ (මතෙව් 28:19, 20) දෙසිය තිහකට වැඩි රටවල් ගණනක, යෙහෝවාගේ සාක්ෂිකරුවන් මේ අණට කීකරු වෙනවා. ඔවුන්ගේ 1997 සේවා වසරේ සෑම මාසයකම, ඔවුන් ලොව පුරා නිවාස බයිබල් පාඩම් 45,52,589ක සාමාන්‍යයක් පවත්වා තිබෙනවා.
නිවාස බයිබල් පාඩමක් පවත්වන්න ඔබ වරප්‍රසාද ලැබ සිටී නම්, නම්මාගැනීමේ කලාව පාවිච්චි කිරීමට අවශ්‍ය වන අභියෝගයන් පැමිණේවියයි ඔබ බලාපොරොත්තු වනවා විය හැකියි. උදාහරණයක් ලෙස, ඔබේ ඊළඟ පාඩම් සැසිවාරයේදී, ත්‍රිත්වය පිළිබඳ ප්‍රශ්නයක් පැමිණේවියයි සිතමු. ඔබේ ශිෂ්‍යයා මේ ධර්මය විශ්වාස කරන බව ඔබ දන්නවා නම් කුමක්ද? ඒ විෂය සාකච්ඡා කරන ප්රකාශනයක් ඔහුට දෙන්න ඔබට පුළුවන්. ඔහු එය කියෙවූ පසු, දෙවි හා යේසු එක්කෙනාම නොවන බව පිළිගැනීමට ඔහු නැමී සිටින බව ඔබට දැනගන්න ලැබේවි. නමුත් යම් ප්‍රශ්න ඉතිරි වී තිබේ නම්, ඔබට ඉදිරියට යා හැක්කේ කෙසේද?
පරෙස්සමින් සවන් දෙන්න. දී ඇති විෂයක් ගැන ඔබේ ශිෂ්‍යයා දැනටමත් විශ්වාස කරන්නේ කුමක්ද කියා තීරණය කිරීමට මෙය ඔබට උපකාර කරනු ඇත. උදාහරණයකට, “මම ත්‍රිත්වය විශ්වාස කරනවා” කියා ඔබේ ශිෂ්‍යයා පවසයි නම්, මේ ධර්මය නිෂ්ප්‍රභ කරන්න විගස ශුද්ධ ලියවිලිමය සාකච්ඡාවක් අරඹන්න ඔබට පුළුවන්. නමුත් ත්‍රිත්වය සම්බන්ධයෙන් විවිධ විශ්වාසයන් තිබෙනවා. ඔබ ත්‍රිත්ව ධර්මය වශයෙන් නිර්වචනය කරනු ඇති දෙයට වඩා බෙහෙවින් වෙනස් යමක් ඔබේ ශිෂ්‍යයා විශ්වාස කළ හැකියි. පුනර්භවය, ප්‍රාණයේ අමරණීයත්වය හා ගැළවීම වැනි වෙනත් විශ්වාසයන් ගැනත් පැවසිය හැක්කේ එයමයි. එනිසා කතා කරන්න පෙර පරෙස්සමින් සවන් දෙන්න. ශිෂ්‍යයා විශ්වාස කරන දේ ගැන උපකල්පනයන් ඇති කරගන්න එපා.—හිතෝපදේශ 18:13.
ප්‍රශ්න අහන්න. මේවා ඇතුළත් විය හැකියි: ‘ඔබ හැමවිටම ත්‍රිත්වය විශ්වාස කළාද? මේ විෂය සම්බන්ධයෙන් බයිබලය කතා කරන දේ ගැන ඔබ කවදා හෝ සම්පූර්ණ අධ්‍යයනයක් කර තිබෙනවාද? දෙවි ත්‍රිත්වයේ කොටසක්ව සිටියා නම්, ඔහුගේ වචනය වන බයිබලය ඒ බව අපට පැහැදිලිව හා කෙළින් නොපවසනු ඇද්ද?’ ශිෂ්‍යයාට ඉගැන්වීමේදී, විටින් විට නවතා මේ වගේ ප්‍රශ්න අහන්න: ‘මෙතෙක් අප සලකා බැලූ කරුණු සාධාරණයි කියලා ඔයා හිතනවාද?’ ‘මේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඔයා එකඟ වෙනවාද?’ ඔබ දක්ෂ ලෙස ප්‍රශ්න ඇසීම මගින්, ඉගෙනීමේ ක්‍රියාවලියට ඔබ ශිෂ්‍යයාව ඇතුළත් කරගන්නවා. විෂයක් පිළිබඳව ඔබේ පැහැදිලි කිරීමට ඔහු ඔහේ සවන් දෙමින් සිටිය යුතු නැහැ.
යෝග්‍ය තර්කණය යොදාගන්න. නිදසුනකට, ත්‍රිත්ව ධර්මය සාකච්ඡා කිරීමේදී, ඔබේ ශිෂ්‍යයාට මෙසේ පැවසීමට ඔබට හැකියි: ‘යේසු බව්තීස්ම වෙන කොට, ස්වර්ගයෙන් කටහඬක් ඇවිත් මෙහෙම කිව්වා: “නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය.” දෙවි බව්තීස්ම වී ඇත්තෙන්ම පොළොව මත සිටියා නම්, ඔහු තම කටහඬ ස්වර්ගය දෙසට යොමු කර නැවතත් පොළොව මත සිටින්නන්ට සවන් දිය හැකි වන පිණිස එම වචන පොළොවට යොමු කරයිද? එය මුළා කරවන්නක් නොවේවිද? “බොරු නොකියන” දෙවිකෙනෙක්, එවැනි වංචාකාර දෙයක් කරයිද?’—ලූක් 3:21, 22; තීතස් 1:1, 2.
උපායශීලී අන්දමකින් ඉදිරිපත් කර ඇති යෝග්‍ය තර්කණය බොහෝවිට සෑහෙන බලපෑමකින් යුක්තයි. බාබරා කියා අපි හඳුන්වන ස්ත්‍රියකගේ ආදර්ශය සලකා බලන්න. යේසු දෙවි බවත්, ශුද්ධාත්මය ඇතුළත් ත්‍රිත්වයක කොටසක් බවත් ඇගේ මුළු ජීවිත කාලය පුරාම ඇය විශ්වාස කර තිබෙනවා. නමුත් දෙවි හා යේසු වෙනස් පුද්ගලයන් දෙදෙනෙක් බව යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ඇයට පෙන්වූ අතර ඔහුගේ ප්‍රකාශය සනාථ කරන ශුද්ධ ලියවිලි ඔහු ඇයට පෙන්නුවා.b බයිබලය නිෂ්ප්‍රභ කරන්න බාබරාට පුළුවන් වුණේ නැහැ. ඒත් එක්කම, ඇය කලකිරීමට පත්ව සිටියා. කෙසේවුවත්, ත්‍රිත්ව ධර්මය ඇගේ හෘදයට ප්‍රිය වුණා.
සාක්ෂිකරුවා ඉවසිලිවන්තව බාබරාට හේතු සාධක පෙන්නුවා. “පුද්ගලයන් දෙදෙනෙකු සමානයි කියා මට උගන්වන්න ඔබ වෑයම් කරමින් සිටියා නම් එය නිදර්ශනය කරන්න ඔයා යොදාගන්නේ මොන පවුල් සම්බන්ධතාවයද?” කියා ඔහු ඇසුවා. ඇය මොහොතකට කල්පනා කර මෙසේ පිළිතුරු දුන්නා: “මම සමහරවිට සහෝදරයන් දෙදෙනෙක්ව යොදාගනියි.” “හරියටම හරි,” සාක්ෂිකරුවා ප්‍රතිචාරය දැක්වුවා. “සමහරවිට ඊටත් වඩා සමානයි කියන්න පුළුවන් නිවුන්නු. නමුත් දෙවි පියා වශයෙනුත්, තමාව පුත්‍රයා වශයෙනුත් සලකන්න කියා අපට උගන්වද්දී යේසු ඉදිරිපත් කරමින් සිටියේ මොන පණිවිඩයද?” “ඒකත් ඇත්ත,” බාබරා දෑස් ලොකු කරගෙන උත්තර දුන්නා. “වයසින් වැඩි, ඒ වගේම වැඩි බලයක් තිබෙන කෙනෙක් ගැනයි ඔහු විස්තර කරන්නේ.”
“ඔව්,” සාක්ෂිකරුවා පිළිතුරු දුන්නා, “ඒ වගේම පිතෘ නායක සමාජයක ජීවත් වෙමින් සිටි යේසුගේ යුදෙව් ශ්‍රාවක පිරිස විශේෂයෙන්ම එම නිගමනයට බැහැලා ඉන්න ඇති.” තමාගේ කාරණය වෙත යොමු වෙමින් සාක්ෂිකරුවා මෙසේ අවසන් කළා: “සමානත්වය ඉගැන්වීමට, සහෝදරයන් ගැන හෝ සර්වසමාන නිවුන්නු ගැන එවැනි ගැළපෙන නිදර්ශනයක් අපි ඉදිරිපත් කළා නම්—සහතිකවම, උතුම් ගුරුවරයා වූ යේසුටත් එසේ කළ හැකිව තිබුණා. ඒ වෙනුවට, ඔහු තමා සහ දෙවි අතර සබඳතාව විස්තර කිරීමට ‘පියා’ හා ‘පුත්‍රයා’ යන යෙදුම් පාවිච්චි කළා.”
බාබරාට අන්තිමේදී කාරණය වැටහුණා; ඇය එය පිළිගත්තා. ඇගේ හෘදය වෙත ළඟා වී තිබුණේ නම්මාගැනීමේ කලාවෙන්.
චිත්තවේගයන් සමඟ කටයුතු කිරීම
තදින් කාවැදුණු ආගමික විශ්වාසයන්ට බොහෝවිට චිත්තවේගීය පැත්තක් ඇතුළත්. කතෝලික භක්තිවන්තියක වූ එඩ්නාගේ සිද්ධිය ගැන කල්පනා කර බලන්න. ඇගේ නහඹර මුනුබුරන් දෙවි හා යේසු එකම තැනැත්තා නොවන බවට ඔප්පු කරන පැහැදිලි ශුද්ධ ලියවිලිමය සාක්ෂි ඉදිරිපත් කළා. එඩ්නාට, ඇය සවන් දුන් දේ තේරුණා. කෙසේනමුත්, ඇය කරුණාවන්තව නමුත් ස්ථිරයෙන් මෙසේ පවසා සිටියා: “මම ශුද්ධ වූ ත්‍රිත්වය විශ්වාස කරනවා.”
සමහරවිට ඔබටත් එවැනිම අද්දැකීමක් තිබුණා විය හැකියි. බොහෝදෙනෙක් තම ආගමේ ධර්මයන් සලකන්නේ හරියට මේවා තමන්ගේම පෞද්ගලිකත්වයේ කොටසක් වශයෙනුයි. එවැනි බයිබල් ශිෂ්‍යයන්ව නම්මාගැනීම සඳහා, පුද්ගලයාගේ දෘෂ්ටිකෝණය වැරදිසහගත බව ඔප්පු කරන උදාසීන තර්කයකට නැතහොත් ශුද්ධ ලියවිලි මාලාවකට පවා වැඩි දෙයක් අවශ්‍යයි. දයානුකම්පාවෙන් යුතුව නම්මාගැනීමේ කලාව සමබර කිරීම මගින් එවැනි තත්වයන් හොඳින් හසුරුවාගත හැකියි. (සසඳන්න රෝම 12:15; කොලොස්සි 3:12.) බලපෑමෙන් යුතු ගුරුවරයෙක් සතුව බලවත් ඒත්තුගැන්වීම් තිබිය යුතු බව පිළිගත යුත්තක්. උදාහරණයක් හැටියට, “ඒත්තුගෙන සිටිමි” හා “ස්වාමී වූ යේසු කරණකොටගෙන මම දනිමි; නැමී සිටිමි” වැනි වදන් පාවුල් යොදාගත්තා. (රෝම 8:38; 14:14; NW) කෙසේවුවත්, අපේ ඒත්තුගැනීම් ප්‍රකාශ කිරීමේදී, අප අණ දෙන ආකාරයකින්, ආත්ම-ධර්මිෂ්ඨකමේ ස්වරයකින් හෝ උපහාසාත්මක හෝ පහත් කරන ආකාරයකින් බයිබල් සත්‍යයන් ඉදිරිපත් නොකළ යුතුයි. ශිෂ්‍යයාව තරහගැන්වීමට හෝ ඔහුට අපහාස කිරීමට පවා අපිට ඇත්තෙන්ම වුවමනා නැහැ.—හිතෝපදේශ 12:18.
ශිෂ්‍යයාගේ විශ්වාසයන්ට ගරු කිරීම හා ඒවා සතුව සිටීමට ඔහුට ඇති අයිතිය වටහාගැනීම වඩාත් බලපෑමෙන් යුක්තයි. නිහතමානිකම ප්‍රධාන දෙයයි. තමාගේ ශිෂ්‍යයාට වඩා නිතැතින්ම තමා උසස් බවක් යටහත් පහත් මනසකින් යුත් ගුරුවරයෙකුට හැඟෙන්නේ නැහැ. (ලූක් 18:9-14; පිලිප්පි 2:3, 4) දේවභක්තියෙන් නැමීයෑමට නිහතමානිකම ඇතුළත් වන අතර, ප්‍රතිඵලයක් වශයෙන් මෙසේ පවසයි: ‘මේක තේරුම්ගන්න යෙහෝවා මට දයානුකම්පිතව උපකාර කරලා තියෙනවා. මම කැමතියි ඔයාටත් ඒ ගැන කියන්න.’
පාවුල් කොරින්තියේ තම සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා: “(මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට [දෙවි] ඉදිරිපිට බලසම්පන්නය.) අපි විවාදයන්ද [දෙවි] ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි [ක්‍රිස්තුස්ට] කීකරුවීමට වහල්කරදෙමුව.” (2 කොරින්ති 10:4, 5) අදදින, දැඩි ලෙස කාවැදී තිබෙන අසත්‍ය ධර්ම මෙන්ම දෙවිව අසතුටු කරවන ගැඹුරු ලෙස කාවැදුණු පුරුදු හා ගති ලක්ෂණ ඉවත් කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේවවචනය පාවිච්චි කරනවා. (1 කොරින්ති 6:9-11) මෙසේ කරද්දී, යෙහෝවා ප්‍රේමනීය ලෙස තමන් සමඟ ඉවසීමෙන් ක්‍රියා කර තිබෙන බව සාක්ෂිකරුවන්ට මතකයි. ඔහුගේ වචනය වන බයිබලය තිබීම ගැනත්, අසත්‍ය ඉගැන්වීම් උදුරා දැමීමට හා නම්මාගැනීමේ කලාවෙන් හෘද වෙත ළඟාවීමට මේ බලවත් මෙවලම පාවිච්චි කිරීමට ලැබීම ගැනත් ඔවුන් මොනතරම් සතුටු වෙනවාද!
[පාදසටහන්වල]
a මෙම මුරටැඹ කලාපයේ පිටු 7-9, “එවුනීකි හා ලොයිස්—ආදර්ශවත් ශික්ෂිකාවන්” යන ලිපිය බලන්න.
b යොහන් 14:28; පිලිප්පි 2:5, 6; කොලොස්සි 1:13-15 බලන්න. වැඩි විස්තර සඳහා, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ඔබ ත්‍රිත්වය විශ්වාස කළ යුතුද? (ඉංග්‍රීසියෙන්) විවරණිකාව බලන්න.
[23වන පිටුවේ කොටුව]
ඔබේ ශිෂ්‍යයාගේ හෘදය වෙත ළඟාවීම
◻ බයිබල් ශිෂ්‍යයාගේ හෘදය වෙත ළඟාවීමේදී යෙහෝවාගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කරන්න.—නෙහෙමියා 2:4, 5; යෙසායා 50:4.
◻ ශිෂ්‍යයා විශ්වාස කරන දෙයත්, ඔහුට අසත්‍ය ඉගැන්වීමක් සිත්ඇදගන්නා එකක් වන්නේ ඇයි කියාත් අවබෝධ කරගන්න.—ක්‍රියා 17:22, 23.
◻ පොදු පදනමක් පවත්වාගනිමින්, තර්කානුකූල ශුද්ධ ලියවිලිමය කරුණු පැහැදිලි කිරීමක් කරුණාවන්ත මෙන්ම ඉවසිලිවන්ත ආකාරයකින් ගොඩනඟන්න.—ක්‍රියා 17:24-34.
◻ හැකි නම්, බලපෑමෙන් යුත් නිදර්ශන සහිතව බයිබල් සත්‍යයන්වල බලය වැඩි කරන්න.—මාර්ක් 4:33, 34.
◻ බයිබලයෙන් ඒකාන්ත දැනුම පිළිගැනීමේ ප්‍රයෝජන ශිෂ්‍යයාට පෙන්වන්න.—1 තිමෝති 2:3, 4; 2 තිමෝති 3:14, 15.