මුල් පිටුවෙන්: ජීවනයට මඟ විවර කළ යේසුස්ගේ නැවත නැඟිටීම
යේසුස්ගේ නැවත නැඟිටීම ඇත්තක්ද?
මීට අවුරුදු 2,500කට කලින් ජීවත් වූ ග්‍රීක ඉතිහාසඥ හෙරෝඩටස්, ඊජිප්තුවරුන්ගේ චාරිත්‍රයක් ගැන මෙහෙම කිව්වා. “පොහොසත් අයගේ උත්සවවලදී යම් කෙනෙක් මිනි පෙට්ටියක ඉන්න කෙනෙකුගේ ලී රූපයක් රැගෙන හැම කෙනෙක් ළඟටම ගිහින් මෙහෙම කියනවා. ‘දැන් හොඳට කාලා බීලා විනෝද වෙන්න. මොකද මැරුණට පස්සේ මේ රූපේ වගේ ඔයාටත් කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා.’”
ඊජිප්තුවරුන් එවැනි චාරිත්‍රයක් අනුගමනය කළේ මිය ගිය අයට නැවත ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියා සිතූ නිසයි. අද ඉන්න හුඟදෙනෙක් හිතන්නෙත් ඒ විදිහටයි. මරණයෙන් හැම දෙයක්ම අවසන් වෙන නිසා කාලා බීලා හිතේ හැටියට විනෝද වෙන එක තමයි හොඳම දේ කියා ඔවුන් හිතනවා. යේසුස්ගේ මුල් අනුගාමිකයෙක් වූ පාවුල් ඒ වගේ අය හිතන විදිහ ගැන මෙහෙම කිව්වා. “මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් . . . ‘අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු.’”—1 කොරින්ති 15:32.
නමුත් පාවුල් විශ්වාස කළේ ඊට වඩා වෙනස් දෙයක්. මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙන බවත් සදහටම ජීවත් වෙන්න අවස්ථාව තිබෙන බවත් ඔහු විශ්වාස කළා. ඔහුට ඒ ගැන එතරම් ස්ථිර විශ්වාසයක් තිබුණේ යේසුස් ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැවත නැඟිටුණුa බව ඔහු තරයේ විශ්වාස කළ නිසයි. පාවුල් ඇතුළු එවකට ජීවත් වූ යේසුස්ගේ අනිකුත් ගෝලයන්ගේ විශ්වාසය ශක්තිමත් වීමට දායක වූ ප්‍රධාන දේ යේසුස්ගේ නැවත නැඟිටීමයි.
යේසුස්ව නැවත නැඟිටෙවූ බව ස්ථිරව පැවසිය හැක්කේ කෙසේද? යේසුස්ගේ නැවත නැඟිටීම අපිට වැදගත් වෙන්නේ ඇයි? පාවුල් එදා කොරින්ති සභාවේ සිටි ක්‍රිස්තියානීන්ට ලියූ ලිපියක තිබෙන තොරතුරුවලින් ඒ ප්‍රශ්නවලට පිළිතුරු දැනගන්න පුළුවන්.
ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටෙව්වේ නැත්නම් . . .
කොරින්ති සභාවේ සිටි සමහර ක්‍රිස්තියානීන්ට නැවත නැඟිටීම ගැන පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. තවත් සමහරු ඒ වගේ දෙයක් ඇත්තටම වෙයි කියා විශ්වාස කළෙත් නැහැ. ඒ නිසා නැවත නැඟිටීම ඇත්තක් බව තහවුරු කරන්න පාවුල් මෙවැනි තර්කයක් ඉදිරිපත් කළා. “ඇත්තෙන්ම මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවනු ලැබුවේද නැත. ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවනු ලැබුවේ නැත්නම් අප කරන දේශනා සේවයෙන් කිසිදු පලක් නැත. අපගේ විශ්වාසයෙන්ද කිසි පලක් නැත. . . . එසේනම් දෙවි ඔහුව මරණයෙන් නැඟිටුවා ඇති බවට අප දරන සාක්ෂියත් දෙවිට විරුද්ධව කරන බොරු සාක්ෂියක් බවට පත් වේ. . . . ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවා නැත්නම් ඔබ තුළ තිබෙන විශ්වාසයෙහි කිසි පලක් නැති අතර ඔබ තවමත් සිටින්නේ ඔබේ පාපවලට සමාවක් ලබා නොගෙනය. එසේනම් ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටි අය අතරින් මිය ගිය අය සදහටම අපගෙන් වෙන් වී ඇත.”—1 කොරින්ති 15:13-18.
“තවත් අවස්ථාවක ඔහු සහෝදරයන් පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ පෙනී සිටියේය. . . . ඔහු යාකොබ් ඉදිරියේද පසුව ඔහුගේ සියලු නියෝජිතයන් ඉදිරියේද පෙනී සිටියේය. අවසන් වශයෙන් ඔහු පෙනී සිටියේ මා ඉදිරියෙහිය.”—1 කොරින්ති 15:6-8
පාවුල්ගේ තර්කය ගැන ටිකක් හිතන්න. මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් ක්‍රිස්තුස්ව මරණයෙන් නැවත නැඟිටෙවූ බව පැවසිය නොහැකියි. ක්‍රිස්තුස්ව නැවත නැඟිටුවා නැත්නම් ක්‍රිස්තියානීන් පවසමින් සිටි පණිවිඩයේ කිසිම හරයක් නැහැ. ඇත්තෙන්ම ක්‍රිස්තියානි ඉගැන්වීම්වල ප්‍රධාන ඉගැන්වීමක් තමයි යේසුස්ගේ නැවත නැඟිටීම. යේසුස්ගේ නැවත නැඟිටීම බොරුවක් නම් බයිබලයේ තිබෙන සමහර මූලික ඉගැන්වීම් පවා තේරුම්ගත නොහැකියි. උදාහරණයකට පාලනය කරන්න දෙවියන්ට තිබෙන අයිතිය, දෙවිගේ නාමය, දෙවිගේ රාජ්‍යය හා මිනිසුන්ගේ ගැලවීම ගැන අපිට නිවැරදි අවබෝධයක් ලබාගන්න බැරි වෙනවා.
ඒ විතරක් නෙමෙයි යේසුස්ව නැවත නැඟිටුවා නැත්නම් පාවුල් හා අනිකුත් ක්‍රිස්තියානීන් ඒ ගැන දැරූ සාක්ෂිය අමූලික බොරුවක් වෙනවා. ඒ වගේම එම නැවත නැඟිටවීම සිදු කළේ දෙවියි කියා පැවසීමෙන් ඔවුන් දෙවි ගැන පැවසූ දේත් බොරු වෙනවා. එසේ වුණා නම් එය දෙවිට විරුද්ධව දුන් බොරු සාක්ෂියක්. දෙවියන් යේසුස්ව මරණයෙන් නැවත නැඟිටුවා නැත්නම් මිනිසුන්ට කිසිදා පාපයෙන් නිදහස් වීමට හැකි වෙන්නේ නැහැ. මොකද යේසුස්ටම මරණයෙන් නිදහස් වීමට නොහැකි වුණා නම් ඔහු අනික් අයව පාපයෙන් හා මරණයෙන් නිදහස් කරන්නේ කොහොමද? එසේනම් ‘ක්‍රිස්තුස් අපව පාපයෙන් නිදහස් කිරීමට මිය ගියා’ කියා පැවසිය නොහැකියි. (1 කොරින්ති 15:3) ඒ වගේම ඉන් අදහස් වෙන්නේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඇතුව මිය ගිය අය මිය ගිහින් තිබෙන්නේ නිෂ්ඵල බලාපොරොත්තුවක් ඇතුව බවයි.
ඉන්පසු පාවුල් මෙසේ පැවසුවා. “ඇත්තෙන්ම අප ක්‍රිස්තුස් ගැන බලාපොරොත්තු තබාගෙන සිටියත් අපට තිබෙන බලාපොරොත්තුව මේ ජීවිතය ගැන පමණක් නම් අන් සියලුදෙනාටම වඩා අනුකම්පාව ලැබිය යුත්තේ අපටය.” (1 කොරින්ති 15:19) සෙසු ක්‍රිස්තියානීන් මෙන් පාවුල්ද යේසුස්ගේ අනුගාමිකයෙක් වූ නිසා බොහෝ විරුද්ධවාදිකම්, දුෂ්කරතා හා පීඩා අද්දැක්කා. මරණයට පවා මුහුණ දුන්නා. ඒ හැම දේකටම මුහුණ දෙන්න පාවුල්ට හැකි වුණේ නැවත නැඟිටීම අනිවාර්යයෙන්ම සිදු වන බවට ස්ථිර විශ්වාසයක් තිබූ නිසයි. නැවත නැඟිටීමක් නැත්නම් එවැනි දේවලට මුහුණ දීම කොච්චර නිෂ්ඵල දෙයක්ද!
නැවත නැඟිටීම ගැන විශ්වාස කළ යුත්තේ ඇයි?
යේසුස්ගේ නැවත නැඟිටීම ගැන පාවුල්ට ස්ථිර විශ්වාසයක් තිබුණු නිසා කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ද එය විශ්වාස කරනවා දකින්න ඔහු කැමති වුණා. යේසුස්ගේ නැවත නැඟිටීම විශ්වාස කිරීමට තිබූ සාක්ෂි ඔහු ඔවුන්ට ඉදිරිපත් කළේ ඒ නිසයි. ‘ශුද්ධ ලියවිල්ලේ සඳහන් ආකාරයට ක්‍රිස්තුස් අපව පාපයෙන් නිදහස් කිරීමට මිය ගියේය. ඔහුව තැන්පත් කළ පසු ශුද්ධ ලියවිල්ලට අනුව ඔහුව තුන්වෙනිදා මරණයෙන් නැඟිටුවනු ලැබුවේය. පසුව ඔහු සීෆස් ඉදිරියේද ඉන්පසු දොළොස්දෙනාb ඉදිරියේද පෙනී සිටියේය. තවත් අවස්ථාවක ඔහු සහෝදරයන් පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ පෙනී සිටියේය. ඔවුන්ගෙන් කිහිපදෙනෙකු දැනටමත් මිය ගොස් ඇතත් වැඩිදෙනෙක් තවමත් ජීවතුන් අතර සිටිති. ඉන්පසු ඔහු යාකොබ් ඉදිරියේද පසුව ඔහුගේ සියලු නියෝජිතයන් ඉදිරියේද පෙනී සිටියේය. අවසන් වශයෙන් ඔහු පෙනී සිටියේ මා ඉදිරියෙහිය.’—1 කොරින්ති 15:3-8.
පාවුල්ට යේසුස්ගේ නැවත නැඟිටීම ගැන එතරම් විශ්වාසයක් තිබීමට හේතුවක් වුණේ නැවත නැඟිටෙවූ යේසුස්ව ඇසින් දුටු අය පැවසූ දේවලුයි. යේසුස් මරණයෙන් නැවත නැඟිටුණු පසු සමහර පුද්ගලයන් ඉදිරියේ, කුඩා පිරිස් ඉදිරියේ හා 500ක් වැනි විශාල පිරිසක් ඉදිරියේ පෙනී සිටියා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් යේසුස්ව දකින තුරු යේසුස් නැවත නැඟිටුණු බව විශ්වාස කළේ නැහැ. (ලූක් 24:1-11) නැවත නැඟිටුණු යේසුස්ව දුටු ඒ අයගෙන් වැඩිදෙනෙක් පාවුල්ගේ කාලය වන විටත් ජීවතුන් අතර සිටි නිසා ඔවුන්ගෙන් ඒ ගැන විස්තර අසා දැනගන්න පුළුවන්කම තිබුණා. (1 කොරින්ති 15:6) නැවත නැඟිටුණු යේසුස්ව දුටුවේ එක් කෙනෙක් හෝ දෙන්නෙක් නම් ඔවුන්ගේ සාක්ෂි පිළි නොගෙන සිටිය හැකියි. නමුත් 500කගේ හෝ ඊට වඩා වැඩි පිරිසකගේ සාක්ෂි නොසලකාහැරිය හැකිද?
යේසුස්ගේ මරණය හා නැවත නැඟිටීම ‘ශුද්ධ ලියවිල්ලේ සඳහන් ආකාරයට’ සිදු වූ බව පාවුල් දෙවරක්ම සඳහන් කළා. ඉන් පැහැදිලි වන්නේ ගැලවුම්කරු ගැන පැරණි ගිවිසුමේ සඳහන් වූ අනාවැකි යේසුස් මාර්ගයෙන් ඉටු වූ බවයි.
එතරම් සාක්ෂි තිබුණත් එදා සිටි සමහරු යේසුස් නැවත නැඟිටුණු බව විශ්වාස කළේ නැහැ. අදත් එවැනි අය ඉන්නවා. සමහරු කියන්නේ යේසුස්ගේ ගෝලයන් ඔහුගේ මළ සිරුර සොරකම් කර යේසුස් නැවත නැඟිටුණු බව බොරුවට ප්‍රචාරය කළා කියායි. නමුත් සොහොන් ගෙය මුර කිරීමට රෝම සොල්දාදුවන්ව යොදා තිබුණු නිසා ඔවුන්ට එවැනි දෙයක් කරන්න හැකිකමක් තිබුණේ නැහැ. තවත් සමහරු කියන්නේ නැවත නැඟිටුණු යේසුස්ව තමන් දුටු බවට ගෝලයන් පැවසූ දේවල් ඔවුන් දුටු දර්ශන කියායි. නමුත් ටිකක් හිතන්න. එය ඇත්තක් නම් විවිධ අවස්ථාවලදී බොහෝදෙනෙක් ඉදිරියේ යේසුස් පෙනී සිටියේ කොහොමද? නැවත නැඟිටුණු යේසුස් ගලීල මුහුද අසලදී ඔහුගේ ගෝලයන්ට කන්න මාළු පිළියෙල කර දුන්නා. (යොහන් 21:9-14) තවත් අවස්ථාවක යේසුස් ඔහුව අල්ලා බලන්න කියා ගෝලයන්ට කිව්වා. (ලූක් 24:36-39) ඔවුන් දුටුවේ දර්ශන නම් එවැනි දේ සිදු විය හැකිද?
යේසුස්ගේ නැවත නැඟිටීම මිනිසුන්ව මුලා කරන්න ඔහුගේ ගෝලයන් සෑදූ බොරු කතාවක් කියා සමහරු සිතනවා. නමුත් ඔවුන් එසේ කරන්නේ මොකටද? යේසුස්ගේ නැවත නැඟිටීම ගැන සාක්ෂි දැරූ නිසා නින්දා අපහාසවලට, පීඩාවලට හා මරණයට පවා මුහුණ දෙන්න ගෝලයන්ට සිදු වුණා. බොරුවක් වෙනුවෙන් එච්චර දුක් විඳින්නේ ඇයි? අනික් අතට යේසුස්ගේ නැවත නැඟිටීම ගැන ඔවුන් මුලින්ම පැවසුවේ යෙරුසලමේදියි. යේසුස්ටත් ඔහුගේ අනුගාමිකයන්ටත් සතුරුකම් කළ වැඩිදෙනෙක් සිටියෙත් යෙරුසලමෙයි. නැවත නැඟිටීම බොරුවක් නම් ඔවුන් එවැනි අවදානමක් ගනියිද?
එදා සිටි ක්‍රිස්තියානීන් තම ජීවිත පරදුවට තැබුවේ මරා දැමූ උතුම් ගුරුවරයෙක් ගැන සාක්ෂි දැරීමට නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් යේසුස්ගේ නැවත නැඟිටීම ගැන නොබියව සාක්ෂි දැරුවේ යේසුස් නැවත නැඟිටුණු නිසා ඔහු දෙවිගේ පුත්‍රයා බවත් පොරොන්දු වූ ගැලවුම්කරු බවත් බලවත් ජීවමාන කෙනෙක් බවත් ඔප්පු වූ නිසයි. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය උපකාර හා මඟ පෙන්වීම් ලැබෙන්නේ නැවත නැඟිටුණු යේසුස්ගෙන් කියාත් ඔවුන් විශ්වාස කළ නිසයි. යේසුස් නැවත නැඟිටුණු නිසා ඔවුන්ටත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් තිබෙන බව ඔවුන් දැන සිටියා. යේසුස්ගේ නැවත නැඟිටීම ඔහුගේ අනුගාමිකයන්ගේ විශ්වාසයට දායක වන ප්‍රධාන අංගයක් වුණා. යේසුස් නැවත නැඟිටුණේ නැත්නම් ඔහුගේ අනුගාමිකයන් වීමෙන් පලක් නැති අතර ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයන් කියා පිරිසක් මේ වන විට නැහැ.
යේසුස්ගේ නැවත නැඟිටීම අපිට වැදගත් වෙන්නේ කොහොමද?
a මිය ගිය කෙනෙක්ට නැවත ජීවිතය ලැබෙන්නේ කලින් තිබුණු පෞද්ගලිකත්වය, ගතිගුණ හා මතකය ඇතුව බව “නැවත නැඟිටීම” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයෙන් අදහස් වෙනවා.
b “දොළොස්දෙනා” කියා පවසා තිබෙන්නේ යේසුස්ගේ මුල් ගෝලයන්ටයි. යූදස් මිය ගොස් ටික දවසක් යන තුරු සිටියේ ගෝලයෝ 11දෙනෙක් පමණයි. යේසුස් පෙනී සිටි එක අවස්ථාවක තෝමස් එතැන නොසිටි නිසා බොහෝවිට සිටින්න ඇත්තේ 10දෙනායි. (යොහන් 20:24) නමුත් ඒ අයගෙන් 12දෙනාවම නියෝජනය වුණා.