“දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්” දෙමු
1. සභා බයිබල් පාඩම සඳහා ඊළඟට අපි සලකා බලන පොත මොකක්ද?
1 වර්ෂ 2012 මැයි 21න් පටන්ගන්නා සතියේ සිට සභා බයිබල් පාඩම සඳහා “දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්” දෙමු නමැති පොත සාකච්ඡා කිරීමට නියමිතයි. ක්‍රියා පොතේ සඳහන් සිදුවීම් සිතින් මවාගැනීමට හැකි වන ලෙස ඉතා රසවත්ව මෙම ප්රකාශනයේ ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම ක්‍රියා පොතේ තොරතුරු පදයෙන් පදය සාකච්ඡා කරනවා වෙනුවට එහි ඇති සිදුවීම් විස්තර කර ඒවායින් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් පැහැදිලි කර තිබෙනවා. ඒ නිසා ඒවා අපේ ජීවිතයට පෞද්ගලිකව අදාළ කරගන්න පුළුවන් විදිහ තේරුම්ගන්නත් අපිට පුළුවන් වෙනවා.—රෝම 15:4.
2. සාක්ෂියක් දෙමු නමැති පොතේ විශේෂ අංග සමහරක් පැහැදිලි කරන්න.
2 පොතේ විශේෂ අංග: මේ පොතේ දෙවෙනි පිටුවේ පාලක මණ්ඩලයෙන් ලිපියක් තිබෙනවා. මෙම පොතෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියා එහි සඳහන් වෙනවා. දෙවෙනි පරිච්ඡේදයේ සිට මාතෘකාව යටින් එම පරිච්ඡේදයේ අරමුණ හා ක්‍රියා පොතෙන් සාකච්ඡා කරන කොටස සඳහන් වෙනවා. පරිච්ඡේද බොහොමයකම අමතර තොරතුරු ඇතුළත් කොටු තිබෙනවා. ඒවාවල පුද්ගලයන්, ස්ථාන හෝ සිදුවීම් ගැන වැඩි විස්තර සඳහන් වෙනවා. කෙටි සටහන් ගැනීම සඳහා පිටුවල තීරු දකින්න තිබෙනවා. ක්‍රියා පොතේ සඳහන් රසවත් සිදුවීම් සිතින් මවාගන්න අලංකාර පින්තූර මෙම පොත පුරාම දැකගන්න පුළුවන්. ඒ වගේම පොතේ අවසාන පිටුවේ ඔබට ප්‍රයෝජනවත් වන පින්තූර සුචියක්ද ඒ සෑම පින්තූරයකටම කෙටි විස්තරයක්ද තිබෙනවා. මුල් සියවසේ ජීවත් වූ අපේ සහෝදර සහෝදරියන් “පොළොවේ දුර ඈත කෙළවර” දක්වා ශුභාරංචිය පැතිරවීම ආරම්භ කළා. ඒ සේවය ආරම්භ කළ මුල් කාලයේදී ඔවුන් ගිය ගමන් මඟ දැක්වෙන සිතියම් මෙම පොතේ කවරයේ ඇතුල් පැතිවල දකින්න පුළුවන්.—ක්‍රියා 1:8.
3. ක්‍රියා පොත අධ්‍යයනය කිරීමෙන් මොන වගේ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්න පුළුවන්ද?
3 වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු: යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනගන්න පුළුවන් වෙන්නේ ඔවුන් කරන කුමන කාර්යයෙන්ද හා ඔවුන් පවසන කුමන පණිවිඩයෙන්ද? ලෝක ව්‍යාප්තව සිදු වන දේශනා සේවයට මඟ පෙන්වන්නේ කවුද සහ කොහොමද? පීඩා හා විරුද්ධවාදිකම් නිසා අපිට මොන වගේ අවස්ථාවන් විවෘත වෙනවාද? දේශනා සේවය සඳහා දෙවිගේ බලය උදව් වෙන්නේ කොහොමද යන වැදගත් ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ක්‍රියා පොත අධ්‍යයනය කිරීමෙන් අපිට දැනගන්න පුළුවන්.
4. මෙම ප්රකාශනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?
4 මෙම ප්රකාශනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් හොඳින් අධ්‍යයනය කරන්න. ඒ වගේම රැස්වීමේදී පිළිතුරු දීම සඳහා හොඳින් සූදානම් වෙන්න. සෑම රැස්වීමකටම නොවරදවා සහභාගි වී ඉගෙනගන්නා තොරතුරු සේවයට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියා කල්පනා කරන්න. මෙම ප්රකාශනය “දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්” දීම සඳහා ඔබ තුළ පෙලඹීමක් ඇති කරයි යන්න අපේ විශ්වාසයයි!—ක්‍රියා 28:23.