අත්හදා බලන්න යෝජනා
‘මුරටැඹ’
ප්රශ්නය: දෙවියන් අපිව නිර්මාණය කළේ ටික දවසකින් මැරිලා යන්නද?
බයිබල් පදය: එළි 21:4
ඉදිරිපත් කිරීම: ජීවිතය ගැනත් මරණය ගැනත් බයිබලයේ කියන්නේ මොනවාද කියලා මේ සඟරාවේ පෙන්නනවා.
බයිබලයෙන් උගන්වන්න
ප්රශ්නය: ඇයි අපි මේ තරම් දුක් විඳින්නේ?
බයිබල් පදය: 1යොහ 5:19
බයිබලයේ කියන්නේ: මේ ලෝකයේ පාලකයා යක්ෂයා.
‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’
ඉදිරිපත් කිරීම: ඇයි අපි මේ තරම් දුක් විඳින්නේ, සතුට පිරුණු පවුල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද වගේ ප්රශ්නවලට බයිබලයේ දීලා තියෙන උත්තර ඔයා එක්ක සාකච්ඡා කරන්න අපි කැමතියි. ඒක කරන විදිහ මේ වීඩියෝ එකේ පෙන්නනවා. [‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක පෙන්වන්න.] අපිට පුළුවන් මේ ප්රකාශනයෙන් ඒ සාකච්ඡාව කරගෙන යන්න. [බයිබල් පාඩමක් කරන්න පාවිච්චි කරන ප්රකාශනයක් පෙන්වන්න. පුළුවන් නම් බයිබල් පාඩමක් කරන විදිහත් පෙන්වන්න.]
ඔයාගේ යෝජනාව ලියන්න
ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.