යෙහෝවඃ වහන්සේ අසනීපවූවන් හා වයසක අය ව සිහිකරන සේක
“විපත්ති” කාලයකට මුහුණ දීමට සිදු වීම ඉතා දුෂ්කර එකක් වන්නට පුළුවන. (ගීතාවලිය 37:18, 19) වයසට යාමත් සමඟ ම ඇති වන දුර්වලතාවලින් මෙවන් කාලයක් උදාවන්නට පුළුවන. ඇතැමෙක් බරපතළ, දීර්ඝ කාලීන අසනීපවලට ගොදුරු වන විට විපත්ති කාලයකට ඇතුල් වේ. තමන්ගේ රෝගයෙන් තම ජීවිතය හසුරුවනු ලබන බවත්, තමන්ගේ සිතුවිලි හා ක්‍රියාවන් කෙරෙහි බලපානු ලබන බවත් ඔවුන්ට හැඟෙන්නට පුළුවන.
කෙසේ නමුත්, යෙහෝවඃ වහන්සේ ස්වකීය සියලු සේවකයන් කෙරෙහි තමන් වහන්සේගේ නෙත් තබා ගෙන සිටින බව සිහි ඇති ව සිටීම සැනසීමකි. ස්වකීය කැප වූ සේවකයන් මහලු විය, අසනීප, නැතහොත් වෙනත් පීඩා සහිත තත්ත්වයන් නොතකා දිගට ම පක්ෂපාතිත්වය හා ප්‍රඥාව පෙන්නුම් කරන විට එය උන් වහන්සේගේ හෘදය සතුටු කරයි. (2 ලේකම් 16:9අ; හිතෝපදේශ 27:11) දාවිත් රජ අපට මෙසේ සහතික වෙයි: “යෙහෝවඃ වහන්සේ තමන්ට අමතන සියල්ලන්ට . . . ළංව සිටින සේක. . . . උපකාරය අයදින ඔවුන්ගේ මොරගැසීම උන් වහන්සේ අසනු ඇත.” එසේ ය, උන් වහන්සේ ඔවුන්ගේ පොරබැදීම දන්නා සේක; උන් වහන්සේ ස්වකීය ආත්මයෙන් ඔවුන් ව ශක්තිමත් කරන සේක. “තව ද උන් වහන්සේ ඔවුන් ගළවනු ඇත.” උන් වහන්සේ ඔවුන් සිහිපත් කර විඳදරා සිටින්නට ඔවුන්ට උපකාර කරන සේක. (ගීතාවලිය 145:18, 19, NW) එහෙත් අප ගැන කුමක් කිව හැකි ද? අපිත් යෙහෝවඃ වහන්සේ මෙන් අසනීපවූවන් හා වයසක අය ව සිහිපත් කරන්නෙමු ද?
අසනීප හෝ මහලු විය හේතුවෙන් ඇති වන දුර්වලතා මෙම වත්මන් පිළිවෙළ තුළ ජීවිතයේ යථාර්ථයන් වේ. යෙහෝවඃ වහන්සේ මෙම පොළොව හා මනුෂ්‍ය වර්ගයා සඳහා වූ ස්වකීය අරමුණ ඉෂ්ට කරන තෙක් ඒවා අප විසින් පොර බැදිය යුතු සැබෑ සාධක වන්නේ ය. අද දින, වැඩි ජන පිරිසක් ඉතා මහලු වන තෙක් ජීවත් වන බැවින්, බොහෝ දෙනෙක් එවන් අයගේ දුර්වලත්වයන් හොඳින් දැන හැඳින සිටින්නාහ. මීට අමතර ව, තවමත් යෞවන ව සිටිය දී, බොහෝ දෙනෙක් ජීවිතයට තර්ජනය කරන්නා වූ හෝ ආබාධිත කරවන්නා වූ අනතුරු හෝ රෝගවලින් පහර ලබති. මෙම පැරණි ලෝකය පහව යනතුරු, අසනීප හා මහලු විය දිගට ම ප්‍රබල අභියෝගයන් වනු ඇත.
නොකඩවා “පීඩාවිඳීමෙත් ඉවසීමෙත් ආදෘශයක්” ව සිටින්නා වූ අපගේ අසනීපවූවන් හා වයසක අය ව අප කොතරම් අගය කරනවා ද! එසේ ය, “ඉවසූ [විඳදරාගත් NW] අය ආශීර්වාද [සන්තෝෂ NW] ලද්දෝයයි අපි කියමුව.” (යාකොබ් 5:10, 11) දැන් බෙලහීන ව සිටින්නා වූ මහලු අය බොහෝ දෙනෙක් දැනට සභාවේ පෙරමුණ ගන්නා අය ව ඉගැන්වීමේ, පුහුණු කිරීමේ හා හැඩ ගැස්වීමෙහිලා දශක ගණනාවක් පුරා හවුල් වී ඇත. සිය දරුවන් පූර්ණ-කාලීන දේව සේවයේ හවුල් වී තිබීම දැකීමටත් මහලු අය සෑහෙන සංඛ්‍යාවක් සතුටු වෙති.—ගීතාවලිය 71:17, 18; 3 යොහන් 4.
අප අතර සිටින බරපතළ රෝගී තත්ත්වයක පසුවන්නා වූ ද, එහෙත් සිය පීඩාවන් නොසලකා, සිය ඇදහිලිවන්ත භාවය තුළින් අප ව දිරිගැන්වීමට වෑයම් කරන්නා වූ ද අය ව, ඒ හා සමාන ව අපි අගය කරන්නෙමු. මොවුහු නොසැලී සිය බලාපොරොත්තුව පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන විට, ප්‍රතිඵලය ඉතා ප්‍රබෝධවත් කරවන සුලු හා ඇදහිල්ල ශක්තිමත් කරවන සුලු ය. ඔවුන්ගේ මනසේ පවතින සමාදානය හා සෑහීම සැබවින් ම අනුකරණය කරන්නට වටිනා විශ්වාසයක් එළිදරව් කරයි.
තමාගේ ජීවිතය සහමුලින් ම වෙනස් කරවන්නා වූ පිළිකාවක්, ආබාධයක් හෝ වෙනත් යම් තත්ත්වයක් හදිසියේ ම ඇති වීම කෙනෙකුට බලවත් කම්පනයකි. තමන්ගේ දරුවන් බලවත් ලෙස රෝගී වීම නැතහොත් හදිසි අනතුරක විපාකයක් වශයෙන් වේදනා විඳිනු දකින්නට සිදු වීම මව්පියන්ට දුෂ්කර පරීක්ෂාවක් වන්නට පුළුවන. උපකාරයක් වශයෙන් අන්‍යයන්ට කළ හැක්කේ කුමක් ද? එවන් ඕනෑ ම විපත්ති දායක අවස්ථාවක් මුළු ක්‍රිස්තියානි සහෝදර සමාගමට ම පරීක්ෂාවක් වේ. එය ‘සැබෑ මිත්‍රයෙක් වනාහි විපත්තියේ දී පිහිට වීමට ඉපද සිටින සහෝදරයෙක්’ බව පෙන්වීමට ප්‍රස්තාවක් වේ. (හිතෝපදේශ 17:17) ස්වභාවයෙන් ම, අසනීපවූවන් හා වයසක අය සියල්ලන්ට ම සභාවේ සෑම සාමාජිකයෙකුගෙන් ම පුද්ගලික උපකාරය අපේක්ෂා කළ නොහැකි ය. එහෙත් විවිධාකාරයෙන් උපකාර කිරීමට බොහෝ දෙනෙකුට පෙලඹීම් ලැබේවි කියා යෙහෝවඃ වහන්සේ ස්වකීය ආත්මය තුළින් වගබලා ගනු ඇත. මෙහිදී කිසිවෙක් අත්නෑරෙන බව නිසැක වීමට වැඩිමහල්ලන් හට අවදියෙන් සිටිය හැකි ය.—නික්මයාම 18:17, 18 බලන්න.
තේරුම් ගැනීමට වෑයම් කරන්න
යම් කෙනෙකුට උපකාර කිරීමට වෑයම් කිරීමේ දී, හොඳ අදහස් හුවමාරුවක් තබා ගැනීම වැදගත් වේ, තව ද මේ සඳහා කාලය, ඉවසීම හා සංවේදනය අවශ්‍ය වේ. උපකාරකයෙක් හැටියට, ඔබට ස්වභාවයෙන් ම ‘මුඛයෙන් ශක්තිමත්’ කිරීමට ආශාවක් තිබිය හැකිමුත්, මෙහිදී ඔබ කථා කරන්නට හෝ ක්‍රියා කරන්නට පෙර සැලකිල්ලෙන් සවන් නොදුන්නොත්, ඔබ අවසානයේ ‘දුක් දෙන සැනසිලිකාරයෙක්’ බවට පත් වන්නට පුළුවන.—යෝබ් 16:2, 5.
රෝගී හා මහලු අයට ඇතැම් අවස්ථාවන්හි තමන්ගේ කලකිරීම සඟවා ගෙන සිටීම අපහසු බව දැනෙන්නට පුළුවන. බොහෝ දෙනෙක් මහත් පීඩාවෙන් බේරීම දක්වා ජීවත්වීමේ බලාපොරොත්තුව ආදරයෙන් රැකබලා ගෙන ඇති අතර දැන් තමන් කාලයත් සමඟ තරඟයක නියැලී සිටින බවක් ඔවුන්ට දැනී ඇත. තව ද මෙම තරඟයෙන් ඔවුන් හට ජය ලැබෙවි කියා එතරම් නිසැකකමක් ද නැත. එමෙන් ම, ඔවුන්ගේ තත්ත්වය බොහෝ විට ඔවුන් ව වෙහෙසකර හා කනස්සලු ගතියකට පත් කරයි. විශේෂාකාරයෙන් ම කෙනෙකුට ක්‍රිස්තියානි දේව සේවයේ පූර්ණ සහභාගිත්වයක් ඇති ව සිටීමට ඇති හෘදයේ ආශාව තෘප්තිමත් කරලීමට නොහැකි වන විට, ඇදහිල්ල ප්‍රාණවත් ව හා ශක්තිමත් ව තබා ගැනීම සටනක් වේ. එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් මහලු සහෝදරියක් බලන්නට ගිය අතර ඇය සමඟ යාච්ඤා කරන විට, අපගේ පව් කමා කළ මැනව කියා ඔහු යෙහෝවඃ වහන්සේගෙන් ඉල්ලා සිටියේ ය. යාච්ඤාවෙන් පසු එම සහෝදරිය හඬමින් සිටි බව ඔහු දුටුවේ ය. තමාට තවදුරටත් ගෙයින් ගෙට දේශනා කිරීමේ හවුල්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමාට යෙහෝවඃ වහන්සේගේ විශේෂ සමාව අවශ්‍ය බව ඇයට හැඟුණේ යයි ඇය පැහැදිලි කළා ය. එසේ ය, දේවල් කිරීමට අපොහොසත් වීමේ හෝ නොසෑහීමේ හැඟීම් බොහෝ විට අයුක්ති සහගත ඒවා වුවද, පුද්ගලයෙකු ව හෘදයෙන් ඉතා ශෝක කරවිය හැක.
කනස්සල්ල හා තෙහෙට්ටුව මානසික සමතුලිත භාවයට බලපෑ හැකි බව දැනගන්න. මහලු වයසේ දුර්වලත්වයන් හෝ බෙලහීන කරවන අසනීපවලින් ඇතිවන අධික වෙහෙස නිසා, යෙහෝවඃ වහන්සේ විසින් අත්හරිනු ලැබූ බවට හැඟීමක් පුද්ගලයෙකුට දැනෙන්නට පුළුවන. ඔවුන් ඇතැම් විට “මා කළේ මොන වැරැද්ද ද? ඇයි මට මෙය සිදු වුණේ?” යයි කියන්නට පුළුවන. “මනුෂ්‍යයෙකුගේ සිතේ [හෘදයේ NW] නලංගුව [කාන්සාවෙන් යුත් සැලකිල්ල NW] නිසා එය නැමීයයි; එහෙත් කරුණ සහිත වචනයක් එය සන්තෝෂකරයි” යනුවෙන් හිතෝපදේශ 12:25 ඇති වදන් සිතට ගන්න. සහනය දනවන්නා වූ කරුණාබරිත වචන සොයා ගැනීමට වෑයම් කරන්න. වේදනාවෙන් පසු වන මහලු අය, යෝබ් මෙන්, මැරෙන්නට පවා ආශාවක් පළ කරන්නට පුළුවන. මෙය විස්මපත් වීමට හේතුවක් විය යුතු නැත; තේරුම් ගැනීමට වෑයම් කරන්න. මෙවන් චෝදනා ඇදහිල්ලේ හෝ විශ්වාසයේ හීන භාවයක් සඳහා ඇත්තෙන් ම සාක්ෂි නොවන්නේ ය. ‘ෂෙයෝලෙහි වසා තබන’ ලෙස ඉල්ලා යෝබ් යාච්ඤා කළ ද, එම ප්‍රකාශයෙන් පසු සඳහන් ඔහුගේ වදන් තමා ව යථා කාලයේ දී යෙහෝවඃ වහන්සේ නැගිටුවනු ඇති බවට ස්ථිර ඇදහිල්ල අනාවරණය කළේ ය. දැඩි ඇදහිල්ල, දුක් සහිත හා කලකිරුණු අවස්ථාවන් පසු කර, තවදුරටත් යෙහෝවඃ වහන්සේට සමීප ව සිටීමට හැකියාව ලබා දෙයි.—යෝබ් 14:13-15.
අසනීපවූවන්ට හා වයසක අයට ගෞරවය පෙන්වීම
අසනීපවූවන් හා වයසක අය ගෞරවාන්විත ව හා උදාර ලීලාවෙන් සැලකීම ඉතා වැදගත් වේ. (රෝම 12:10) ඔවුන් පෙර මෙන් ඉක්මනින් ප්‍රතික්‍රියා නොකරන්නේ නම්, නැතහොත් එතරම් වැඩ කොටසක් කළ නොහැකි නම්, ඔබගේ ඉවසීම නැති කර නොගන්න. මැදිහත් වී ඔවුන් සඳහා තීරණය ගැනීමට ඉක්මන් නොවන්න. අප කොතරම් දුරට යහපත අදහස් කළ ද, අප උද්ධච්ච හෝ පුද්ගලික නිදහස නැති කරන ආකාරයකට හැසිරෙන්නේ නම්, එය විවිධාකාරයෙන් අනෙක් තැනැත්තාගේ ආත්ම-අභිමානය අහිමි කරයි. වර්ෂ 1988 ප්‍රකාශයට පත් කරන ලද උසස් උපාධි රචනාවක, තම ජීවිතයේ ගුණාත්මක භාවය සඳහා තමන් වඩාත් වැදගත් යයි සලකන දෙය 85 හැවිරිදි කණ්ඩායමක් පැහැදිලි කළ ආකාරය පර්යේෂක ජෙට් ඉන්ගර්ස්ලෙව් පැහැදිලි කළේ මෙසේ ය: “ඔවුහු ක්ෂේත්‍ර තුනකට ප්රමුඛත්වයක් දුන්හ. ඒවා නම් ඥාතීන් සමඟ සිටීම, හොඳ සෞඛ්‍ය, අන්තිම වුවද වැදගත් වන්නා වූ තමන්ගේ තීරණ ගැනීම.” කුල දෙටු යාකොබ් මහලු වූ කල තමාගේ පුත්‍රයන් විසින් නුවුවමනා ලෙස අනුග්‍රහයෙන් යුක්ත ව නොසලකන ලද බව සැලකිල්ලට ගන්න. ඔහුගේ කැමැත්තට ගරු කරනු ලැබී ය.—උත්පත්ති 47:29, 30; 48:17-20.
රෝගී ව සිටින්නන් ගරුත්වයෙන් ද සැලකිය යුතු ය. ශල්‍යකර්මයක දී කරන ලද වැරැද්දක් නිසා වැඩිමහල්ලෙක් කථා කිරීමට, කියවීමට හා ලිවීමට ඇති සිය හැකියාව අහිමි කර ගත්තේ ය. මෙය ප්‍රබල පහරක් වුව ද, ඔහුගේ නිෂ්ඵල භාවයේ හැඟීම වැළැක්වීමට ඔහුගේ සෙසු වැඩිමහල්ලෝ තමන්ට හැකි ඕනෑ ම දෙයක් කිරීමට තීරණය කළහ. ඔවුහු දැන් සභාවේ සියලු ම ලිපි ඔහුට කියවන අතර සභාවේ වෙනත් කාරණා සැලසුම් කරන විට ඔහු ව ද ඇතුළත් කර ගනිති. වැඩිමහල්ලන්ගේ රැස්වීම්වල දී ඔහුගේ අදහස විමසා බැලීමට ඔවුහු වෑයම් කරති. තමා වැඩිමහල්ලෙක් හැටියට ඔවුන් තවදුරටත් ඔහු ව සලකන බවත්, ඔහුගේ පැමිණ සිටීම ඔවුන් අගය කරන බවත් ඔවුහු ඔහුට දැනගැනීමට සලස්වති. ක්‍රිස්තියානි සභාව තුළ, අසනීපවූවන් හෝ වයසක අය ව, ‘ඉවත නොහළ’ බවක් හෝ නොසලකා නොහරින ලද බවක් හැඟෙන්නට අප සියල්ලන්ට ම වෑයමක් දැරිය හැකි ය.—ගීතාවලිය 71:9.
ආත්මික ශක්තිය ලබා ගැනීමට උපකාරය
අපගේ ඇදහිල්ල ප්‍රාණවත් ව හා ශක්තිමත් ව තබා ගැනීමට අප සියල්ලන්ට ම ආත්මික ආහාර අවශ්‍ය වේ. බයිබලය හා බයිබලය මත පදනම් ප්‍රකාශන දින පතා කියවීමටත් ක්‍රිස්තියානි රැස්වීම්වල හා දේශනා ක්‍රියාවලියේ ජ්වලිතයෙන් සහභාගි වීමටත් අප ව දිරිමත් කර ඇත්තේ එබැවිනි. බොහෝ විට, මෙය ඉෂ්ට කර ගැනීමට අසනීප වූවන්ට හා වයසක අයට උපකාරය අවශ්‍ය වන අතර, ඒ ඒ තැනැත්තාගේ ස්වභාවය අනුව තත්ත්වයට උචිත දෙය කිරීමෙහිලා වැදගත් වනු ඇත. සතුටු විය හැකි ලෙසින්, ප්‍රවාහන පහසුකම් මෙන් ම රාජ්‍යය ශාලාවේ දී සුළු සහයෝගයක් දෙනු ලබන්නේ නම්, බොහෝ දෙනෙකුට තවදුරටත් රැස්වීම්වලට සහභාගි වීමට හැකියාවක් ඇත. එවන් රැස්වීම්වලට ඔවුන්ගේ පැමිණීම සභාවට මහත් අනුබල දීමක් වන්නේ ය. ඔවුන්ගේ විඳදරාගැනීම ප්‍රබෝධවත් කරවන්නක් හා ඇදහිල්ල ශක්තිමත් කරවන්නක් වන්නේ ය.
බොහෝ අවස්ථාවන්හි අසනීපවූවන් හා වයසක අයටත් ක්‍රිස්තියානි දේව සේවයේ අර්ථවත් සහභාගිත්වයක් ඇති ව සිටින්නට පුළුවන. සමහරෙක් ව මෝටර් රථවලින් යන සාක්ෂි දැරීමේ කණ්ඩායමකට ඇතුළත් කර ගත හැකි අතර මෙහිදී ස්වල්ප දෙනෙකුට පමණක් කථා කිරීමට ලැබුණ ද, එමගින් ඔවුහු නිසැක ව ම ප්‍රබෝධවත් වනු ඇත්තාහ. මෙය තවදුරටත් කළ නොහැකි තත්ත්වයක් උදා වූ විට, ඔවුන්ට හමුවන අයට අනියම් ආකාරයෙන් සාක්ෂි දැරීමෙන් ඔවුන්ට ප්‍රීතියක් ලැබිය හැකි ය. පිළිකාව වැළඳුන සහෝදරියක් ඇයගේ ජීවිතයේ ඉතිරි කාලය ශුභාරංචිය ප්‍රබල කිරීමට සුවිශේෂී වෑයමක් දැරීමෙහි ගත කරන්නට තීරණය කළා ය. ඇයගේ නිර්භීත දේශනා සේවය සියල්ලන්ට දිරිගැන්වීමක් විය. ඇදහිල්ලේ නොසිටින ඥාතීන්ට, වැඩ කරන ස්ථානයේ අයට හා අසල් වැසියන්ට හොඳ සාක්ෂියක් ඉදිරිපත් කළ හැකි ලෙසින් ඇය තමාගේ අවමංගල්‍යය පවා සැලසුම් කළා ය. ඇයගේ ඛේද ජනක තත්ත්වයන් මෙයාකාරයෙන් “ශුභාරංචියේ දියුණුවීම” සඳහා දායක වූ අතර ඇදහිල්ල හා නිසැක භාවය ප්‍රකාශ කිරීමට වූ ඇයගේ අධිෂ්ඨානය ඇයගේ අවසාන දවස්වලට සුවිශේෂී අර්ථයක් ලබා දුන්නේ ය.—පිලිප්පි 1:12-14.
අසනීපවූවන්ට හා වයසක අයට ආත්මික ව ශක්තිමත් වීමට උපකාර කිරීම යහපත් දෙයකි. සිය පවුල සමඟ ප්රීතිජනක සැඳෑ පිළිසඳරක යෙදෙන්නට පවුල්වලට ඔවුන් ව ආරාධනා කරන්නට පුළුවන, නැතහොත් පවුල් පාඩමෙන් කොටසක් එහා මෙහා යා නොහැකි තැනැත්තාගේ නිවසේ විටින් විට පවත්වන්නට පුළුවන. එක් ව මගේ බයිබල් කතන්දර පොත කියවිය හැකි ලෙසින්, එක්තරා මවක්, සිය බාල ම දරුවන් දෙදෙනා ව වයස්ගත සහෝදරියකගේ නිවසට රැගෙන ආවා ය. මෙය වයස් ගත සහෝදරිය ව ප්‍රීතියකට පත් කළ අතර ඇය ඔවුන් කෙරෙහි දැක් වූ අවධානය දරුවෝ ප්‍රීතියෙන් භුක්ති වින්ඳාහ.
කෙසේ වෙතත්, බෙලහීන කෙනෙකුට පමණට වඩා කරදර නොකළ යුතු අවස්ථාවන් ඇති අතර මෙහිදී කලින් කලට යම් පොත පතක් හඬ නගා කියවීම වඩාත් හොඳ වනු ඇත. එසේ නමුත්, යමෙක් අදහස් හුවමාරුවේ හවුල්වීමට කායික වශයෙන් දුර්වල ව සිටියත්, මොහු තවදුරටත් යම් ආත්මික ආශ්‍රයක් අවශ්‍ය ව හා ආශාවෙන් සිටින්නට පුළුවන් බව මතක තබා ගන්න. අපට මොවුන් සමඟ යාච්ඤා කරන්නට, ඔවුන්ට කියවන්නට, නැතහොත් අත්දැකීම් ප්‍රකාශ කරන්නට පුළුවන, එහෙත් ඔවුන්ට දැරිය හැකි පමණට වඩා වැඩි කාලයක් ඔවුන් සමඟ ගත නොකරන්නට අප ප්‍රවේශම් විය යුතු ය.
අසනීපවූවන්ට හා වයසක අයට තවදුරටත් ඉටු කළ හැකි පරිශුද්ධ සේවයක් ඇත. එනම්: අන්‍යයන් වෙනුවෙන් යාච්ඤා කිරීම. මුල් ගෝලයෝ මෙම සේවය අතිශයින් වැදගත් කොට සැලකූහ. එක් අවස්ථාවක ඔවුහු, ප්‍රේරිතයන්ට යාච්ඤාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ හැකි ලෙසින් එම කාර්ය භාරය සභාව තුළ බෙදා දුන්හ. ඇදහිලිවන්ත එපප්‍රස් ‘යාච්ඤාවලින් අන්‍යයන් ගැන නිතර ම වීර්යය කළේ’ යයි සඳහන් වේ. (කොලොස්සි 4:12; ක්‍රියා 6:4) මෙවන් යාච්ඤා ඉතා වැදගත් වන අතර ප්‍රයෝජන සහිත ය.—ලූක් 2:36-38; යාකොබ් 5:16.
යෙහෝවඃ වහන්සේ අසනීපවූවන් හා වයසක අය ව සිහි කරන අතර ඔවුන්ගේ විපත්ති කාලයේ දී ඔවුන් ව රැකබලා ගන්නා සේක. අපත් ඔවුන්ට උපකාර කිරීමට හා අනුබල දීමට ඔවුන් වෙනුවෙන් කළ හැකි දෙය කිරීම, උන් වහන්සේ යුතු ලෙස බලාපොරොත්තු වන සේක. අපගේ ම අඛණ්ඩතාව පවත්වා ගැනීමට ඇති අපගේ අධිෂ්ඨානය අප පෙන්වන සැලකිල්ලෙන් පිළිබිඹු වේ. තව ද දාවිත් රජගේ වදන් ගැන කල්පනා කිරීමට අපි සතුටු වන්නෙමු: “භක්තිවන්තයන්ගේ [නිර්දෝෂ අයගේ NW] දවස් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] දන්නාසේක. ඔවුන්ගේ උරුමයද සදාකල් පවතින්නේය.”—ගීතාවලිය 37:18.
[28වන පිටුවේ කොටුව]
අවබෝධයෙන් යුක්ත ව ප්‍රායෝගික උපකාරය පිරිනැමීම
අසනීපවූවන් හා වයසක අයට සැලකිල්ල දැක්විය යුතු ආකාරය පිළිබඳ ව මූලික එහෙත් නිවැරදි දැනගැන්මක් මිත්‍රයන් හා ඥාතීන් ලබා ගත යුතු ය. අන් සියල්ලට වඩා, ජීවිතය පිළිබඳ ව ඒකාන්ත ආකල්පයක් තබා ගැනීමට, අවශ්‍ය කරන ලද බවට හා අගය කරනු ලැබීමේ හැඟීමක් දැනෙන්නට හා තමන් වටිනාකමකින් යුක්ත යයි හැඟෙන්නට ඔවුන් ව දිරිගැන්විය හැක. මෙසේ ඔවුන්ගේ ජීවිත තත්ත්වය, ඔවුන්ගේ වේදනාවන් හා කැක්කුම් තිබියදීත්, යෙහෝවඃ වහන්සේ කෙරෙහි සිය ප්‍රීතිය පවත්වා ගන්නා වූ සමතලයක් මත පවතිනු ඇත. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් ඉතා මහලු වනතෙක් ජීවත් වන බව සටහන් වී ඇත. අනාගත බලාපොරොත්තුව පිළිබඳ ව ඔවුන්ගේ ප්‍රාණවත් සැලකිල්ල, ඔවුන්ගේ දීප්තිමත් මානසික ස්වභාවය හා හැකිතාක් දුරට රාජ්‍යයේ ක්‍රියාකාරකම්වල ඔවුන්ගේ සහභාගිත්වය යනාදිය මෙයට දායක වන බලගතු සාධකයක් වන්නේ ය. ප්‍රීතිමත් වර්ධනාත්මක ජීවිතයක් ගත කිරීමෙන් පසු සියවන වසරේ දී සාමකාමී ව මිය ගිය, වොච් ටවර් සමිතියේ කලින් සිටි සභාපති ෆෙඩ්රික් ඩබ්. ෆ්රාන්ස් මේ සම්බන්ධයෙන් මාහැඟි ආදර්ශයක් විය.—1 ලේකම් 29:28 සසඳන්න.
සාමාන්‍යයෙන්, දෛනික සාත්තු කිරීමට සම්බන්ධ දේවල් කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් ම අර්ථවත් විය හැකි ය: හොඳ ශරීර සෞඛ්‍ය, සුදුසු පෝෂණය, ප්‍රමාණවත් දියර හා ලුණු වර්ග, සාධාරණ ප්‍රමාණයක ව්‍යායාමය, නැවුම් වාතය, මෘදු ව සිරුර සම්භාහනය සහ ප්‍රබෝධවත් අදහස් හුවමාරුව යනාදිය මීට ඇතුළත් ය. ඔබිනා පෝෂණය වඩාත් හොඳ ශ්‍රවණයට, දෘෂ්ටියට, මානසික ක්‍රියාකාරකම්වලට හා කායික වඩාත් හොඳ සුවයට මෙන් ම රෝගවලට පහසුවෙන් ගොදුරු නොවීමට දායක විය හැකි ය. මහලු අයට ඔබිනා පෝෂණය හා දියර වර්ග බොහෝ සේ ලබා දීම හොඳ තත්ත්වයක් හා වයෝ වෘද්ධ භාවය අතර වෙනස අදහස් කළ හැකි ය. පුද්ගලයාට ඔබින කායික ව්‍යායාමයේ ආකාරය සොයා ගැනීමට යම් ප්‍රමාණයකින් කල්පනා කිරීම සිදු වන්නට පුළුවන. මහලු මෙන් ම බොහෝ දුරට අන්ධ ව සිටි සහෝදරියකට කියවන්නට පැමිණෙන සහෝදරියක් සෑම සතියක ම බැහැදැකීම පටන් ගන්නේ හා අවසන් කරන්නේ එම සහෝදරිය සමඟ කාමරයේ මෘදු ආකාරයකට නැටීමෙනි. ටේප් රෙකෝඩරය නිතර ම තෝරා ගන්නා ලද සංගීතයෙන් සැරසී සිටින අතර දෙදෙනා ම මෙම “ව්‍යායාමේ අවස්ථාව” ප්‍රීතියෙන් භුක්ති විඳින්නාහ.
බොහෝ රටවල, උපකාරය පිරිනමන සංවිධානවලට වටිනා ප්‍රායෝගික උපකාරය ලබා දිය හැකි අතර, නිශ්චිත තත්ත්වයන් හා ඒ සමඟ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ තොරතුරු හා උපදෙස් ලබා දෙන්නට ද පුළුවන. (ඇත්ත වශයෙන් ම, අපගේ සැබෑ ක්‍රිස්තියානි සේවයෙන් අප ව ඉවතට හරවන ක්‍රියාකාරකම්වලින් පසෙකට තල්ලු නොවීමට ක්‍රිස්තියානියෙක් නිතර ම ප්‍රවේසම් විය යුතු ය.) ඇතැම් විට උස් පහත් කළ හැකි උපාංග සහිත ඇඳක්, ආධාරක, ශරීරයේ අවයවයන්ට රුකුල් දීමට භාවිතා කරන උපාංග, රෝද පුටු, ශ්‍රවණාධාර යනාදී ආකාරයන්ගෙන් උපකාරය ලබා දෙන්නට පුළුවන. තමන්ට කිසිවක් අවශ්‍ය නොවන බව හෝ එවන් අලුත් දේවල් ලබා ගැනීම නිෂ්ප්රයෝජන බව මහලු අය බොහෝ දෙනෙකුට හැඟෙන බැවින්, ඥාතීන් නිතර ම බලපෑමෙන් යුත් අවවාද ලබා දිය යුතු ය, නැතහොත් කැමති කරවා ගැනීමට ඒත්තුගැන්වීම පවා පාවිච්චි කළ යුතු ය. නාන කාමරයේ දොර සඳහා ප්‍රායෝගික මිටක් සවි කිරීම මල් පොකුරකට වඩා වැඩි ප්‍රීතියක් ලබා දෙන්නට පුළුවන.
විශේෂාකාරයෙන් එම තැනැත්තා වයෝ වෘද්ධ ව සිටින්නේ නම්, වැඩිහිටි අයට සැලකිල්ල දැක්වීම මානසික වෙහෙසක් ඇති කරන්නට පුළුවන. වයෝ වෘද්ධ භාවය බොහෝ විට හොර රහසේ ළඟා වේ. රෝගියා ව නුවුවමනා ලෙස අක්‍රියාශීලී වීම වැළැක්වීමෙන් කෙනෙකුට ඊට විරුද්ධ ව ක්‍රියා කරන්නට වෑයම් කරන්නට පුළුවන. වයෝ වෘද්ධ කෙනෙක් තමන් මීට පෙර මහත් සේ ප්‍රේම කළ කෙනෙක් සමඟ හදිසියේ ම අමනාප වන්නට පුළුවන. මහලු වන කෙනෙක් සත්‍යය හා සම්බන්ධ දේවල් පවා අමතක කළ හැකි බව ඥාතීන් තේරුම් ගත යුතු ය—මෙය කායික වශයෙන් බෙලහීන වීමේ ප්‍රතිඵලයක් විනා ඇදහිල්ලේ හීනත්වයක් නිසා ඇති වන්නක් නොවේ.
රෝගියා රෝහලක හෝ සාත්තු නිවාසයක සිටින්නේ නම්, උපන් දින, නත්තල් හෝ වෙනත් ලෞකික නිවාඩු දිනයන් සම්බන්ධයෙන් කළ යුතු දෙය දැන සිටින පිණිස එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම වැදගත් වේ. ශල්‍යකර්මයක් කිරීමේ අවශ්‍යතාවයක් ඇත්නම්, රුධිර ප්‍රවේශනය සම්බන්ධයෙන් ද රෝගියා සතු ව තිබූ දෘෂ්ටිය ඥාතීන්ට පැහැදිලි කරන්නට හෝ ලියා දක්වන්නට පුළුවන.