ඊර්ෂ්‍යාව මගේ ජීවිතය විනාශ කරන තරමට ආසන්න වුණා
ඊර්ෂ්‍යාව සැබවින්ම මට නරක ලෙස බලපාන්ට පටන්ගත්තේ මා මගේ දෙවන සැමියා වන මාර්ක් හා විවාහ වූ විටයි.a අප දෙදෙනාට, සුළු දරුවන් කිහිපදෙනෙකු ගැන බැලීමට හා අපේ පෙර කලත්‍රයන් සමඟ කටයුතු කිරීමට තිබුණා. සමහරවිට තත්වය දරන්ට නොහැකි තරම් වුණා. පවුල් ඝට්ටන ඇතිවූ ඕනෑම අවස්ථාවක, මාර්ක් මගේ පැත්ත නොගන්න බවක් පෙනෙන්ට තිබුණා. ඔහු තවමත් ඔහුගේ පෙර බිරිඳට ආදරය දක්වන බව මට හැඟෙන්ට පටන්ගත්තා. මගේ ඊර්ෂ්‍යාව පාලනය කරනවා වෙනුවට, මගේ ජීවිතය පාලනය කිරීමට මා එයට ඉඩහැරියා. මාර්ක්ගේ පෙර බිරිඳ ළඟපාතක සිටින ඕනෑම අවස්ථාවක මා තර්ජනයට ලක්ව සිටි බව මට හැඟුණා.
මාර්ක් බලන්නේ කොයි පැත්තද කියා බැලීමට ඔහුගේ ඇස් දෙස පවා බලමින්, මා නිරතුරුවම මාර්ක් ගැන සෝදිසියෙන් සිටින්ට වුණා. නොතිබෙන අදහස් පවා ඔහුගේ බැල්මේ තිබෙන බවට මා නිගමනය කරන්ට වුණා. ඔහු තවමත් ඔහුගේ පෙර-බිරිඳට ආදරේ දක්වන බව කියා සමහරවිට මා ඔහුට ඍජුව චෝදනා කරන්ට වුණා. එක් අවස්ථාවකදී මෙමගින් ඔහු කොතරම් සිත් වේදනාවට පත්වුණාද කියනවා නම්, ක්‍රිස්තියානි එක්රැස්වීමකදී ඔහු නැඟිට යන්න ගියා. යෙහෝවඃවහන්සේ ඉදිරියේ මට වරදකාරිබවක් හැඟුණා. අවසානයේදී දරුවන්ටද එය බලපෑව නිසා, මම මගේ පවුල් ජීවිතය දුක්ඛිත තත්වයකට ඇද දැමුවා. මා කරමින් සිටි දේ කෙරෙහි මා මටම වෛර කළ නමුත්, මා කොතරම් වෑයම් කළත්, මට මගේ ඊර්ෂ්‍යාව පාලනය කරගත නොහැකි බවක් පෙනෙන්ට තිබුණා.
මට උපකාර කරනවා වෙනුවට, මාර්ක් එකට එක කරන්ට පටන්ගත්තා. මා ඔහුට චෝදනා කළ විට, “තියෙන ඊර්ෂ්‍යාව, ඔයා හරිම ඊර්ෂ්‍යයි,” කියා ඔහු මට බැණවදිනවා. මාව ඊර්ෂ්‍යා කිරීමට ඔහු වුවමනාවෙන්ම වෑයම් කරන බවක් පවා පෙනෙන්ට තිබුණා. මෙය මගේ ඊර්ෂ්‍යාව නැති කර දමයි කියා ඔහු සිතුවා විය හැකි නමුත්, එයින් සිදුවුණේ දේවල් තව තවත් දරුණු අතකට හැරීම පමණයි. ඔහු වෙනත් ස්ත්‍රීන් කෙතරම් ලස්සනදැයි පවසමින්, ඔවුන් දෙස බලන්න පටන්ගත්තා. මෙය වඩාත් හීනමානයක් සහ නොවුවමනාබවක් පවා හැඟීමට මට සැලසුවා. වෙනත් චිත්තවේගයක්—එනම් වෛරය—එහි නීච හිස ඔසවන තත්වයටම පත්වුණා. ඒ වන විට, මා කෙතරම් අවුල් වී සිටියාද කිවහොත් ඔහුගෙනුත්, ඔහුගේ පවුලෙනුත් ඈත්වෙන්න මට වුවමනා වුණා.
“ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය,” කියා බයිබලයේ පවසන විට, එය හරියටම හරි. (හිතෝපදේශ 14:30) මගේ සෞඛ්‍යයට දැන් බලපෑමක් ඇතිවෙන්න පටන්ගත්තා. සුවවීමට බොහෝ කාලයක් ගතවුණාවූ ආමාශයේ වණ මා තුළ හටගත්තා. මාර්ක් කළ සෑම දෙයක් ගැනම සැක කිරීම හේතුවෙන් මා දිගටම මගේ ජීවිතය කාලකණ්ණි වීමට සැලැස්සුවා. මා ඔහුගේ සාක්කු සෝදිසි කර බලන අතර, මට දුරකථන අංක සම්බ වුණොත්, පිළිතුරු දෙන්නේ කවුදැයි දැනගැනීමට මා දුරකථනයෙන් අමතනවා. හදපත්ලෙන්ම මා ගැනම මා ලජ්ජා වුණා, යෙහෝවඃවහන්සේ ඉදිරියේ ලජ්ජාව නිසා, මා අඬනවා. ඒත් මට මාව නවත්වගන්න පුළුවන් කමක් තිබුණේ නෑ. මම මගේම දරුණු හතුරා වී සිටියා.
මට තවදුරටත් යාච්ඤා කළ නොහැකි තරමටම මගේ ආත්මිකත්වය දුර්වල වුණා. මා යෙහෝවඃවහන්සේට ප්‍රේම කළ අතර, ඇත්තෙන්ම හරිව තිබුණු දෙය කිරීමට වුවමනා වුණා. සැමියන් සහ බිරිඳන් සම්බන්ධයෙන් සියලු ශුද්ධ ලියවිලි පාඨ මා දැන සිටි නමුත්, ඒවා අදාළ කිරීමට මට හැකිවුණේ නෑ. මට කදිම දරුවන් සිටියත්, මට මගේ ජීවිතයේ පළමු වතාවට තවදුරටත් ජීවත්වෙන්න වුවමනා වුණේ නෑ.
ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන් මහත් දිරිගැන්වීමක් වූ අතර, මට උපකාර කිරීමට ඔවුන්ගේ උපරිම වෑයම යෙදෙවුවා. එහෙත් ඔවුන් මගේ ඊර්ෂ්‍යාව සම්බන්ධ කාරණය ගැන ගෙනහැර දැක්වූ විට, මට එවැනි ගැටලුවක් තිබුණු බව පිළිගැනීමට අකමැතිව, ලජ්ජාව නිසා මා එය ප්‍රතික්ෂේප කළා.
අවසානයේදී, ශල්‍යකර්මයක් සඳහා මට රෝහල්ගත වෙන්න සිදුවන තරමටම මගේ සෞඛ්‍යය පිරිහුණා. මෙලෙස ජීවිතය ගෙන යන්න බැරි බව මට එහි සිටින විටදී වැටහුණා. ඒ තරම් සිතට වහල් නොවී අපේ තත්වය සෝදිසි කර බැලීම සඳහා මාස තුනකට වෙන්වී සිටීමට මාර්ක් සහ මා තීරණය කළා. මේ කාලය අතරතුරේදී පුදුම දෙයක් සිද්ධ වුණා. පිබිදෙව්! සඟරාවේ “බීමට ඇබ්බැහි වූවන්ගේ වැඩිහිටි දරුවන් සඳහා උපකාරය” යන ලිපියක් පළවුණා.b
ඇත්තෙන්ම කියනවා නම්, මගේ අම්මා මත්පැනට ඇබ්බැහි වී සිටියා. මා ශාරීරිකව පීඩාවට ලක්වී නොසිටියා වුණත්, මගේ දෙමව්පියන් එකිනෙකා කෙරෙහි හෝ මා කෙරෙහි කවදාවත් ශාරීරික ඇල්මක් දැක්වූයේ නෑ. මගේ මව මගේ අතින්වත් අල්ලා ඇති බවක්වත්, මට ආදරය කළ බව කවදා හෝ පවසා ඇති බවක්වත් මගේ මතකයට නැඟෙන්නේ නෑ. එනිසා ඇත්තෙන්ම මා හැදී වැඩුණේ ආදරය දක්වන ආකාරයත්, ඒ වගේම වැදගත් දෙයක් වන ආදරය ලබන ආකාරයත් නොදැනයි.
මගේ පියාගේ ප්‍රේම සම්බන්ධයන් ගැනත්, එනිසා ඇයට ඔහුව විශ්වාස කරන්න බැරිවූ බවත්, මගේ මව බොහෝවිට මට පැවසුවා. එනිසා මා හිතන විදිහට මා හැදී වැඩුණේ සාමාන්‍යයෙන් මිනිසුන්ව විශ්වාස කරන්නේ නැතුවයි. මා ඇති දැඩි වී තිබුණු ආකාරය නිසා, මට සැමවිටම හැඟුණේ අන් අයට වඩා මා පහත්, විශේෂයෙන්ම අනික් ස්ත්රීන්ට වඩා පහත් කියලයි. එම පිබිදෙව්! ලිපිය කියවීමෙන් මේ දේවලින් අඟවන දෙය තේරුම්ගන්ට මට උපකාරවත් වුණා. පළමු වතාවට, මම මගේ ඊර්ෂ්‍යාවේ ගැටලුවට මූලික වූ හේතුකාරකයන් තේරුම්ගත්තා.
මගේ සැමියා වන මාර්ක්ට මා පිබිදෙව්! ලිපිය පෙන්වූ අතර, මාව වඩා හොඳින් තේරුම්ගැනීමට එය ඔහුටද උපකාරවත් වුණා. වෙන්වීමට සිතන යුවළයන්ට දී ඇති බයිබලයේ උපදෙස අනුගමනය කිරීමට ඔහුට හා මට වැඩිකල් නොගොස් හැකිවුණා. අප කාරණා සමතයකට පත්කරගත්තා. (1 කොරින්ති 7:10, 11) දැන් අපේ විවාහය වෙන කවරදාකටත් වඩා හොඳ අතට හැරී තිබෙනවා. අප බොහෝ දේවල්, විශේෂයෙන්ම ක්‍රිස්තියානි වැඩකටයුතු එකට කරනවා. මාර්ක් පෙරට වඩා සංවේදනයක් දක්වනවා. ඔහු මට කොතරම් ආදරය කරනවාදැයි මට හැමදාම පාහේ කියනවා, දැන් මා ඇත්තෙන්ම එය විශ්වාස කරනවා.
මාර්ක්ගේ පෙර භාර්යාව අපට මුණගැසෙන බව මා දන්නා ඕනෑම අවස්ථාවක, මේරූ ක්‍රිස්තියානි ආකාරයකින් හැසිරීමට, මට උපකාර කරන්නැයි යෙහෝවඃවහන්සේගෙන් ශක්තිය ඉල්ලා මා උන්වහන්සේට යාච්ඤා කරනවා. තවද එය ක්‍රියාත්මක වෙනවා. මා තුළ ඇය කෙරෙහි තිබූ වෛරයේ හැඟීම් පවා පහව යනවා. මා ඉන්පසු නිෂේධාත්මක සිතුවිලි ගැන කල්පනා කිරීමට හෝ මගේ සිතෙන් මවාගන්නා අදහස් මා තුළ පැවතීමට හෝ ඉඩහරින්නේ නැහැ.
තවමත් මා තුළ සමහර ඊර්ෂ්‍යාවේ නුසුදුසු හැඟීම් ඇතිවෙනවා. එය මුළුමනින්ම ඉවත්වනු ඇත්තේ, දෙවියන්වහන්සේගේ නව ලොවේ පරිපූර්ණ ජීවිතයේදී පමණයි. එතෙක්, මාව පාලනය කිරීමට එයට ඉඩහරිනවා වෙනුවට, ඊර්ෂ්‍යාව පාලනය කිරීමට මා ඉගෙනගෙන තියෙනවා. ඇත්තෙන්ම, ඊර්ෂ්‍යාව මගේ ජීවිතය විනාශ කරන තරමටම වාගේ පත්වුණ නමුත්, යෙහෝවඃවහන්සේට සහ උන්වහන්සේගේ සංවිධානයට ස්තුතිවන්ත වන්න, මා දැන් පෙරට වඩා සන්තෝෂවත් කෙනෙක් වන අතර, මගේ සෞඛ්‍යය යථා තත්වයට පත්ව තිබෙනවා. යළිත් වරක් මට මගේ දෙවියන්වහන්සේ වන යෙහෝවඃවහන්සේ සමඟ ශක්තිමත් සබඳතාවක් තිබෙනවා.—සපයන ලදි.
[පාදසටහන්වල]
a නම වෙනස් කර තිබේ.
b වර්ෂ 1992 ඔක්තෝබර් 8, පිබිදෙව්! පිටු 8-12 බලන්න.