2 එවිට රජුගේ උපකාරයට සිටි නිලධාරියා,+ දෙවිගේ අනාගතවක්තෘට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අහසේ කවුළු ඇරියත්+ ඔබ කියන දේ වෙයි කියා විශ්වාස කරන්නේ කොහොමද?”+ එලිෂා මෙසේ කීවේය. “මා කියූ දේ අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඔබේ ඇස් දෙකෙන්ම ඔබට එය දැකගන්න ලැබුණත්+ ඔබට ඒ දේවල් කන්න ලැබෙන්නේ නැහැ.”+