8 සකෙවුස් සියලුදෙනා ඉදිරියේ නැඟිට යේසුස්ට මෙසේ පැවසුවේය. “ස්වාමීනි, බලන්න! මා සතු දෙයින් භාගයක් මම දිලිඳුන්ට දෙනවා. මා කවුරු හරි කෙනෙකුට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කර+ ඔහුගෙන් අයුතු ලෙස යමක් අරගෙන තිබෙනවා නම් මම කැමතියි ඔහුට අහිමි වූ ඒ දේ මෙන් හතර ගුණයක් නැවත ගෙවන්න.”+