‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
ජූලි 11-17
දේවවචනය නිධානයක් | 2 සාමුවෙල් 20-21
“යෙහෝවා යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක්”
it-1-E 932 1¶
ගිබියොන්වරු
ගිබියොන්වරු දාවිත්ට කිව්වා සාවුල්ගේ “පුතාලා” හත්දෙනෙක්ව එයාලට භාර දෙන්න කියලා. සාවුල් සහ “ඔහුගේ පවුලේ අය” සමඟ අපිට තියෙන මේ ගැටලුව කියලා ගිබියොන්වරු කියපු එකෙන් තේරෙනවා ගිබියොන්වරුන්ව මරන්න සාවුල් මුල් පියවර ගත්තත් එයාගේ “පුතාලාත්” කෙළින්ම හරි වෙනත් විදිහකින් හරි ඒ අපරාධයට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. (2සාමු 21:1-9) එහෙම බලද්දී තාත්තාගේ වරදක් නිසා එයාගේ දරුවන්ව මරලා දැමීමක් මෙතන සිද්ධ වෙලා නැහැ. (ද්වි 24:16) ඒ වෙනුවට සිද්ධ වුණේ “ජීවිතයකට ජීවිතයක්” කියන නීතිය ක්‍රියාත්මක කරලා ගිබියොන්වරුන්ට වුණ අසාධාරණයට යුක්තිය ඉටු කරපු එකයි.—ද්වි 19:21.
ජූලි 25-31
දේවවචනය නිධානයක් | 2 සාමුවෙල් 23-24
“ඔයා ඇත්තටම පරිත්‍යාගශීලීද?”
it-1-E 146
අරව්නා
පේන විදිහට අරව්නා කමතයි, ගවයනුයි, දරට ඕනෙ කරන දේවලුයි දාවිත් රජට නොමිලේම දෙන්න හැදුවා. ඒත් දාවිත් ඒ කිසිම දෙයක් නිකම් ගන්න කැමති වුණේ නැහැ. 2 සාමුවෙල් 24:24 කියන විදිහට දාවිත් කමතයි, ගවයන්වයි ගත්තේ රිදී ෂෙකෙල් පනහක් (ඩොලර් 110) ගෙවලා.
අගෝස්තු 1-7
දේවවචනය නිධානයක් | 1 රාජාවලිය 1-2
“ඔයාගේ වැරදිවලින් ඔයා ඉගෙනගන්නවාද?”
it-2-E 987 4¶
සලමොන්
ඊළඟට රජ වෙන්න හිටියේ සලමොන්. රජකම ගන්න අදොනියා කපටි සැලැස්මක් ගැහුවත් ඒක හරි ගියේ නැහැ. සලමොන් රජ වුණා කියලා දැනගත්ත අදොනියා බය වෙලා ශුද්ධ කූඩාරමට ගිහින් එහේ තිබුණ පූජාසනයේ අං අල්ලාගත්තා. එහෙම කෙරුවේ මැරුම් නොකා බේරෙන්න. හැබැයි සලමොන් සේවකයන්ව යවලා අදොනියාව මාලිගාවට ගෙන්නගෙන එයාට කිව්වා වැරදි දෙයක් නොකර හිටියොත් කිසි කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. එහෙම කියලා අදොනියාව ගෙදර යැව්වා.—1රාජා 1:41-53.
it-1-E 49
අදොනියා
දාවිත් මැරුණාට පස්සේ අදොනියා බැත්ෂෙබාව හම්බ වෙන්න ආවා. ඇවිත් කිව්වා අබිෂග්ව එයාට විවාහ කරලා දෙන්න කියලා සලමොන් රජට කියන්න කියලා. හැබැයි එහෙම කියන්න කලින් අදොනියා බැත්ෂෙබාට කියපු දේ බලන්න. ‘හරි නම් රජකම ලැබෙන්න තිබුණේ මටයි කියලා ඔයා හොඳින්ම දන්නවා. ඊශ්‍රායෙල් සෙනඟ බලාපොරොත්තු වුණේ මම රජ වෙයි කියලා.’ සලමොන්ට රජකම ලැබුණේ යෙහෝවාගේ කැමැත්ත නිසා කියලා දැනන් හිටියත් තමන්ගෙන් රජකම උදුරාගත්තා කියන හැඟීම අදොනියාගේ හිතේ තිබුණා කියලා ඒ වචනවලින් තේරෙනවා. (1රාජා 2:13-21) ඒ ඉල්ලීම කළේ එයාට රජකම නැති වුණ නිසා වන්දියක් විදිහටද? එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ඉල්ලීම පිටිපස්සේ බලයටයි, ප්‍රසිද්ධියටයි ලොකු කෑදරකමක් තිබුණා කියලා හිතන්නත් හොඳ හේතුවක් තියෙනවා. මොකද අතීතයේ මැද පෙරදිග රටවල තිබුණ නීතියකට අනුව රජෙක් මැරුණාට පස්සේ එයාගේ භාර්යාවන්ව සහ උපභාර්යාවන්ව අයිති වුණේ ඊළඟට රජ වෙන්න නීත්‍යානුකූල අයිතිය තිබුණ කෙනාට විතරයි. (2සාමු 3:7; 16:21) අදොනියා ඉල්ලීම කරපු ඒ කපටි හේතුව තේරුම්ගත්ත සලමොන් ඉක්මනින්ම අදොනියාව මරන්න අණ කළා.—1රාජා 2:22-25.
අගෝස්තු 15-21
දේවවචනය නිධානයක් | 1 රාජාවලිය 5-6
“ආදරෙන් ඉදි කළ ගොඩනැඟිල්ලක්”
it-1-E 424
දේවදාර
දේවමාලිගාව හදන්න දේවදාර ගස් මහ විශාල ප්‍රමාණයක් ඕනෙ වුණා. ඒවා ලෙබනොන් දේශයේ ඉඳලා යෙරුසලමට ගේන්න දහස් ගාණකගේ ශ්‍රමය ඕනෙ වුණා. මුලින්ම ගස් කපන්න ඕනේ. ඊටපස්සේ ඒවා මධ්‍යධරණී මුහුදු තීරයේ පිහිටලා තිබුණ තීර්වල හරි සීදොන්වල හරි තිබුණ වරායන්වලට අරන් එන්න ඕනේ. ඒ කොටන්වලින් පාරු හදලා එතන ඉඳලා ඒවා මුහුදෙන් ගේන්න ඕනේ. සමහරවිට ඒවා යොප්පාව දක්වා ගේන්න ඇති. ඊටපස්සේ ඒවා ගොඩබිම හරහා යෙරුසලමට ගේන්න ඕනේ.—1රාජා 5:6-18; 2ලේක 2:3-10.
it-2-E 1077 1¶
දේවමාලිගාව
සලමොන් රජ ඊශ්‍රායෙල්වරු 30,000ක් බඳවාගෙන ඒ අයගෙන් 10,000ක් හැම මාසෙකම ලෙබනොන්වලට යැව්වා. එයාලා මාසයක් ලෙබනොන්වල වැඩ කරලා ගෙවල්වලට ආවා. මාස දෙකකට පස්සේ ආපහු වැඩට ගියා. (1රාජා 5:13, 14) සාමාන්‍ය කම්කරුවෝ 70,000කුත් කඳුවල ගල් කඩන අය 80,000කුත් සලමොන් යටතේ වැඩ කළා. ඒ අය ඊශ්‍රායෙල් ජාතියට අයිති නැති අය. (1රාජා 5:15; 9:20, 21; 2ලේක 2:2) සලමොන් රජ වැඩ බලන්න ප්‍රධානීන් 3,300ක්ව පත් කෙරුවා. එයාලට ඉහළින් තව ප්‍රධානීන් 550දෙනෙක්ව පත් කෙරුවා. (1රාජා 5:16; 9:22, 23) සලමොන්ට වැඩ අධීක්ෂණය කරන්න ඔක්කොම ප්‍රධානීන් 3,850ක් ඉඳලා තියෙනවා. ඒ අයගෙන් පේන විදිහට ඊශ්‍රායෙල්වරු ඉඳලා තියෙන්නේ 250දෙනයි. අනිත් 3,600දෙනා ඊශ්‍රායෙල් ජාතියට අයිති නැති අය.—2ලේක 2:17, 18.
අගෝස්තු 22-28
දේවවචනය නිධානයක් | 1 රාජාවලිය 7
“කුලුනු දෙකෙන් පාඩමක්!”
it-1-E 348
බෝවස් කුලුන
සලමොන් හදපු දේවමාලිගාවට අතුල් වුණේ නැඟෙනහිර පැත්තෙන්. ඇතුල් වෙන ශාලාව ඉදිරිපිට උස තඹ කුලුනු දෙකක් තිබුණා. උතුරු පැත්තේ (ඇතුල් වෙද්දී දකුණු අත පැත්තේ) තිබුණ කුලුනේ නම බෝවස්. ඒකේ තේරුම “ශක්තිමත්” කියන එක වෙන්න ඇති. දකුණු පැත්තේ (ඇතුල් වෙද්දී වම් අත පැත්තේ) තිබුණ කුලුනේ නම යාකින්. සමහරවිට ඒකේ තේරුම “ඔහු [යෙහෝවා] ස්ථිරව පිහිටුවනු ලැබේවා!” කියන එකයි. ඉතින් ඒ කුලුනුවලට දීලා තිබුණ නම් දෙකේ තේරුම් දෙක එකතු කෙරුවොත් එන්නේ, ‘යෙහෝවා දේවමාලිගාව ශක්තිමත් ලෙස ස්ථිරව පිහිටුවනු ලැබේවා’ වගේ අදහසක්.—1රාජා 7:15-21.
දේවවචනයෙන් මැණික්
it-1-E 263
වතුරෙන් නෑම
යෙහෝවා දෙවියන් ඔහුට නමස්කාර කරන අය ශාරීරිකවත් පිරිසිදුව ඉඳියි කියලා බලාපොරොත්තු වුණා. ශුද්ධ කූඩාරමේ සහ දේවමාලිගාවේ සේවය කරපු අයට කරන්න කියපු දෙයින් ඒක පැහැදිලි වෙනවා. ආරොන්ට සහ එයාගේ පුතාලාට විශේෂ වස්ත්‍ර අන්දලා එයාලව පූජකයන් විදිහට අභිෂේක කරන්න කලින් මෝසෙස් එයාලව ගෙනල්ලා වතුරෙන් නෑව්වා. (ලෙවී 8:6, 7) ශුද්ධ කූඩාරමේ සහ දේවමාලිගාවේ වැඩ කරපු පූජකයන් අත පය හෝදගත්තේ කොහෙන්ද? ශුද්ධ කූඩාරමත් පූජාසනයත් අතර, මළුවේ තියලා තිබුණ තඹ භාජනයේ තිබුණ වතුරෙන්. පස්සේ කාලයේදී දේවමාලිගාවත් පූජාසනයත් අතර ඇතුල් මළුවේ තියලා තිබුණ විශාල වටකුරු තඹ භාජනයේ (මුහුද නැත්නම් ජලාශය කියලත් හැඳින්නුවා) තිබුණ වතුර ඒකට පාවිච්චි කළා. (නික් 30:18-21; 40:30-32; 2ලේක 4:2-6) සමඟි වීමේ දවසේදී උත්තම පූජකයා දෙසැරයක් නෑවා. (ලෙවී 16:4, 23, 24) අෂාෂෙල් වෙනුවෙන් යැවූ එළුවා සමඟ ගිය කෙනාටයි, පූජා කරපු සතුන්ගේ ඉතුරු කොටස් කඳවුරෙන් පිටට අරන් ගිය අයටයි, පූජාවක් විදිහට මරන්න රතු පාටට හුරු එළදෙනව කඳවුරෙන් පිටට ගෙනිච්ච අයටයි ආයෙත් කඳවුරට එන්න කලින් නාගන්න සිද්ධ වුණා. —ලෙවී 16:26-28; ගණන් 19:2-10.
අගෝස්තු 29-සැප්තැම්බර් 4
දේවවචනය නිධානයක් | 1 රාජාවලිය 8
දේවවචනයෙන් මැණික්
it-1-E 1060 4¶
ස්වර්ගය
යාච්ඤා කරද්දී සලමොන් කිව්වා “ඔබට වාසය කිරීමට මුළු මහත් විශ්වයම ප්‍රමාණවත් නැත” කියලා. (1රාජා 8:27) යෙහෝවාට ඉන්න ස්ථිර තැනක් නැහැ කියලවත් ඔහු හැම තැනම වැඩ සිටිනවා කියලවත් ඒකෙන් අදහස් කෙරුවේ නැහැ. සලමොන් ඊටපස්සේ කියපු දෙයින් ඒක තහවුරු වෙනවා. ඔහු කිව්වේ යෙහෝවා ඔහුගේ “ස්ථිර වාසස්ථානය වන ස්වර්ගයේ සිට” යාච්ඤා අසනවා කියලයි.—1රාජා 8:30, 39.