පළවෙනි රාජාවලිය
8 ඒ කාලේදී සලමොන් රජ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන්ව ඒ කියන්නේ ගෝත්‍රවල ප්‍රධානීන් හැමෝවමයි, ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්වයි+ රැස් කළා.+ එයාලා යෙරුසලමේ හිටපු සලමොන් රජ ළඟට ආවේ දාවිත්ගේ නුවර වුණ සියොන්වල+ තිබුණ යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවට අරගෙන එන්නයි.+ 2 හත්වෙනි මාසේ+ වන ඒතානිම්* මාසේ උත්සවය* පවත්වන කාලේදී ඊශ්‍රායෙල් පුරුෂයන් හැමෝම සලමොන් රජ ඉස්සරහට ආවා. 3 ඊශ්‍රායෙල්වරු අතරේ හිටපු වැඩිමහල්ලන් හැමෝම ආවාම පූජකයන් ගිවිසුම් පෙට්ටිය උස්සගෙන එන්න පටන්ගත්තා.+ 4 පූජකයන් සහ ලෙවීවරුන් යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටියයි, හමු වීමේ කූඩාරමයි,+ කූඩාරමේ තිබුණ ශුද්ධ උපකරණ හැම එකක්මයි ගෙනාවා. 5 සලමොන් රජ එයා රැස් කරපු ඊශ්‍රායෙල්වරු හැමෝමත් එක්ක ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා හිටගෙන හිටියා. ඒ වෙලාවේ කොච්චර බැටළුවන් සහ ගවයන් ප්‍රමාණයක් පූජා කළාද+ කියනවා නම් උන්ව ගණන් කරන්න බැරි තරම්.
6 ඊටපස්සේ පූජකයන් යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය තියන්න නියම කරලා තිබුණ තැනට+ ඒ කියන්නේ ගෘහයේ ඇතුළෙම තිබුණ අතිශුද්ධස්ථානයට ඒක ගෙනල්ලා කෙරුබ්වරුන්ගේ පියාපත් යටින් ඒක තිබ්බා.+
7 කෙරුබ්වරුන්ගේ පියාපත් ගිවිසුම් පෙට්ටිය තිබුණ තැනට ඉහළින් විහිදිලා තිබුණා. ඒ විදිහට කෙරුබ්වරුන්ගේ පියාපත් ගිවිසුම් පෙට්ටියට සහ ඒකේ පොලුවලට සෙවණක් වගේ වුණා.+ 8 ගිවිසුම් පෙට්ටියේ පොලු+ කොච්චර දිගද කියනවා නම් ඒ පොලුවල අගිස් අතිශුද්ධස්ථානයට ඉස්සරහින් තිබුණ ශුද්ධස්ථානයට පෙනුණා. ඒත් එළියේ ඉඳන් බලද්දී නම් ඒවා පෙනුණේ නැහැ. ඒවා අද වෙන කල් එතනම තියෙනවා. 9 හොරෙබ්වලදී මෝසෙස් ගිවිසුම් පෙට්ටිය ඇතුළෙන් තියපු+ ගල් පුවරු දෙක+ ඇරෙන්න වෙන මුකුත් ඒක ඇතුළේ තිබුණේ නැහැ. ඒ ගල් පුවරු දෙක මෝසෙස්ට දුන්නේ ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටත් වෙලා ආවාට පස්සේ+ යෙහෝවා එයාලා එක්ක ගිවිසුමක් ඇති කරගත්ත වෙලාවෙදියි.+
10 පූජකයන් ශුද්ධස්ථානයෙන් එළියට ආවාම වලාකුළකින්+ යෙහෝවා දෙවියන්ගේ ගෘහය සම්පූර්ණයෙන්ම වැහිලා ගියා.+ 11 ඒ වලාකුළ නිසා පූජකයන්ට එතන ඉඳන් එයාලාගේ සේවය කරන්න බැරි වුණා. මොකද යෙහෝවා දෙවියන්ගේ තේජස නිසා යෙහෝවාගේ ගෘහය දීප්තිමත් ආලෝකයකින් පිරිලා ගියා.+ 12 එතකොට සලමොන් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන්ම කිව්වා ඔහු ගන වලාකුළක වාසය කරනවා කියලා.+ 13 දෙවියනි, ඔබට වාසය කරන්න මං තේජවත් ගෘහයක් ගොඩනැඟුවා. ඒක ඔබට හැමදාටම වාසය කරන්න පුළුවන් ස්ථිර වාසස්ථානයක්.”+
14 ඊටපස්සේ රජ එතන හිටගෙන හිටපු ඊශ්‍රායෙල් සෙනඟ දිහාවට හැරිලා එයාලට ආශීර්වාද කරන්න පටන්ගත්තා.+ 15 එයා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් සෙනඟගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! ඔහු මගේ තාත්තා වුණ දාවිත්ට පොරොන්දු වුණ මේ දේ* ඔහුගෙම අතින් ඔහු ඉටු කළා. 16 ‘මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනාපු දවසේ ඉඳලා මේ වෙන කල් මගේ නම ගෞරවයට පත් කරන්න ගෘහයක්+ ගොඩනඟන්න ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයිති එක නගරයක්වත් මං තෝරගත්තේ නැහැ. ඒත් මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න මම දාවිත්ව තෝරගත්තා.’ 17 ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් ගොඩනඟන්න මගේ තාත්තා වුණ දාවිත්ගේ හිතේ ලොකු ආසාවක් තිබුණා.+ 18 ඒත් යෙහෝවා මගේ තාත්තාට මෙහෙම කිව්වා. ‘මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් හදන්න ඔයා ලොකු ආසාවකින් ඉන්නවා කියලා මං දන්නවා. ඔයාගේ හිතේ තියෙන ඒ ආසාව ගැන මං සතුටු වෙනවා. 19 හැබැයි ඒ ගෘහය හදන්නේ ඔයා නෙමෙයි. ඔයාට ඉපදෙන ඔයාගෙම පුතෙක් තමයි මගේ නමට ගෞරවයක් ගේන ඒ ගෘහය හදන්නේ.’+ 20 යෙහෝවා දෙවියන් පොරොන්දු වුණ දේ ඔහු ඉටු කළා. යෙහෝවා පොරොන්දු වුණ විදිහටම මගේ තාත්තා වුණ දාවිත්ට පස්සේ ඊශ්‍රායෙල්වරුන්ගේ රජ විදිහට මාව පත් කළා. ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ නමට ගෞරවය ගේන්න මං ගෘහයකුත් ගොඩනැඟුවා.+ 21 ඒ ගෘහයේ ගිවිසුම් පෙට්ටිය+ තියන්න තැනකුත් මං සූදානම් කළා. යෙහෝවා අපේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවාට පස්සේ එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම ඇතුළත් ගල් පුවරු දෙක තියලා තියෙන්නේ ඒ පෙට්ටිය ඇතුළේ.”
22 ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහා හිටපු සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ පූජාසනය ඉදිරියේ හිටගෙන අත් දෙක අහස දිහාවට උස්සලා+ 23 මෙහෙම කිව්වා. “යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, ඉහළ අහසෙවත් පහත පොළොවෙවත් ඔබ වගේ කිසිම දෙවි කෙනෙක් නැහැ.+ මොකද මුළු හදවතින්ම ඔබේ මඟ පෙන්වීම් විශ්වාසවන්තව පිළිපදින ඔබේ සේවකයන්ට ඔබ පෙන්නන ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එයාලා එක්ක ඔබ ඇති කරගත්ත ගිවිසුම ඔබ කවදාවත් කඩ කරන්නෙත් නැහැ.+ 24 ඔබේ සේවකයා වුණ දාවිත්ට දීපු පොරොන්දුව ඔබ ඉටු කළා. මගේ තාත්තා වුණ දාවිත්ට ඔබ පොරොන්දු වුණ දේ අද ඔබේ අතින්ම ඔබ ඉටු කළා.+ 25 යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, ඔබේ සේවකයා වුණ දාවිත්ට ඔබ මෙහෙම පොරොන්දු වුණා. ‘ඔයා මගේ මඟ පෙන්වීම් විශ්වාසවන්තව පිළිපැද්ද විදිහටම ඔයාගේ පුතාලත් මගේ මඟ පෙන්වීම් විශ්වාසවන්තව පිළිපදින්න ඕනේ. ඒ විදිහට එයාලා ජීවත් වෙන විදිහ ගැන එයාලා සැලකිලිමත් වුණොත් ඊශ්‍රායෙල් දේශයේ මං ඉස්සරහා රජකම ලබන්න හැමදාමත් ඔයාගේ පෙළපතේ කෙනෙක් ඉඳියි.’+ දෙවියනි, ඒ පොරොන්දුව ඉටු කරන්න. 26 අනේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, ඔයාට සේවය කරපු මගේ තාත්තා වුණ දාවිත්ට ඔයා දුන්න පොරොන්දුව ඒ විදිහටම ඉටු කරන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා.
27 “දෙවියනි, ඇත්තටම ඔබට මේ පොළොවේ වාසය කරන්න පුළුවන්ද?+ ඔබට වාසය කරන්න ඉමක් කොනක් නැති මේ මුළු අහස්තලයවත් ප්‍රමාණවත් නැහැ.+ එහෙමනම් මං හදපු මේ ගෘහය ඔබට ප්‍රමාණවත් වෙන්නේ කොහොමද?+ 28 අනේ යෙහෝවා, මගේ දෙවියනි, ඔයාගේ සේවකයාගේ මේ කන්නලව්වට සවන් දෙන්න. මගේ යාච්ඤාව අහන්න. උදව් ඉල්ලලා ඔයාගේ සේවකයා අද කරන මේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න. 29 මේ ගෘහය ගැන ඔයාම කිව්වා ‘ඒක මගේ* නම දරනවා’+ කියලා. ඉතින් රෑ දවල් දෙකේම ඔයාගේ ඇස් මේ ගෘහය දිහාවට යොමු කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ සේවකයා මේ ගෘහය දිහාවට හැරිලා කරන යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න.+ 30 ඔයාගේ සේවකයාගේ කන්නලව්වලට වගේම ඔයාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු මේ ගෘහය දිහාවට හැරිලා කරන යාච්ඤාවලටත් සවන් දෙන්න. ඔයාගේ වාසස්ථානය වන ස්වර්ගයේ ඉඳන් ඒවාට සවන් දීලා+ අපිට සමාව දෙන්න.+
31 “දෙවියනි, මනුස්සයෙක් තව කෙනෙක්ට විරුද්ධව වැරැද්දක් කළා කියලා චෝදනාවක් ලබන්න පුළුවන්. ඒ වරද කළේ නැහැ කියලා ඒ මනුස්සයාගෙන් දිවුරුමක් ගත්තාට පස්සේ* එයා මේ ගෘහයේ තියෙන ඔබේ පූජාසනය ඉස්සරහට ආවොත්+ 32 අනේ දෙවියනි, ස්වර්ගයේ ඉඳන් ඒ නඩුව අහලා ඔබේ සේවකයන් වන ඒ දෙන්නාව විනිශ්චය කරන්න. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්න. වරද කරපු කෙනා වරදකරු* කියලා හෙළි කරලා එයා කරපු දේ එයා පිටටම හරවන්න. වරද නොකරපු කෙනා නිර්දෝෂයි* කියලා හෙළි කරලා එයාගේ ධර්මිෂ්ඨකමට අනුව එයාට ආශීර්වාද කරන්න.+
33 “ඔබට විරුද්ධව දිගටම වැරදි කරන නිසා+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු එයාලාගේ සතුරන් අතින් පරදින්න පුළුවන්. ඒත් එයාලා ආපහු ඔබ ළඟට ඇවිල්ලා මේ ගෘහයේදී ඔබේ නම ගෞරවයට පත් කරලා+ දයාව පෙන්නන්න කියලා ඔබට කන්නලව් කළොත්+ 34 ස්වර්ගයේ ඉඳන් එයාලට ඇහුම්කන් දෙන්න කියලා ඔබෙන් ඉල්ලනවා. ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු කරපු වැරදිවලට සමාව දීලා එයාලාගේ මුතුන්මිත්තන්ට ඔබ දීපු දේශයට ආපහු එයාලව අරගෙන එන්න.+
35 “සෙනඟ ඔබට විරුද්ධව දිගටම වැරදි කරන නිසා+ දේශයට වැස්ස ලැබෙන්නේ නැති විදිහට ඔබ අහසේ කවුළු වහලා දාන්න පුළුවන්.+ ඔබ එයාලව ඒ විදිහට හික්මවපු නිසා එයාලා කරපු වැරදි අත්හැරලා මේ ගෘහය දිහාවට හැරිලා ඔබේ නම ගෞරවයට පත් කරලා යාච්ඤා කළොත්+ 36 ස්වර්ගයේ ඉඳන් එයාලට ඇහුම්කන් දෙන්න කියලා ඔබෙන් ඉල්ලනවා. ඔබේ සේවකයන් කරපු වැරදිවලට සමාව දෙන්න. ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට එයාලා යන්න ඕන හරි පාර කියලා දෙන්න.+ ඊටපස්සේ ඔබේ සෙනඟට උරුමයක් විදිහට දීපු ඔබේ දේශයට ආයෙත් වැස්ස ලබා දෙන්න.+
37 “මේ දේශයේ ඉන්න අය සාගතයකින්+ හරි වසංගතයකින් හරි පීඩා විඳින්න පුළුවන්. වියළි සුළං, දිලීර රෝග,+ පළඟැටි රංචු නිසා දේශයේ තියෙන ගස් කොළන් විනාශ වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් සතුරෙක් ඇවිල්ලා එයාලාගේ නගර වටලන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී වගේම වෙන ඕනෙම වසංගතයකින් හරි රෝගයකින් හරි පහර කද්දී+ 38 එයාලා තනි තනියෙන් නැත්නම් මුළු ඊශ්‍රායෙල් සෙනඟම එකට එකතු වෙලා යාච්ඤා කරයි. (මොකද ඒ එක් එක් කෙනා තමයි දන්නේ තමන්ගේ හිතේ තියෙන වේදනාව.)+ එයාලා මේ ගෘහය දිහාවට හැරිලා අත් උස්සලා කරන හැම යාච්ඤාවකටම, දයාව පෙන්නන්න කියලා කරන හැම කන්නලව්වකටම+ 39 ඔබේ වාසස්ථානය+ වන ස්වර්ගයේ ඉඳන් ඇහුම්කන් දෙන්න. එයාලට සමාව දීලා+ ප්‍රශ්නේ විසඳන්න පියවර ගන්න. එයාලාගේ හිතේ තියෙන දේ ඔබ දන්න නිසා එයාලා එක් එක් කෙනා කරලා තියෙන දේවල්වලට අනුව එයාලට ආශීර්වාද කරන්න.+ (ඇත්තටම හැම මනුස්සයෙක්ගෙම හිතේ තියෙන දේ දන්නේ ඔබ විතරයි.)+ 40 එතකොට එයාලා අපේ මුතුන්මිත්තන්ට ඔබ දීපු මේ දේශයේ ජීවත් වෙන හැම දවසකදීම ඔබ ගැන ලොකු ගෞරවයක්, බයක් ඇතුව ජීවත් වෙයි.
41 “ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට අයිති නැති විදේශිකයෙක් ඔබේ නම* ගැන අහලා ඈත දේශයක ඉඳන් ඇවිත්+ 42 මේ ගෘහය දිහාවට හැරිලා යාච්ඤා කරන්න පුළුවන්. (මොකද ඔබේ ශ්‍රේෂ්ඨ නම ගැනයි,+ ඔබ ඔබේ මහත් බලය හරිම පුදුම විදිහට පාවිච්චි කරලා කරපු දේවල් ගැනයි එයාලට අනිවාර්යයෙන්ම අහන්න ලැබෙයි.) 43 එයාගේ ඒ යාච්ඤාවට ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ+ ඉඳන් ඇහුම්කන් දීලා එයා ඉල්ලන හැම දෙයක්ම ඉටු කරලා දෙන්න කියලා ඔබෙන් ඉල්ලනවා. එතකොට ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු වගේ පොළොවේ ඉන්න හැම කෙනෙක්මත් ඔබේ නම දැනගෙන, ඔබ ගැන ගරුබියක් ඇතුව ජීවත් වෙයි.+ ඒ වගේම මං හදපු මේ ගෘහය ඔබේ නමට ගෞරවයක් ගේනවා කියලත් එයාලා දැනගනියි.
44 “සතුරන්ට විරුද්ධව යුද්ධ කරන්න ඔබ ඔබේ සෙනඟව යවන ඕනෙම තැනක ඉඳලා+ එයාලා ඔබ තෝරගත්ත නුවර+ පැත්තට හැරිලා යාච්ඤා කරයි.+ යෙහෝවා දෙවියනි, ඔබේ නමට ගෞරවයක් ගේන්න මං හදපු මේ ගෘහය දිහාවට හැරිලා එයාලා ඔබට යාච්ඤා කළොත්+ 45 ස්වර්ගයේ ඉඳන් එයාලට ඇහුම්කන් දෙන්න. එයාලාගේ යාච්ඤාවලටත් කන්නලව්වලටත් සවන් දීලා එයාලාගේ උදව්වට එන්න.
46 “ඔබේ සෙනඟ ඔබට විරුද්ධව වැරදි කරන්න ඉඩ තියෙනවා. (මොකද වැරදි කරන්නේ නැති කිසිම මනුස්සයෙක් නැහැ.)+ ඒ නිසා එයාලත් එක්ක ඔබට ගොඩක් කේන්ති ගිහින් සතුරන්ට එයාලව යටත් කරගන්න ඔබ ඉඩහරියි. ඒ සතුරන් එයාලව වහලුන් විදිහට ගොඩක් දුර තියෙන එහෙම නැත්නම් ළඟ තියෙන දේශයකට අරන් යයි.+ 47 එයාලා කරපු වැරදි ගැන ඒ දේශයේ ඉද්දී එයාලා තේරුම්ගන්න ඉඩ තියෙනවා.+ එතකොට එයාලා ආපහු ඔබ ළඟට ඇවිල්ලා+ ගොඩක් බැගෑපත් වෙලා+ මෙහෙම කන්නලව් කරයි. ‘අපි පව් කළා. අපි ඔයාට විරුද්ධව ගොඩක් වැරදි කළා. අපි වැඩ කළේ හරිම දුෂ්ට විදිහටයි.’+ 48 සතුරන්ගේ දේශයේ එයාලා වහලුන් විදිහට ඉද්දී එයාලා මුළු හදවතින්ම ඔබ ළඟට හැරිලා එයි.+ එහෙම කරන්න එයාලට පුළුවන් හැම දෙයක්ම* එයාලා කරයි. ඒ විදිහට එයාලා ආපහු ඔබ ළඟට ඇවිත් එයාලාගේ මුතුන්මිත්තන්ට ඔබ දුන්න දේශයේ ඔබ තෝරගත්ත නුවර දිහාවට හැරිලා, ඔබේ නමට ගෞරවයක් ගේන්න මං හදපු ගෘහය දිහාවට හැරිලා යාච්ඤා කළොත්+ 49 ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ ඉඳලා+ එයාලට ඇහුම්කන් දෙන්න. එයාලාගේ යාච්ඤාවලටත් කන්නලව්වලටත් සවන් දීලා එයාලට උදව් කරන්න. 50 ඔබේ සෙනඟ ඔබට විරුද්ධව කරපු වැරදිවලට සමාව දෙන්න. එයාලා කරපු හැම වැරැද්දකටම සමාව දෙන්න. එයාලට අනුකම්පාවෙන් සලකන්න එයාලව වහලුන් කරගත්ත අයගේ හිත් පොලඹවන්න. එතකොට ඒ අය ඔබේ සෙනඟට අනුකම්පා කරයි.+ 51 (මොකද එයාලා ඔබේ සෙනඟ. යකඩ උණු කරන උදුනකට සමාන+ වුණ ඊජිප්තුවෙන් ඔබ නිදහස් කරගෙන ආපු+ එයාලා ඔබේම උරුමයයි.)+ 52 අනේ, ඔබේ සේවකයා කන්නලව් කරද්දී අහක බලන්න එපා.+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු ඔබට කන්නලව් කරන හැම වෙලාවකම එයාලට ඇහුම්කන් දෙන්න.*+ 53 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, ඔබ එයාලව පොළොවේ සියලු ජාතීන්ගෙන් වෙන් කරලා ඔබේ උරුමය විදිහට තෝරගත්තා.+ ඔබ අපේ මුතුන්මිත්තන්ව ඊජිප්තුවෙන් නිදහස් කරගෙන එද්දී ඔබේ සේවකයා වුණ මෝසෙස් මාර්ගයෙන් කිව්ව විදිහටම ඒක කළා.”
54 සලමොන් රජ යෙහෝවා දෙවියන්ට කරපු යාච්ඤාවත් දයාව පෙන්නන්න කියලා කරපු කන්නලව්වත් ඉවර කළා. ඊටපස්සේ අත් දෙක උස්සගෙන යෙහෝවාගේ පූජාසනය ඉස්සරහා දණගහගෙන හිටපු සලමොන් රජ එතනින් නැඟිට්ටා.+ 55 ඊටපස්සේ එතන රැස් වෙලා හිටපු මුළු ඊශ්‍රායෙල් සෙනඟටම ඇහෙන විදිහට රජ එයාලට මෙහෙම ආශීර්වාද කළා. 56 “යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා වේවා! ඔහු පොරොන්දු වුණ විදිහටම ඔහුගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට කරදරයක් නැතුව, සමාදානයෙන් ජීවත් වෙන්න අවස්ථාව දුන්නා.+ ඔහු තමන්ගේ සේවකයා වුණ මෝසෙස් මාර්ගයෙන් දුන්න එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ. ඒ හැම එකක්ම ඔහු ඒ විදිහටම ඉටු කළා.+ 57 අපේ දෙවි වන යෙහෝවා අපේ මුතුන්මිත්තන් එක්ක හිටියා වගේ අපි එක්කත් ඉන්න+ කියලා මං ප්‍රාර්ථනා කරනවා! ඔහු කවදාවත් අපිව තනි කරන්නේ නැතුව අපි එක්කම ඉන්න කියලත් මං පතනවා!+ 58 ඔහු අපේ මුතුන්මිත්තන්ට දුන්න අණපනත් සහ තීන්දු පිළිපදින්නත් ඔහුගේ හැම මඟ පෙන්වීමක්ම ජීවිතේට අදාළ කරගන්නත් අපේ හිතේ ආසාවක් ඇති කරන්න*+ කියලත් මං දෙවියන්ගෙන් ඉල්ලනවා. 59 දයාව පෙන්නන්න කියලා මං යෙහෝවාට කරපු මේ කන්නලව්ව රෑ දවල් දෙකේම අපේ දෙවි වන යෙහෝවාගේ මතකයේ තිබේවා! ඔහුගේ සේවකයාටයි, ඔහුගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ටයි හැම දවසකම අවශ්‍ය උදව් ඔහුගෙන් ලැබෙන්න කියලා මං පතනවා! 60 එතකොට පොළොවේ ඉන්න හැම කෙනෙක්ම දැනගනියි යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන් කියලා.+ ඔහු ඇරෙන්න වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ කියලා.+ 61 ඔයාලා දැන් කරනවා වගේ දිගටම අපේ දෙවි වන යෙහෝවාගේ නියෝගවලට කීකරු වෙන්න. ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න. එහෙම කරලා ඔයාලා මුළු හදවතින්ම ඔහුට ළැදියි කියලා පෙන්නන්න.”+
62 ඊටපස්සේ රජයි, එයාත් එක්ක හිටපු ඊශ්‍රායෙල් සෙනඟ හැමෝමයි යෙහෝවා දෙවියන්ට ගොඩක් පූජා ඔප්පු කළා.+ 63 සලමොන් රජ ගවයන් විසිදෙදාහකුයි, බැටළුවන් එක්ලක්ෂ විසිදාහකුයි හවුල් පූජා+ විදිහට යෙහෝවාට ඔප්පු කළා. ඒ විදිහට රජයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟයි යෙහෝවාගේ ගෘහය නමස්කාර වැඩකටයුතු වෙනුවෙන් විවෘත කළා.+ 64 එදා ගොඩක් පූජා ඔප්පු කරපු නිසා සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහය ඉස්සරහා තිබුණ මළුවේ මැද කොටස ශුද්ධ තැනක් විදිහට වෙන් කළා. එහෙම කළේ දවන පූජා, ධාන්‍ය පූජා සහ හවුල් පූජාවල තෙල් කොටස්+ එතන ඔප්පු කරන්නයි. මොකද යෙහෝවා ඉස්සරහා තිබුණ තඹ පූජාසනය+ ඒ පූජා ඔප්පු කරන්න ප්‍රමාණවත් වුණේ නැහැ. 65 ඒ කාලේ සලමොන් රජ ඊශ්‍රායෙල් සෙනඟ එක්ක එකතු වෙලා ලොකු උත්සවයක් පැවැත්තුවා.+ ඒකට ලේබෝහමාත්* ඉඳන් ඊජිප්තු නිම්නය*+ වෙන කල් තිබුණ ප්‍රදේශවලින් විශාල සෙනඟක් ආවා. අපේ දෙවි වන යෙහෝවා ඉස්සරහා එයාලා මුලින්ම දවස් 7කුයි, ඊටපස්සේ තවත් දවස් 7කුයි ඒ කියන්නේ දවස් 14ක් පුරා ඒ උත්සවය පැවැත්තුවා. 66 ඊළඟ* දවසේ රජ සෙනඟව ගෙවල්වලට යැව්වා. එයාලා රජට ආශීර්වාද කරලා ගොඩක් සතුටින් එයාලාගේ ගෙවල්වලට ගියා. යෙහෝවා ඔහුගේ සේවකයා වුණ දාවිත් වෙනුවෙනුත් ඔහුගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු වෙනුවෙනුත් කරපු හැම යහපත් දෙයක් ගැනම එයාලා ගොඩක් සතුටු වුණා.+