ඔබට බයිබලය විශ්වාස කළ හැකි ද?
ඔබ බයිබලයක් අතට ගත්තොත්, එහි කාසියක් තිබෙනවා දැකීමට ඔබ අපේක්ෂා කරන්නෙහි ද? මෙම ඉපැරණි රිදී කාසිය ගැන කුමක් කිව හැකි ද?
බොහෝ අය සිතන්නේ, බයිබලය වනාහි අපූරු කතන්දර සහ පුදුම එළවන චරිත ඉදිරිපත් කරන ඉපැරණි පොතක් කියා ය. එහෙත්, නිවැරදි ඉතිහාසය බයිබලයේ වාර්තා වී තිබෙන බව ඔවුහු විශ්වාස නොකරති, එමනිසා එය දෙවියන් වහන්සේගේ වචනය බව ඔවුහු ප්‍රතික්ෂේප කරති. එනමුත් බයිබලයේ නිවැරදිභාවය පිළිබඳ ව ඇති තරම් සාක්ෂි තිබේ. මෙම (විශාල කොට දක්වා ඇති) කාසිය ඊට හොඳ උදාහරණයකි. මෙහි ලියා ඇති දෙයින් පැවසෙන්නේ කුමක් ද?
මෙම කාසිය සාදනු ලැබුවේ, තුර්කිය නමින් දැන් හැඳින්වෙන රටේ ගිනිකොන දෙසින් පිහිටි තාර්සස් නගරයේ ය. මෙම කාසිය නිපදවනු ලැබුවේ, පො.යු.පෙ. හතරවෙනි සියවසේ පර්සියානු ආණ්ඩුකාර මාසියුස්ගේ පාලන සමයේ දී ය. එය ඔහු ව “ගඟට එගොඩින්”, එනම් ඒප්රාත් ගඟට එගොඩින් පිහිටි ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා ලෙස හඳුන්වයි.
එහෙත් මෙම යෙදුම උනන්දුමත් එකක් වන්නේ මන්ද? මන්දයත් මෙම පදවි නාමය ම ඔබගේ බයිබලය තුළ ඔබට සොයා ගත හැකි වන හෙයිනි. පර්සියානු රජ දාරියුස් සහ තත්තෙනයි නම් ආණ්ඩුකාරවරයා අතර වූ ලිපි හුවමාරුව ගැන එස්රා 5:6–6:13 හි විස්තර කෙරේ. කාරණය වූයේ, යුදෙව්වන් තම දේවමාලිගාව යෙරුසලමේ නැවත ගොඩනැඟීම ය. එස්රා වූ කලී දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව දක්ෂ ලෙස පිටපත් කරන්නෙකු වූ අතර, ඔහු තමා ලියූ දේ ඉතා සියුම් ව නිවැරදි ලෙස ලියූ බවට ඔබට අපේක්ෂා කළ හැක. එස්රා 5:6 සහ එස්රා 6:13 හි ඔහු තත්තෙනයි ආණ්ඩුකාරවරයා ව “ගඟින් එගොඩ සිටි දිශාධිපති තැන” වශයෙන් නම් කළ බව ඔබ දකිනු ඇත.—නව අනුවාදය.
එස්රා ඒ ගැන ලියුවේ, මෙම කාසිය සැදීමට වසර 100කට පමණ පෙර පො.යු. 460 දී පමණ ය. ඇරත්, ඉපැරණි නිලධාරියෙකුගේ පදවි නාමය ඉතා සුළු තොරතුරක් බව ඇතමෙකුට හැඟී යන්නට පුළුවන. එහෙත් එවැනි ඉතා සුළු තොරතුරක දී පවා ඔබට බයිබල් ලේඛකයන් කෙරෙහි විශ්වාස කරන්නට හැකි නම්, ඔවුන් ලියූ තවත් දේවල් කෙරෙහි ඔබගේ නිසැකකම ඒ මගින් වැඩි කළ යුතු නොවේ ද?
මෙම කලාපයේ පළමු ලිපි දෙක තුළ, එවැනි නිසැකකමක් සඳහා අමතර හේතු ඔබට සොයා ගත හැකි ය.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Collection of Israel Dept. of Antiquities Exhibited & photographed Israel Museum