57වෙනි පාඩම
ඔයා අතින් බරපතළ වරදක් වුණොත් . . .
ඔයා යෙහෝවාට ගොඩක් ආදරේ නිසා ඔහුගේ හිතට දුකක් ගේන කිසිම දෙයක් නොකර ඉන්න ඔයා ලොකු උත්සාහයක් ගන්නවා. හැබැයි සමහර වෙලාවට ඔයා අතින් වැරදි වෙනවා. සමහර වැරදි බරපතළයි. (1 කොරින්ති 6:9, 10) ඔයා අතින් බරපතළ වරදක් වුණොත් යෙහෝවා ඔයාට ආදරේ කරන එක නවත්තයි කියලා හිතන්න එපා. සමාව දීලා ඔයාට උදව් කරන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා.
1. යෙහෝවාගෙන් සමාව ලබාගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?
කෙනෙක් අතින් බරපතළ වරදක් වුණාම එයාට යෙහෝවා ගැන ආදරයක් තියෙනවා නම් ඒ වරද ගැන එයාට ලොකු දුකක් දැනෙනවා. ඒත් යෙහෝවාගේ මේ පොරොන්දුව එයාට ලොකු සහනයක්. “ඔබ කරපු වැරදි රතට රතේ තිබුණත් ඒවා හිම වගේ සුදු වෙයි.” (යෙසායා 1:18) අපි අවංකව පසුතැවිලි වෙනවා නම් යෙහෝවා අපිට සමාව දෙනවා. අපි අතින් වුණ වරද ඔහු ආයේ කවදාවත් මතක් කරන්නේ නැහැ. කෙනෙක් අවංකව පසුතැවිලි වෙනවා නම් කරපු වරද ගැන එයා ගොඩක් දුක් වෙනවා. ඒ වරද කරන එක නතර කරලා සමාව ඉල්ලලා යෙහෝවාට කන්නලව් කරනවා. එතනින් නතර නොවී ඒ වරදට වැටෙන්න හේතු වුණ පුරුදු, සිතුවිලි සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න එයා මහන්සි වෙනවා. යෙහෝවාගේ උසස් ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න එයා උත්සාහ කරනවා.—යෙසායා 55:6, 7 කියවන්න.
2. වරදක් වුණ කෙනෙක්ට උදව් කරන්න යෙහෝවා වැඩිමහල්ලන්ව පාවිච්චි කරන්නේ කොහොමද?
අපි අතින් බරපතළ වරදක් වුණොත් යෙහෝවා අපිට කියනවා “සභාවේ ඉන්න වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න” කියලා. (යාකොබ් 5:14, 15 කියවන්න.) වැඩිමහල්ලන් යෙහෝවාටයි, ඔහුට සේවය කරන අයටයි ගොඩක් ආදරෙයි. යෙහෝවාත් එක්ක අපිට තිබුණ බැඳීම ආයේ ශක්තිමත් කරගන්න අපිට උදව් කරන්න එයාලට පුළුවන්. ඒක කරන විදිහ එයාලට කියලා දීලා තියෙනවා.—ගලාති 6:1.
අපි බරපතළ වරදක් කළොත් වැඩිමහල්ලන් උදව් කරන්නේ කොහොමද? වැඩිමහල්ලන් දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් අපිව හම්බ වෙලා බයිබලය පාවිච්චි කරලා අපි හිතන විදිහ හරිගස්සගන්න අපිට උදව් කරනවා. ආයේ ඒ වරදට වැටෙන්නේ නැතුව ඉන්න උදව් වෙන මඟ පෙන්වීමුත් එයාලා අපිට දෙනවා. කෙනෙක් එයා කරපු වරද ගැන පසුතැවිලි වෙන්නේ නැත්නම් එයාව සභාවෙන් ඉවත් කරන්න වැඩිමහල්ලන් තීරණය කරයි. එහෙම කරන්නේ එයාගේ නරක බලපෑමෙන් සභාව ආරක්ෂා කරගන්න.
තවත් හොයමු
අපි අතින් බරපතළ වරදක් වුණොත් යෙහෝවා අපිට උදව් කරන විදිහ තව හොඳින් තේරුම් අරන් ඒ ගැන තියෙන අගය වැඩි කරගන්න.
3. වරද ගැන කියන එක සුව වෙන්න උදව්වක්
අපි අතින් වරදක් වෙද්දී ඒ ගැන යෙහෝවාගේ හිතට දුකක් දැනෙනවා. ඒ නිසා අපි අතින් වරදක් වුණාම ඒ ගැන අපි ඔහුට කියන්න ඕනේ. ගීතාවලිය 32:1-5 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
අපි අතින් වුණ වරද හංගන්න උත්සාහ කරනවා වෙනුවට ඒ ගැන යෙහෝවාට කියන්න ඕනෙ ඇයි?
අපේ වරද ගැන යෙහෝවාට කියනවාට අමතරව ඒ ගැන වැඩිමහල්ලන්ට කියන එකෙන් අපිට සහනයක් ලැබෙනවා. වීඩියෝ එක බලලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
ආයෙත් යෙහෝවාට ළං වෙන්න වැඩිමහල්ලන් කැනන්ට උදව් කළේ කොහොමද?
වැඩිමහල්ලන් එක්ක කතා කරද්දී කිසිම දෙයක් හංගන්නේ නැතුව හැම දෙයක්ම අවංකව කියන්න ඕනේ. එයාලා ඉන්නේ අපිට උදව් කරන්න කියලා මතක තියාගන්න. යාකොබ් 5:16 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
කිසිම දෙයක් හංගන්නේ නැතුව කියනවා නම් අපිට තව හොඳින් උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?
4. වැරදි කරන අයට යෙහෝවා දයාව පෙන්නනවා
බරපතළ වරදක් කරපු කෙනෙක් යෙහෝවාගේ ප්‍රමිතිවලට කීකරු වෙන්න කැමති නැත්නම් එයාව සභාවෙන් ඉවත් කරනවා. අපි එහෙම කෙනෙක් එක්ක අනවශ්‍ය විදිහට කාලේ ගත කරන්නේ නැහැ. 1 කොරින්ති 5:6, 11 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
බරපතළ වරදක් කරලා පසුතැවිලි වෙන්නේ නැති කෙනෙක් එක්ක අනවශ්‍ය විදිහට කාලේ ගත කරන එක සභාවේ අයට අනතුරක් වෙන්නේ කොහොමද?
වැඩිමහල්ලනුත් යෙහෝවා වගේ සභාවෙන් ඉවත් කරපු අයට දයාව පෙන්නනවා. එයාලා ඒ අයව බලන්න ගිහින් යෙහෝවාට ආයෙත් ළං වෙන්න එයාලට උදව් කරනවා. ලැබුණු හික්මවීම නිසා එයාලට වේදනාවක් දැනුණත් වරදේ බරපතළකම තේරුම්ගන්න ඒක එයාලට උදව් වෙලා තියෙනවා. ඒ නිසා ඒ වගේ හුඟදෙනෙක් ආයෙත් සභාවට ඇවිත් තියෙනවා.—ගීතාවලිය 141:5.
යෙහෝවා වැරදි කරන අයට සලකන විදිහෙන් ඔහු දයාවන්ත, සාධාරණ, ආදරණීය කෙනෙක් කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?
5. පසුතැවිලි වෙන අයට යෙහෝවා සමාව දෙනවා
පසුතැවිලි වෙන කෙනෙක් ගැන යෙහෝවාට දැනෙන විදිහ අපිට තේරුම්ගන්න යේසුස් උපමාවක් කිව්වා. ලූක් 15:1-7 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
ඒකෙන් ඔයා යෙහෝවා ගැන තේරුම්ගත්තේ මොකක්ද?
එසකියෙල් 33:11 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
පසුතැවිලි වෙනවා නම් කෙනෙක් කරන්නේ මොනවාද?
සමහරු මෙහෙම කියනවා: “මං කරපු දේ ගැන වැඩිමහල්ලන්ට කිව්වොත් ඉතින් මාව සභාවෙන් අයින් කරයි.”
එහෙම කියන කෙනෙක්ට ඔයා මොනවාද කියන්නේ?
ඉගෙනගත්ත දේ
අපි අතින් බරපතළ වරදක් වුණත් ඒ ගැන පසුතැවිලි වෙලා, ඒක ආයේ කරන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා නම් යෙහෝවා අපිට සමාව දෙනවා.
ඔයා හිතන්නේ මොකක්ද?
අපි අතින් වුණ වැරදි ගැන යෙහෝවාට කියන්න ඕනෙ ඇයි?
සමාව ලබාගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?
අපි අතින් බරපතළ වරදක් වෙලා තියෙනවා නම් අපි වැඩිමහල්ලන්ගේ උදව් ගන්න ඕනෙ ඇයි?
තව දැනගන්න
යෙසායා 1:18 කියන විදිහට යෙහෝවාගේ දයාව කෙනෙක් අද්දැක්කේ කොහොමද කියලා බලන්න.
වැඩිමහල්ලන් බරපතළ වරදක් කරපු කෙනෙක්ට උදව් කරන්න වෑයම් කරන්නේ කොහොමද?
“වැඩිමහල්ලෙනි, වරදක් කරපු කෙනෙක්ට ආදරේ සහ දයාව පෙන්නන්න” (2024 අගෝස්තු ‘මුරටැඹ’)
පසුතැවිලි වෙන්නේ නැති වරදකරුවන්ට දයාව, ආදරේ පෙන්නන විදිහ බලන්න.
“ආයෙත් දෙවිට ළං වෙන්න මට ඕන වුණා” කියන ලිපිය කියවලා දෙවියන්ගෙන් ඈත් වුණ කෙනෙක්ට ආයේ ඔහුට ළං වෙන්න උදව් වුණේ මොනවාද කියලා දැනගන්න.