ඔබේ මැවුම්කරු—ඔහු කෙබඳු පුද්ගලයෙක්ද කියා ඉගෙනගන්න
“මම මාගේ සියලු ගුණවත්කම නුඹ ඉදිරිපිටින් යන්ට සලස්වා [යෙහෝවාගේ] නාමය නුඹ ඉදිරිපිට ප්‍රකාශකරන්නෙමි.”—නික්මයාම 33:19.
1. මැවුම්කරු ගෞරවය ලැබීමට වටින්නේ ඇයි?
බයිබලයේ අවසාන පොතේ ලේඛකයා වන ප්‍රේරිත යොහන් මැවුම්කරු සම්බන්ධයෙන් මෙම ගැඹුරු ප්‍රකාශය වාර්තා කළා: ‘අපගේ යෙහෝවා, අපගේ දෙවි, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැත්තාය. මක්නිසාද ඔබ සියලු දේ මැව්වේය, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවන ලද්දේය.’ (එළිදරව් 4:11) කලින් ලිපියේ සඳහන් කළ ආකාරයට, බොහෝවිට නූතන විද්‍යාවේ සොයාගැනීම්, සියලු දේවල මැවුම්කරු කෙරෙහි විශ්වාසය තැබීම සඳහා තිබෙන හේතුවලට තවත් දෑ එකතු කරනවා.
2, 3. (අ) මැවුම්කරු ගැන මනුෂ්‍යයන් කුමන දේවල් ඉගෙනගැනීම අවශ්‍යද? (ආ) මැවුම්කරුව පෞද්ගලික මට්ටමින් හමුවීමට සිතීම තර්කානුකූල නොවන්නේ මන්ද?
2 මැවුම්කරුගේ පැවැත්ම පිළිගැනීම වැදගත් වන්නා සේම ඔහු කෙබඳු පුද්ගලයෙක්ද කියන වග ඉගෙනගැනීම, එනම් අපව ඔහු වෙතට ආකර්ෂණය කරන පෞද්ගලිකත්වයක් සහ මාර්ගයන් ඇති සැබෑ පුද්ගලයෙක් වග ඉගෙනීමත් ඒ හා සමානවම වැදගත් වෙනවා. ඔබ මෙය කොතෙක් දුරකට කර තිබුණත්, ඔහු ගැන වඩාත් හොඳින් දැනගැනීම ප්‍රයෝජනවත් වන්නේ නැද්ද? ඒ සඳහා, අප වෙනත් මනුෂ්‍යයන්ව හමු වන්නාක් මෙන්, ඔහුව පෞද්ගලික මට්ටමින් හමුවීම අවශ්‍ය වන්නේ නැහැ.
3 තාරකාවල පවා උල්පත වන්නේ යෙහෝවායි. සූර්යයා කියන්නේ ඒ අතරින් නිකම්ම මධ්‍යම ප්‍රමාණයේ තරුවක් පමණයි. ඔබ භෞතිකව සූර්යයා වෙතට ළඟාවීමටවත් හිතනවාද? එසේ සිතීම අපහසුයි! බොහෝදෙනෙක් එදෙස යාන්තමින් බැලීම ගැන පවා, එසේත් නැතිනම් එයින් නික්මෙන ඉතා දැඩි හිරු කිරණවලට තම සම බොහෝ වේලාවක් නිරාවරණය කිරීම ගැන පවා පරෙස්සම් වෙනවා. එහි කේන්ද්‍රයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1,50,00,000ක් (ෆැරන්හයිටි අංශක 2,70,00,000ක්) පමණ වෙනවා. සෑම තත්පරයකදීම මෙම තාප න්‍යෂ්ටික උදුන පදාර්ථ ටොන් මිලියන ගණනක් ශක්තිය බවට පරිවර්තනය කරනවා. තාපය සහ ආලෝකය වශයෙන් පොළොවට පතිත වන්නේ එයින් අතලොස්සක් පමණක් වුණත්, එම ප්‍රමාණය මෙහි සිටින සෑම ජීවයක්ම පෝෂණය කිරීමට ප්‍රමාණවත්. මැවුම්කරුගේ ප්රතාපවත් බල මහිමය එම මූලික සත්‍යතාවන්ගෙන් අපට කාවැදිය යුතුයි. යෝග්‍ය ලෙස යෙසායාට, ‘[මැවුම්කරුගේ] බලයේ මහත්කම සහ ඔහුගේ ශක්තියේ බලවත්කම’ ගැන ලියන්න හැකි වුණා.—යෙසායා 40:26.
4. මෝසෙස් ඉල්ලා සිටියේ කුමක්ද? එමෙන්ම යෙහෝවා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
4 එනමුත් පො.යු.පෙ. 1513 ඉශ්රායෙල්වරුන් මිසරය අතහැර පැමිණීමෙන් මාස කීපයකට පසු මෝසෙස් මැවුම්කරුගෙන් මෙසේ අයැද සිටි බව ඔබ දන්නවාද? “අනේ ඔබගේ තේජස මට පෙන්නුව මැනව.” (නික්මයාම 33:18) සූර්යයාගේ පවා උල්පත දෙවි බව අප මනසේ තබාගත්තොත්, ඔහු මෝසෙස්ට මෙසේ පැවසීමට හේතුව ඔබට අවබෝධ කරගත හැකියි: “මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත්නොවන්නේය.” තමා “පසුකර” යන තුරු සීනයි කන්දේ උඩ යම් ස්ථානයක සැඟවී සිටීමට මැවුම්කරු මෝසෙස්ට ඉඩ දුන්නා. එවිට සංකේතාත්මක ලෙස මෝසෙස්ට දෙවිගේ “පිට” දිස් වුණා. එය හරියට මැවුම්කරුගේ තේජසේ හෝ පෙනුමේ යම් ආකාරයක පසු ආලෝකයක් මෙන් වුණා.—නික්මයාම 33:20-23, පාදසටහන; යොහන් 1:18.
5. මැවුම්කරු මෝසෙස්ගේ ඉල්ලීම ඉටු කළේ කිනම් ආකාරයෙන්ද? එමෙන්ම කුමක් ඔප්පු කරමින්ද?
5 මැවුම්කරුව වඩා හොඳින් හඳුනාගැනීමට තිබූ මෝසෙස්ගේ ආශාව සුන් වී ගියේ නැහැ. පැහැදිලිවම දෙවි මෝසෙස්ව පසු කර ගිය අතර, දේවදූතයෙක් තුළින් ඔහුට මෙසේ ප්‍රකාශ කළා: ‘යෙහෝවා අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවිකෙනෙක්ය. ඔහු දහස් ගණනකට කරුණාව පවත්වන්නේය. අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමා කරන්නේය. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරන්නේය.’ (නික්මයාම 34:6, 7) අපේ මැවුම්කරුව වඩා හොඳින් හඳුනාගැනීම යන්නට ඔහුගේ භෞතික ස්වරූපය දැකගැනීම ඇතුළත් නොවන නමුත්, ඔහු කෙබඳු පුද්ගලයෙක්ද යන වග සහ ඔහුගේ පෞද්ගලිකත්වය සහ ගති ලක්ෂණ වඩාත් පුළුල් ආකාරයකින් දැනගැනීම ඇතුළත් වන බව මෙය පෙන්වනවා.
6. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්චර්යවත් දෙයක් වන්නේ කෙසේද?
6 අපට එය කළ හැකි එක් මාර්ගයක් වන්නේ, ඔහු මවා ඇති දේවල් තුළින් දෙවිගේ ගුණාංග අවබෝධ කරගැනීමයි. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සැලකිල්ලට ගන්න. සයන්ටිෆික් අමෙරිකන් නමැති සඟරාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව පළ වූ කලාපයක මෙසේ සඳහන් වුණා: “උපතට පෙර සිට මරණය දක්වා ප්‍රතිශක්තිකරණ පද්ධතිය නොකඩවාම ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. විවිධාකාර වූ අණු සහ සෛල රැසක්, පරපෝෂිතයන්ගෙන් සහ රෝගකාරක විෂබීජවලින් අපව ආරක්ෂා කරනවා. මෙම ආරක්ෂකයන් නොමැතිව, මනුෂ්‍යයන්ට සුරක්ෂිතව ජීවත් වෙන්න බැහැ.” එම පද්ධතියේ ප්රභවය කුමක්ද? එම සඟරාවේ එක් ලිපියක් මෙසේ පැවසුවා: “ක්ෂුද්‍ර ජීවී සහ වෛරස් ආක්රමිකයන්ගෙන් ශරීරය ආරක්ෂා කරන දක්ෂ ලෙස එකිනෙකට සම්බන්ධ වන පුදුමාකාර සෛල රාශිය හටගන්නේ පිළිසිඳගැනීමෙන් සති නවයකට පමණ පසු පළමු වරට දිස් වෙන ආරම්භක සෛල කීපයකිනුයි.” ගර්භණි ස්ත්‍රියක් තම වර්ධනය වන භෲණයට ප්‍රතිශක්තිකරණය යම් ප්‍රමාණයක් සම්ප්‍රේෂණය කරනවා. පසුව ඇගේ මව් කිරි තුළින්, ඇය තම බිළිඳාට ප්‍රතිශක්තිකරණ සෛල සහ ප්‍රයෝජනවත් රසායනික ද්‍රව්‍යයනුත් සපයනවා.
7. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධයෙන් සලකා බැලිය හැක්කේ මොනවාද? එමෙන්ම එය මඟ පාදන්නේ කුමන නිගමනයකටද?
7 ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නූතන ඖෂධවලට සැපයිය හැකි ඕනෑම දෙයක් අභිභවා යන බව නිගමනය කිරීමට ඔබට හොඳ හේතු තිබෙනවා. එමනිසා ඔබෙන්ම මෙසේ අසාගන්න: ‘එහි ආරම්භකයා සහ සැපයුම්කරු සම්බන්ධයෙන් මෙය අඟවන්නේ කුමක්ද?’ ‘පිළිසිඳගැනීමෙන් සති නවයකට පමණ පසුව මුල් වරට ඇති වන,’ එමෙන්ම අලුත උපන් ළදරුවෙක්ව ආරක්ෂා කිරීමට සූදානම්ව සිටින මෙම පද්ධතිය, නිසැකවම ප්‍රඥාව සහ දූරදර්ශී නුවණ හුවා දක්වනවා. නමුත් මෙම පද්ධතියෙන් මැවුම්කරු ගැන අපට මීටත් වඩා දේවල් තේරුම්ගත හැකිද? නැති බැරි අයට වෛද්‍ය ප්‍රතිකාර දීමට තම ජීවිත කාලයම කැප කළ ඇල්බට් ෂ්වයිට්සර් සහ වෙනත් අය සම්බන්ධව අප වැඩිදෙනෙක් එළඹෙන නිගමනය කුමක්ද? එවැනි දයානුකම්පිත මානවහිතවාදීන් මහත්මා ගතිගුණවලින් යුත් අය කියා අප සාමාන්‍යයෙන් කියනවා. ඊට සමානව, දුප්පත් පොහොසත් දෙපිරිසටම එක වගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සපයන අපේ මැවුම්කරු ගැන අපට එළඹිය හැකි නිගමනය කුමක්ද? පැහැදිලිවම, ඔහු ප්‍රේමනීය, පැති නොගන්නා, දයානුකම්පිත සහ යුක්තිසහගත කෙනෙක් බවයි. මෙය මැවුම්කරු සම්බන්ධයෙන් මෝසෙස්ට අසන්න ලැබූ විස්තරයට සමාන වන්නේ නැද්ද?
තමා කෙබඳු කෙනෙක්ද යන වග ඔහු අනාවරණය කරයි
8. යෙහෝවා තමාව කිනම් විශේෂ ආකාරයකින් අපට හෙළි කරනවාද?
8 ඒත් අපේ මැවුම්කරුව වඩා හොඳින් හඳුනාගැනීමට තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ බයිබලය මාර්ගයෙන්. ඔහු ගැන විද්‍යාවට සහ විශ්වයට කොහෙත්ම අනාවරණය කළ නොහැකි දේවල් තිබෙන නිසා, මෙය විශේෂයෙන්ම වැදගත් වෙනවා. එමෙන්ම වෙනත් කාරණා අපට බයිබලය තුළින් වඩාත් පැහැදිලිව දැනගත හැකියි. ඉහත සඳහන් කළ දේට උදාහරණයක් වන්නේ මැවුම්කරුගේ පෞද්ගලික නාමයයි. මැවුම්කරුගේ නාමයත් එහි ඇති වැදගත්කමත් හෙළි කරන්නේ බයිබලය පමණයි. බයිබලයේ හෙබ්‍රෙව් අත් පිටපත්වල ඔහුගේ නාමය 7,000 වාරයක් පමණ සඳහන් වෙනවා. තවද එය, ය්හ්ව්හ් හෝ ජ්හ්ව්හ් ලෙස අක්ෂර පරිවර්තනයක් කළ හැකි ගාත්රාක්ෂර හතරක් ලෙස දක්වා ඇති අතර, එය පොදුවේ යෙහෝවා ලෙස සිංහල භාෂාවෙන් උච්චාරණය කරනු ලබනවා.—නික්මයාම 3:15; 6:3.
9. මැවුම්කරුගේ පෞද්ගලික නාමයෙන් අර්ථවත් වන්නේ කුමක්ද? එමෙන්ම අපට මෙයින් නිගමනය කළ හැක්කේ කුමක්ද?
9 අප මැවුම්කරුව වඩා හොඳින් දැනගැනීම සඳහා, ඔහු පැහැදිලි ස්වරූපයක් නැති “මුල් හේතුවක්” හෝ අපැහැදිලි “ස්වයම්භූ” කෙනෙක් හෝ නොවන බව අප නිවැරදිව තේරුම්ගැනීම අවශ්‍ය වෙනවා. ඔහුගේ පෞද්ගලික නාමයෙන් එය තේරුම්ගත හැකියි. එය “සලස්වනවා” හෝ “බවට පත්වීම”a යන අදහස ඇති හෙබ්‍රෙව් ක්‍රියා පදයෙහි ස්වරූපයක් වෙනවා. (සසඳන්න උත්පත්ති 27:29; දේශනාකාරයා 11:3, NW.) දෙවිගේ නාමයෙන් “ඔහු යමක් බවට පත් වන්නේය සහ සිදුවීමට සලස්වන්නේය” යන්න අදහස් කරන අතර, ඔහු අරමුණු කරන බව සහ ක්‍රියා කරන බව ඉන් අවධාරණය කරනවා. අප ඔහුගේ නම දැනගැනීමෙන් සහ භාවිත කිරීමෙන්, ඔහු පොරොන්දු ඉටු කරන බව සහ තම අරමුණ ක්‍රියාකාරි ලෙස යථාර්ථයකට ගෙනෙන බව අපට වඩා හොඳින් තේරුම්ගත හැකියි.
10. අපට උත්පත්ති වාර්තාවෙන් ලබාගත හැක්කේ කිනම් වැදගත් තීක්ෂ්ණ බුද්ධියක්ද?
10 දෙවිගේ අරමුණු සහ පෞද්ගලිකත්වය සම්බන්ධ දැනුමේ උල්පත වන්නේ බයිබලයයි. එක් කාලයකදී මනුෂ්‍යවර්ගයා දෙවිත් සමඟ සමාදානයෙන් සිටි බව සහ දීර්ඝ එමෙන්ම අර්ථවත් ජීවිතයක අපේක්ෂාව තිබූ බව උත්පත්ති වාර්තාව හෙළි කරනවා. (උත්පත්ති 1:28; 2:7-9) තම නමේ අර්ථයට එකඟව, මනුෂ්‍යයන් දිගු කලක් පුරා මුහුණ දී තිබෙන දුක් විඳීම් සහ කලකිරීම් යෙහෝවා අවසානයකට ගෙනෙන්න යන බව අපට ස්ථිර විය හැකියි. ඔහුගේ අරමුණ ඉටුවීම සම්බන්ධයෙන් අපට මෙසේ කියවීමට තිබෙනවා: “භෞතික ලෝකය අපේක්ෂා භංගත්වයට යටත් කරන ලද්දේ, එහි කැමැත්තෙන් නොව, නමුත් මැවුම්කරුගේ කැමැත්තෙනි. එසේ කිරීමෙන්, ඔහු මතුවට මිදීමේ බලාපොරොත්තුවක් දුන් අතර . . . දෙවිගේ දරුවන්ගේ මහිමාන්විත විමුක්තියේ පංගුකාරයන් වීමේ ප්‍රස්තාව සලසා දුන්නේය.”—රෝම 8:20, 21, ජේ. ඩබ්. සී. වොන්ඩ් රචිත, අලුත් ගිවිසුමේ හසුන්, ඉංග්‍රීසියෙන්.
11. අප බයිබල් වාර්තාවන් සලකා බැලිය යුත්තේ ඇයි? එමෙන්ම එවැනි වාර්තාවක විස්තර කවරේද?
11 පුරාණ ඉශ්‍රායෙලිතයන් සමඟ මැවුම්කරු කටයුතු කරන විට ඔහු ක්‍රියා කළ හා ප්‍රතික්‍රියා කළ ආකාරය එතුළින් අනාවරණය වන නිසාත්, අපේ මැවුම්කරුව වඩා හොඳින් හැඳිනගැනීමට අපට උපකාර කිරීමට බයිබලයට හැකියි. එලිෂා සහ සතුරු සිරියානුවන්ගේ යුධ හමුදා ප්‍රධානියා වන නාමන් සම්බන්ධ උදාහරණයක් සැලකිල්ලට ගන්න. ඔබ, 2 රාජාවලිය 5වන පරිච්ඡේදයේ මෙම වාර්තාව කියවන විටදී, ඉශ්රායෙලයේ සිටින එලිෂාගේ උපකාරයෙන් නාමන්ගේ ලාදුරු රෝගය සුවවීමට ඉඩ ඇති බව, අල්ලාගෙන ඇවිත් තිබුණු ඉශ්රායෙල් දැරියක් පැවසූ බව ඔබ දකිනවා. එලිෂා තම අත් විහිදා යම් ගුප්ත ප්‍රතිකර්මයක් කරයි යන බලාපොරොත්තුවෙන් නාමන් එහි ගියා. ඒ වෙනුවට එලිෂා සිරියානුවාට පැවසුවේ, යොර්දාන් ගඟෙන් නාන්න කියලයි. ඊට එකඟ වන ලෙස නාමන්ට ඒත්තුගැන්වීමට ඔහුගේ සේවකයන්ට සිදු වුණත්, නාමන් එසේ කළ විට ඔහු සුවය ලැබුවා. නාමන් වටිනා තෑගි පිරිනැමුවත් එලිෂා ඒවා ප්‍රතික්ෂේප කළා. පසුව එලිෂාගේ ආශ්‍රිතයෙක් හොරෙන් නාමන් වෙතට ගොස් බොරුවක් කියා වටිනා තෑගි සමහරක් ලබාගත්තා. ඔහුගේ වංකභාවය, ඔහු ලාදුරු රෝගයෙන් පහර ලැබීමට මඟ පෑදුවා. මෙය මනුෂ්‍යයන් පිළිබඳ චිත්තාකර්ෂණීය වාර්තාවන්ගෙන් එකක් වන අතර, එමගින් අපට බොහෝ දේ ඉගෙනගත හැකියි.
12. එලිෂා සහ නාමන්ගේ වාර්තාවෙන් මැවුම්කරු පිළිබඳ කුමන නිගමනයන්වලට අපට එළඹිය හැකිද?
12 අද බොහෝ සංස්කෘතීන්වල තිබෙන සම්මතයන්වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ව, විශ්වයේ උදාර මැවුම්කරු කුඩා දැරියකට අනුග්‍රහය දැක්වීමට තරම් යටහත් පහත් බව, වාර්තාව සිත්ගන්නාසුලු ආකාරයකින් පෙන්වනවා. ඒ වගේම මැවුම්කරු එක් වර්ගයකට හෝ ජාතියකට පමණක් අනුග්‍රහය නොදක්වන බවත් එයින් ඔප්පු වෙනවා. (ක්‍රියා 10:34, 35) කැපීපෙනෙන ආකාරයකින් අතීතයේ සහ වර්තමානයේ ඇතැම් “සුව කරන්නන්” අතරේ පොදු වූ රැවටිලි ක්‍රම භාවිත කිරීම මනුෂ්‍යයන්ගෙන් බලාපොරොත්තු වෙනවා වෙනුවට, මැවුම්කරු පුදුමාකාර ප්‍රඥාවක් විදහාපෙන්නුවා. ලාදුරු රෝගය සුව කරන්නේ කෙසේද කියා ඔහු දැන සිටියා. ඒ වගේම ඔහු වංචනික දේට සාර්ථක වීමට ඉඩ නොදී තීක්ෂ්ණ බුද්ධියත්, යුක්තියත් විදහාපෙන්නුවා. නැවත වරක්, යෙහෝවාගේ පෞද්ගලිකත්වය ගැන මෝසෙස්ට ඇසුණු දේට එය සමාන වන්නේ නැද්ද? එම බයිබල් වාර්තාව කෙටි වුණත් එතුළින් අපේ මැවුම්කරු මොන වගේ කෙනෙක්ද යන්න ගැන දැනගත හැකි දේ මොනතරම්ද!—ගීතාවලිය 33:5; 37:28.
13. බයිබල් වාර්තාවන්ගෙන් අපට වටිනා පාඩම් ලබාගත හැක්කේ කෙසේද කියා නිදර්ශනය කරන්න.
13 ඉශ්රායෙල්වරුන්ගේ කෘතඥතාවෙන් තොර ක්‍රියා සහ දෙවි දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් තිබෙන වෙනත් වාර්තාවලින් යෙහෝවා සැබවින්ම සැලකිල්ල දක්වන බව ඔප්පු වෙනවා. ඉශ්රායෙල්වරුන් නැවත නැවතත් ඔහුව පරීක්ෂා කරමින් ඔහුව දුකට හා වේදනාවට පත් කළ බව බයිබලය පවසනවා. (ගීතාවලිය 78:40, 41) එබැවින්, මැවුම්කරුට හැඟීම් තිබෙන අතර මිනිසුන් කරන දේවල් ගැන ඔහු සැලකිලිමත් වෙනවා. ප්‍රකට පුද්ගලයන් ගැන ලියා ඇති වාර්තාවලිනුත් බොහෝ දේ ඉගෙනගැනීමට පුළුවන්. ඉශ්රායෙල්හි රජ වීමට දාවිත්ව තෝරාගත් විට, දෙවි සාමුවෙල්ට මෙසේ පැවසුවා: ‘මනුෂ්‍යයා පිටාතර පෙනුම බලන්නේය. නුමුත් යෙහෝවා සිතේ [හෘදයේ, NW] ඇති දේ බලන්නේය.’ (1 සාමුවෙල් 16:7) ඔව්, නිකම්ම ඇසට පෙනෙන දේ නොව, මැවුම්කරු බලන්නේ අපේ ඇතුළාන්තයේ තිබෙන දෙයයි. මෙය මොනතරම් සහනයක්ද!
14. අප හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි කියවන විට, ප්‍රයෝජනවත් ලෙස අපට කුමක් කළ හැකිද?
14 බයිබලයේ පොත් තිස්නවයක් ලියනු ලැබුවේ යේසුගේ කාලයට ප්‍රථමයෙන් වන අතර, ඒවා කියවීම යෝග්‍යයි. මෙය, නිකම්ම බයිබල් වාර්තාවන් හෝ ඉතිහාසය ඉගෙනගැනීම සඳහා පමණක් සීමා විය යුතු නැහැ. අපේ මැවුම්කරු මොන වගේ කෙනෙක්ද කියා අපට ඇත්තටම ඉගෙනගැනීමට අවශ්‍ය නම් මෙම වාර්තාවන් ගැන අප මෙනෙහි කළ යුතුයි. එනම් ‘මෙම සිද්ධියෙන් ඔහුගේ පෞද්ගලිකත්වය ගැන හෙළි කරන්නේ මොකක්ද? මෙහි කැපීපෙනෙන්නේ ඔහුගේ මොන ගුණාංගද?’ ආදී ප්‍රශ්න ගැන අපට කල්පනා කළ හැකියි.b එසේ කිරීමෙන් වපර ඇහෙන් බලන්නන්ට පවා බයිබලය දිව්‍ය උල්පතකින් පැමිණි දෙයක් බව දැකීමට උපකාර කළ හැකි අතර, එමගින් එහි ප්‍රේමනීය කර්තෘව දැනගැනීම සඳහා ඔවුන්ට පදනමක් සැපයෙනවා.
මැවුම්කරුව දැනගැනීමට ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් අපට උපකාර කරයි
15. යේසුගේ ක්‍රියා සහ ඉගැන්වීම් උපදේශාත්මක විය යුත්තේ ඇයි?
15 මැවුම්කරුගේ පැවැත්ම සැක කරන හෝ දෙවි පිළිබඳ අපැහැදිලි මතයක් දරන අයට බයිබලය ගැන ඇත්තේ අල්ප දැනුමක් බව පිළිගත යුතුයි. මෝසෙස් මතෙව්ට කලින්ද පසුවද ජීවත් වුණේ කියා කියන්න බැරි, එමෙන්ම යේසුස්ගේ ක්‍රියා හෝ ඉගැන්වීම් ගැන කිසිවක් නොදන්නා පුද්ගලයන් ඔබට හමු වෙලා ඇති. එය ඉතාමත් කනගාටුදායක දෙයක්. මන්දයත් කෙනෙකුට මැවුම්කරු ගැන බොහෝ දේ උතුම් ගුරුවරයා වන යේසු තුළින් ඉගෙනගැනීමට හැකි නිසයි. දෙවි සමඟ කිට්ටු සම්බන්ධයක් පැවැත්වූ නිසා, අපේ මැවුම්කරු මොන වගේ කෙනෙක්ද කියා හෙළි කරන්න ඔහුට පුළුවන් වුණා. (යොහන් 1:18; 2 කොරින්ති 4:6; හෙබ්‍රෙව් 1:3) එමෙන්ම ඔහු එසේ කළා. ඇත්තවශයෙන්ම ඔහු වරක් මෙසේ පැවසුවා: “මා දුටු තැනැත්තේ [පියා] දුටුවේය.” —යොහන් 14:9.
16. සමරිතානු ස්ත්‍රියක් සම්බන්ධයෙන් යේසු කටයුතු කළ ආකාරයෙන් නිදර්ශනය කරන්නේ කුමක්ද?
16 මේ උදාහරණය සැලකිල්ලට ගන්න. යේසු බොහෝ දුර ගමන් කිරීමෙන් විඩාවට පත් වී සිටින අවස්ථාවක සිඛාර් නම් නුවර අසලදී සමරිතානු ස්ත්‍රියක් සමඟ ඔහු කතා කළා. ‘පියාණන්ට ආත්මයෙන්ද සැබෑකමින්ද නමස්කාර කිරීමේ’ අවශ්‍යතාව කේන්ද්‍ර කරගනිමින් ඔහු ගැඹුරු සත්‍යයන් බෙදාගත්තා. ඒ වකවානුවේ සිටි යුදෙව්වන් සමරිතානුවන් සමඟ ආශ්‍රය කළේ නැහැ. ඊට වෙනස්ව, එලිෂා සහ නාමන් සම්බන්ධ සිද්ධියෙන් පවා අප දැනගත් ආකාරයට, සියලු ජාතීන්ට අයත් අවංක පුරුෂයන්ව සහ ස්ත්‍රීන්ව පිළිගැනීමට ඇති යෙහෝවාගේ කැමැත්ත යේසු පිළිබිඹු කළා. අදදින දසත පැතිරුණු පටු ආගමික එදිරිවාදිකම් සඳහා යෙහෝවා අනුමැතිය නොපෙන්වන බව එයින් අපට නැවත සනාථ විය යුතුයි. යේසු ස්ත්‍රියකට ඉගැන්වීමට කැමැත්තෙන් සිටි බවත්, මේ සිද්ධියේදී ඇය අනියම් පුරුෂයෙකු සමඟ ජීවත් වෙමින් සිටි ස්ත්‍රියක්ය යන කාරණයත් අපට සැලකිල්ලට ගත හැකියි. ඇයව හෙළාදකිනවා වෙනුවට, යේසු ඇයට ගෞරවයෙන් සහ ඇත්තටම උපකාර කළ හැකි ආකාරයකින් සැලකුවා. ඉන්පසු අනිත් සමරිතානුවන් යේසුට ඇහුම්කන් දී මෙසේ නිගමනය කළා: “සැබෑවටම [මොහු] ලෝකයේ [ගැළවුම්කාරයා] බව දනිමු.”—යොහන් 4:1-30, 39-42; 1 රාජාවලිය 8:41-43; මතෙව් 9:10-13.
17. ලාසරුස්ගේ නැවත නැඟීටීමෙන් ගෙනහැර දැක්වෙන්නේ කුමන නිගමනයද?
17 යේසුගේ ක්‍රියා සහ ඉගැන්වීම් ගැන හොඳින් දැනුම ලබාගැනීම තුළින් අපට මැවුම්කරු ගැන ඉගෙනගත හැකි ආකාරය සම්බන්ධයෙන් තවත් උදාහරණයක් සලකා බලමු. යේසුගේ මිත්‍ර ලාසරුස් මියගිය විට ඇති වූ තත්වය ගැන ගැඹුරින් කල්පනා කර බලන්න. මියගිය අයව නැවත ජීවනයට ගෙන ඒමට ඇති තම බලය යේසු කලින් ඔප්පු කර තිබුණා. (ලූක් 7:11-17; 8:40-56) ඒත් ලාසරුස්ගේ සහෝදරිය වූ මරියා වැලපෙනවා දකිද්දී යේසු ප්‍රතික්‍රියා කළේ කොහොමද? යේසුස් ‘ආත්මයෙන් සුසුම්ලා කැලඹුණා.’ ඔහු උදාසීනව පැත්තකට වී සිටියා නොව, ඇත්තෙන්ම ඔහු ‘ඇඬුවා.’ (යොහන් 11:33-35) එමෙන්ම මෙය හුදු චිත්තවේගයන් ප්‍රකාශ කිරීමක් වුණේ නැහැ. යේසු ඒකාන්ත පියවරක් ගැනීමට පෙලඹුනා. ඔහු ලාසරුස්ව නැවත නැඟිටෙව්වා. මැවුම්කරුගේ හැඟීම් සහ ක්‍රියාවන් අගය කිරීමට මෙය ප්‍රේරිතයන්ට උපකාර කළේ කෙසේද කියා ඔබට සිතාගත හැකියි. එය අපටත් සෙසු අයටත් මැවුම්කරුගේ පෞද්ගලිකත්වය සහ මාර්ග තේරුම්ගැනීමට උපකාර කළ යුතුයි.
18. බයිබලය අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් මනුෂ්‍යයන්ට හැඟිය යුත්තේ කෙසේද?
18 බයිබලය ඉගෙනගැනීම සහ අපේ මැවුම්කරු ගැන වැඩි දුර දැනගැනීම සම්බන්ධයෙන් ලජ්ජා වීමට කිසිම හේතුවක් නැහැ. බයිබලය යල්පැන ගිය පොතක් නොවෙයි. එය අධ්‍යයනය කර, යේසුගේ කිට්ටු ආශ්‍රිතයෙක් බවට පත් වූ කෙනෙකි යොහන්. ඔහු පසුව මෙසේ ලිව්වා. “දෙවිගේ පුත්‍රයා පැමිණ අප සැබෑ වූ තැනැත්තාව ඇඳිනගන්නා පිණිස අපට ඥාන ශක්තිය දී තිබෙන බව අපි දනිමු. තවද අපි සැබෑ වූ තැනැත්තා තුළ, එනම් ඔහුගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සැබෑ වූ තැනැත්තා තුළ එක්සත්ව සිටිමු. සැබෑ වූ දෙවිද සදාකාල වූ ජීවනයද මොහුය.” (1 යොහන් 5:20, NW] “සැබෑ වූ තැනැත්තා” එනම් මැවුම්කරු ගැන දැනුම අත් කරගැනීමට “ඥාන ශක්තිය” යොදාගැනීම, ‘සදාකාල ජීවනයට’ මඟ පෑදිය හැකි බව සැලකිල්ලට ගත්තාද?
ඔහු ගැන ඉගෙනගැනීම සඳහා අනිත් අයට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද?
19. සැක කරන මනුෂ්‍යයන්ට උපකාර කිරීම සඳහා ගෙන ඇති පියවර කුමක්ද?
19 අප ගැන සැලකිල්ල දක්වන දයානුකම්පිත මැවුම්කරුවෙක් සිටින බව විශ්වාස කිරීම සඳහා සහ ඔහු කෙබඳු පුද්ගලයෙකුද යන වග අගය කිරීම සඳහා සමහර මනුෂ්‍යයන්ට බොහෝ සාක්ෂි අවශ්‍යයි. මැවුම්කරු ගැන සැක කරන හෝ ඔහු ගැන බයිබලයට අනුකූල නොවන මත දරන මිලියන ගණන් මනුෂ්‍යයන් සිටිනවා. ඔවුන්ට උපකාර කරන්න ඔබට හැක්කේ කෙසේද? වර්ෂ 1998/99 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සහ ජාත්‍යන්තර සමුළුවලදී බලපෑමෙන් යුත් අලුත් මෙවලමක් භාෂා බොහොමයකින් මුදාහරිනු ලැබුවා. ඒ, ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? (ඉංග්‍රීසියෙන්) යන පොතයි.
20, 21. (අ) මැවුම්කරු නමැති පොත සාර්ථක අයුරින් යොදාගත හැක්කේ කෙසේද? (ආ) දැනටමත් මැවුම්කරු නමැති පොත බලපෑමෙන් යුත් පොතක් බවට සනාථ කර තිබෙන අද්දැකීම් ගෙනහැර දක්වන්න.
20 එය අපේ මැවුම්කරු කෙරෙහි ඔබේ ඇදහිල්ලත් ඔහුගේ පෞද්ගලිකත්වය සහ මාර්ගයන් සඳහා ඔබේ අගයත් තව තවත් වැඩිවර්ධනය කරන්න යන ප්රකාශනයක්. එසේ නිසැක වන්නේ ඇයි? මන්ද ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත විශේෂයෙන්ම සකස් කර තිබෙන්නේ එවැනි ඉලක්ක මනසේ තබාගෙනයි. පොත පුරාම දිව යන පොදු තේමාව වන්නේ “ඔබේ ජීවිතයට අර්ථවත්බවක් එකතු කළ හැකි වන්නේ කුමකින්ද?” යන්නයි. මෙහි තොරතුරු ඉදිරිපත් කර තිබෙන්නේ යම් දුරකට අධ්‍යාපනයක් ලබා ඇති අයගේ පවා සිත්ගන්නා ආකාරයකිනුයි. කෙසේවෙතත්, අප සෑමදෙනා තුළම තිබෙන ගැඹුරු ආශාවන්වලට එය තදින්ම බලපානවා. මැවුම්කරුගේ පැවැත්ම ගැන සැක කරන පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා චිත්තාකර්ෂණීය මෙන්ම ඒත්තුගන්වනසුලු තොරතුරු එහි ගැබ්ව තිබෙනවා. පාඨකයාට මැවුම්කරුවෙක් කෙරෙහි විශ්වාසයක් තිබෙනවා කියා මේ පොත කලින්ම උපකල්පනය කරන්නේ නැහැ. ඉතා මෑතක කර ඇති විද්‍යාත්මක සොයාගැනීම් සහ සංකල්ප තුළින් මැවුම්කරුවෙකු කෙරෙහි සැක කරන අයව ආකර්ෂණය කරන්න යනවා. එවැනි කරුණු, දෙවි කෙරෙහි විශ්වාසයක් තිබෙන අයගේ පවා ඇදහිල්ල ශක්තිමත් කරන්න යනවා.
21 පාඨකයන්ට, වඩා හොඳින් දෙවිව හඳුනාගැනීමට උපකාර කරමින්, දෙවිගේ පෞද්ගලිකත්වයේ අංග ඉස්මතු වන ආකාරයට බයිබල් ඉතිහාසය ගැන මූලික අදහසක් එහි කොටස්වල ඉදිරිපත් කෙරෙන බව මේ අලුත් පොත අධ්‍යයනය කිරීමේදී දකින්න යනවා. එය දැනටමත් කියවා ඇති බොහෝදෙනෙක් ඔවුන් සම්බන්ධයෙන් මෙය සැබෑවක් වී තිබෙන්නේ කෙසේද කියා අදහස් දක්වා තිබෙනවා. (25-6 පිටුවල තිබෙන ඊළඟ ලිපිය බලන්න.) මේ පොතේ අඩංගු දෑ හොඳින් දැනගෙන, අනිත් අයට තම මැවුම්කරුවාව වඩා හොඳින් දැනගැනීමට උපකාර කිරීම සඳහා ඒවා යොදාගන්නා විට ඔබ සම්බන්ධයෙනුත් මෙය සැබෑවක් වේවා!
[පාදසටහන්වල]
a කතෝලික බයිබල් ත්රයිමාසිකයේ (ඉංග්‍රීසියෙන්) ප්‍රධාන කර්තෘව සිටියදී, ජේසු නිකායේ විශාරදයෙක් වන එම්. ජේ. ග්රන්ට්හේන, එම ක්‍රියා පදයට නෑකම් කියන ක්‍රියා පදය සම්බන්ධයෙන් කළ පැහැදිලි කිරීමම එයටද අදාළ කළා. එය “කිසිවිටකත් අපැහැදිලි පැවැත්මක් වැනි සංකල්පයක් පිළිබිඹු නොකරන අතර, එයින්, වීම හෝ බවට පත්වීම සැමවිටම පිළිබිඹු කරන්නේ, පැහැදිලි, එනම් නිශ්චිත පැවැත්මක්” ලෙසයි කියා ඔහු පැහැදිලි කළා.
b දෙමාපියන් තම දරුවන්ට බයිබල් වාර්තාවන් පැහැදිලි කරන විට, එවැනි ප්‍රශ්න ඇසීම තුළින් තම දරුවන්ට උපකාර කිරීමට ඔවුන්ට හැකියි. එවිට යෞවනයන් ඔහුගේ වචනය මත මෙනෙහි කිරීමට ඉගෙනගන්නවා වගේම දෙවිව හොඳින් දැනහඳුනා ගැනීමටත් ඔවුන්ට හැකි වෙනවා.
ඔබ සැලකිල්ලට ගත්තාද?
◻මෝසෙස් සීනයි කන්දේදී යෙහෝවාව වඩා හොඳින් හඳුනාගත්තේ කෙසේද?
◻දෙවි කෙබඳු පුද්ගලයෙකුද යන වග දැනගැනීමට බයිබලය අධ්‍යයනය කිරීම උපකාරයක් වන්නේ කෙසේද?
◻අප බයිබලය කියවන විට, අපේ මැවුම්කරුට වඩාත් කිට්ටු වීම සඳහා අපට කුමක් කළ හැකිද?
◻මැවුම්කරු නමැති පොත භාවිත කිරීමට ඔබ සැලසුම් කරන්නේ කිනම් ආකාරයෙන්ද?
[20වන පිටුවේ පින්තූරය]
මැවුම්කරු පිළිබඳව අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඟවන්නේ කුමක්ද?
[21වන පිටුවේ පින්තූරය]
ටෙට්‍රාග්‍රැමටනය (හෙබ්‍රෙව් භාෂාවෙන් දෙවිගේ නම) සමඟ මළ මුහුදේ ලියවිලිවල කොටසක්
[හිමිකම් විස්තර]
The Shrine of the Book, Israel Museum, Jerusalem අනුග්රහයෙනි
[23වන පිටුවේ පින්තූරය]
මරියාගේ වැලපීමට යේසුස් දැක්වූ ප්‍රතිචාරයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?