-
‘මළාහු නැඟිටුවනු ලබන්නෝය’1998 මුරටැඹ | ජූලි 1
-
-
7. (අ) පාවුල් අවධානය දුන්නේ මොන ප්‍රධාන ප්‍රශ්නයටද? (ආ) නැවත-නැඟිටුවනු ලැබූ යේසුව දුටුවේ කවුද?
7 පළමුවන කොරින්ති 15වන පරිච්ඡේදයෙහි මුල් පද දෙකේදී, පාවුල් තම සාකච්ඡාවේ තේමාව ඉදිරිපත් කරයි: “සහෝදරයෙනි, මම නුඹලාට දේශනාකළාවූ, නුඹලා පිළිගත්තාවූ, නුඹලා පිහිටා සිටින්නාවූ, නුඹලා ගැළවීමට පැමිණෙවුවාවූ ශුභාරංචිය නුඹලාට දන්වමි. . . . නැත්නම් නුඹලා නිෂ්ඵලලෙස ඇදහුවහුය.” ශුභාරංචියෙහි ස්ථිරව පිහිටා සිටීමට කොරින්තිවරුන් අපොහොසත් වුණොත්, ඔවුන් සත්‍යය නිෂ්ඵල ලෙසයි පිළිගෙන තිබෙන්නේ. පාවුල් තවදුරටත් මෙසේ පැවසුවා: ‘මාත් ලබාගත් දේ සියල්ලට පළමුවෙන් නුඹලාට භාරදුනිමි, එනම්, ලියවිලිවල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස් මැරුණු බවත්, ඔහු තැන්පත්කරනු ලැබූ බවත්, ලියවිලිවල ප්‍රකාරයට තුන්වනදා ඔහු නැගුටුවනු ලැබූ බවත්, කේපස්ටද පසුව දොළොස්දෙනාටද පෙනුණු බවත්ය. ඉන්පසු ඔහු එකවිටම පන්සියයකට වඩා සහෝදරයන්ට පෙනුණේය. ඔවුන්ගෙන් වැඩිදෙනා මේ දක්වා සිටිති, සමහරු සැතපුණෝය. ඉන්පසු ඔහු යාකොබ්ටද පසුව සියලු ප්‍රේරිතයන්ටද පෙනුණේය. සියල්ලන්ට පසු, අකලට උපන් තැනැත්තෙක් වැනි වූ මටත් ඔහු පෙනුණේය.’—1 කොරින්ති 15:3-8.
-
-
‘මළාහු නැඟිටුවනු ලබන්නෝය’1998 මුරටැඹ | ජූලි 1
-
-
9 එමෙන්ම ක්‍රිස්තුස් වඩාත් විශාල කණ්ඩායමකට, “පන්සියයකට වඩා සහෝදරයන්ට” පෙනුණා. අනුගාමිකයන් එතරම් විශාල සංඛ්‍යාවක් ඔහුට සිටියේ ගලීලයෙහි පමණක් බැවින්, මෙය සිදු වන්න ඇත්තේ මතෙව් 28:16-20හි විස්තර කර ඇති ගෝලයන් සෑදීමේ ආඥාව යේසු දුන් අවස්ථාවේදී විය හැකියි. එම පුද්ගලයන්ට දෙන්න පුළුවන් වූයේ මොනතරම් බලසම්පන්න සාක්ෂියක්ද! පාවුල් කොරින්තිවරුන්ට මෙම පළමුවන ලිපිය රචනා කළ පො.යු. 55දී සමහරදෙනෙක් ඒ වන විටත් ජීවතුන් අතර සිටියා. කෙසේවෙතත්, මියගිය අයව ‘සැතපුණු’ අය හැටියට යොමු දැක්වූ බව සැලකිල්ලට ගන්න. තම ස්වර්ගික තිළිණය ලබාගැනීමට ඔවුන්ව ඒ වන විටත් නැවත-නැඟිටුවා තිබුණේ නැහැ.
-