-
යේසුස්ගේ නැවත නැඟිටීම ඇත්තක්ද?2013 මුරටැඹ | මාර්තු 1
-
-
කොරින්ති සභාවේ සිටි සමහර ක්‍රිස්තියානීන්ට නැවත නැඟිටීම ගැන පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. තවත් සමහරු ඒ වගේ දෙයක් ඇත්තටම වෙයි කියා විශ්වාස කළෙත් නැහැ. ඒ නිසා නැවත නැඟිටීම ඇත්තක් බව තහවුරු කරන්න පාවුල් මෙවැනි තර්කයක් ඉදිරිපත් කළා. “ඇත්තෙන්ම මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවනු ලැබුවේද නැත. ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවනු ලැබුවේ නැත්නම් අප කරන දේශනා සේවයෙන් කිසිදු පලක් නැත. අපගේ විශ්වාසයෙන්ද කිසි පලක් නැත. . . . එසේනම් දෙවි ඔහුව මරණයෙන් නැඟිටුවා ඇති බවට අප දරන සාක්ෂියත් දෙවිට විරුද්ධව කරන බොරු සාක්ෂියක් බවට පත් වේ. . . . ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවා නැත්නම් ඔබ තුළ තිබෙන විශ්වාසයෙහි කිසි පලක් නැති අතර ඔබ තවමත් සිටින්නේ ඔබේ පාපවලට සමාවක් ලබා නොගෙනය. එසේනම් ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටි අය අතරින් මිය ගිය අය සදහටම අපගෙන් වෙන් වී ඇත.”—1 කොරින්ති 15:13-18.
“තවත් අවස්ථාවක ඔහු සහෝදරයන් පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ පෙනී සිටියේය. . . . ඔහු යාකොබ් ඉදිරියේද පසුව ඔහුගේ සියලු නියෝජිතයන් ඉදිරියේද පෙනී සිටියේය. අවසන් වශයෙන් ඔහු පෙනී සිටියේ මා ඉදිරියෙහිය.”—1 කොරින්ති 15:6-8
-
-
යේසුස්ගේ නැවත නැඟිටීම ඇත්තක්ද?2013 මුරටැඹ | මාර්තු 1
-
-
ඒ විතරක් නෙමෙයි යේසුස්ව නැවත නැඟිටුවා නැත්නම් පාවුල් හා අනිකුත් ක්‍රිස්තියානීන් ඒ ගැන දැරූ සාක්ෂිය අමූලික බොරුවක් වෙනවා. ඒ වගේම එම නැවත නැඟිටවීම සිදු කළේ දෙවියි කියා පැවසීමෙන් ඔවුන් දෙවි ගැන පැවසූ දේත් බොරු වෙනවා. එසේ වුණා නම් එය දෙවිට විරුද්ධව දුන් බොරු සාක්ෂියක්. දෙවියන් යේසුස්ව මරණයෙන් නැවත නැඟිටුවා නැත්නම් මිනිසුන්ට කිසිදා පාපයෙන් නිදහස් වීමට හැකි වෙන්නේ නැහැ. මොකද යේසුස්ටම මරණයෙන් නිදහස් වීමට නොහැකි වුණා නම් ඔහු අනික් අයව පාපයෙන් හා මරණයෙන් නිදහස් කරන්නේ කොහොමද? එසේනම් ‘ක්‍රිස්තුස් අපව පාපයෙන් නිදහස් කිරීමට මිය ගියා’ කියා පැවසිය නොහැකියි. (1 කොරින්ති 15:3) ඒ වගේම ඉන් අදහස් වෙන්නේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඇතුව මිය ගිය අය මිය ගිහින් තිබෙන්නේ නිෂ්ඵල බලාපොරොත්තුවක් ඇතුව බවයි.
-