“ඔබ දරන වෙහෙස නිෂ්ඵල වන්නේ නැත”
1 මොනතරම් දිරිගන්වනසුලු වචනද! යෙහෝවාගේ සේවයෙහි ඔබ වෙහෙස මහන්සි වී කරන දේවල් නිෂ්ඵල වෙන්නේ නැහැ. (1 කොරි. 15:58, NW) එහෙත් මීට වෙනස්ව, සමාජයේ උසස් තැනක් අත් කරගැනීම හෝ තමන්ගේ මූල්‍යමය ශක්තිය තර කරගැනීම පෙරදැරි කරගෙන දිගු කාලයක් වෙහෙස මහන්සි වෙමින් දැඩි පරිශ්‍රමයක් දරන මිනිසුන් ගැන සිතා බලන්න. ඔවුන් ද්‍රව්‍යමය සැප සම්පත් ලබාගැනීමේ අරමුණින් අවුරුදු ගණනාවක් උසස් අධ්‍යාපනය හැදෑරිය හැකියි. නැත්නම් මුළු කාලයම රැකියාවට කැප කළ හැකියි. එහෙත් “කාලයත් හදිසි කාරණාත්” නිසා ඔවුන් සොයමින් සිටින උසස් තත්වය කවදාවත් අත් කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වූ විදිහට ද්‍රව්‍යමය දේවල් ලබාගන්න නොහැකි වීම නිසා, ඔවුන් අපේක්ෂාභංගත්වයට පත් විය හැකියි. ඔවුන්ගේ වෑයම් ‘සුළං රොදක් ඇල්ලීමට දරන වෑයමක්’ වැනියි. (දේශ. 1:14, නව අනුවාදය; 9:11) එහෙමනම්, කල්පවතින ප්‍රයෝජන ගෙන දෙන, කවදාවත්ම නිෂ්ඵල වෙන්නේ නැති වැඩක, අපිට බොහෝ දේවල් කරන්න තිබීම මොනතරම් වැදගත් දෙයක් ලෙස අපි සැලකිය යුතුද!
2 වැදගත්ම වැඩය: පොළොව මත කෙරෙන වැදගත්ම වැඩය දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමයි. මෙය මිනිසුන් සවන් දුන්නත් නැතත් කළ යුතු වැඩක්. පාවුල් පැවසූ මේ වදන් අපිටත් පවසන්න හැකි විය යුතුයි. “මම සියල්ලන්ගේ ලෙයින් නිදොස්වෙමි. . . . මක්නිසාද [දෙවිගේ] මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.”—ක්‍රියා 20:26, 27.
3 මිනිසුන් රාජ්‍යයේ පණිවිඩයට සවන් දී යහපත් ප්‍රතිචාරයක් දක්වන විට මොනතරම් ප්‍රීතියක් අපි තුළ ඇති වෙනවාද! එක් තරුණියකගේ නැන්දා කෙනෙක් මියගියා. තමාගේ නැන්දා ස්වර්ගයට ගියාද නැත්නම් නිරයට ගියාද කියා ඇය කල්පනා කළා. ඇගේ සහෝදරිය ඇයට උගන්වා තිබුණු විදිහට යෙහෝවා යන දෙවිගේ නම පාවිච්චි කරමින් ඇය උපකාරය ඉල්ලා යාච්ඤා කළා. වැඩි කල් යන්න මත්තෙන් ඇය බයිබලය පාඩම් කරන්න පටන්ගෙන රැස්වීම්වලට එන්න පටන්ගත්තා. මේ නිසා ජීවිතය පිළිබඳව අලුත් බලාපොරොත්තු ඇය තුළ ඇති වුණා. වීදිවල සැරිසරන කල්ලි සමහරක් සමඟ තිබුණු සම්බන්ධකම්ද ඇය නතර කර දැම්මා. මේ තරුණිය දුම්බීම, මත්ද්‍රව්‍ය ගැනීම හා සොරකම් කිරීමද නතර කළා. ඈ මෙසේ පවසනවා. “මේ තරම් නරක ජීවිතයකින් මට මිදෙන්න පුළුවන් වුණේ යෙහෝවාට තිබෙන ප්‍රේමය නිසයි. සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව මට දෙන්න පුළුවන් වුණේ දයාවෙන් පිරිච්ච යෙහෝවාට විතරයි.” ඈ තවදුරටත් නිෂ්ඵල දේවල් සඳහා කාලය වැය කරන්නේ නැහැ.
4 මිනිසුන් සවන් දීම ප්‍රතික්ෂේප කළත්, ඔබ යම් වටිනා දෙයක් ඉටු කරගනිමිනුයි සිටින්නේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන් ළඟට ආවා කියා ඔවුන් දන්නවා. ඒ විතරක් නොවෙයි ඔබේ පක්ෂපාතකම, ඇදහිල්ල හා ප්‍රේමය එයින් වඩ වඩා තහවුරු වෙනවා. එහෙමනම්, ස්වාමීන්ගේ වැඩය සඳහා ඔබ දරන වෙහෙස නිෂ්ඵල වෙයිද? කවදාවත්ම නැහැ!